Sunday, April 20, 2014

හාඩ් ඩිස්ක් වෙනුවට කැසට් ටේප්

අද තිබෙන්නේ දිනෙන් දිනම වේගයෙන් නොයෙක් ඩිජිටල් දත්ත ගොඩගැසෙන ලෝකයකි. ෆේස්බුක් සේවයට සම්බන්ධ කෝටි සියයකට වැඩි පිරිස නිතිපතා සිය තොරතුරු අප්ඩේට් කරන විට ගොඩ ගැසෙන තොරතුරු කන්දරාව සුළුපටු නැත. Youtube සේවයට සෑම විනාඩියකටම පැය 72ක කාලයක් පුරා ධාවනය විය හැකි තරම් වීඩියෝ එක් කෙරේ. මෙම සියළු දත්ත රැදවෙන්නේ සර්වර් පරිගණක වල ඇති Hard Disk Drive තුලය.

Hard Disk වල මෙසේ තොරතුරු රැදවීම නිසා Hard Disk වැඩි වශයෙන් රැස්වෙනවා විතරක් නොව අධික බලශක්තියක් ද වැයවේ. මේ සියල්ල අඩු කිරීම සදහා දැන් නව ක්‍රමයක් සොයාගෙන ඇත. ඵනම් කැසට් ටේප්වල තොරතුරු රැදවීමටය. 


බේරියම් ෆෙරයිට් ලවන අංශු වලින් පිරියම් කරන ලද චුම්බක බලැති ටේප් එකක දත්ත කන්දරාවක් රදවන්නට එවුන් සමත්ව ඇතැයි New Scientist සගරාව වාර්තා කර ඇත. ඒ අනුව සෙන්ටි මීටර් දෙකක් පළලැති, සෙන්ටි මීටර් 10ක් දිගැති පටියක ටෙරාබයිට් 35 (35 TB) ක හෙවක් ගිගාබයිට් 35000 (35000 GB) ක දත්ත ප්‍රමාණයක් රදවන්නට පර්යේෂකයෝ සමත්ව සිටිති. මේ තොරතුරු ප්‍රමාණය, සාමාන්‍ය පොත් තුන් කෝටි පනස් ලක්ෂයක ඇති තොරතුරු ප්‍රමාණයට සමානය.

දැනට නිපදවා තිබෙන දත්ත රැදවිය හැකි චුම්භක පය සම්බන්ධව විසදිය යුතු අර්බුධයක්ද තිබේ. එනම් චුම්බක පටයක ඇති දත්ත ලබා ගන්නට ගත වෙන කාලය, Hard Drive එකකට වඩා වැඩි වීමය. එහෙත් පර්යේෂකයෝ ඒ ගැන සුභවාදීව සිතති. ඔවුන් පෙන්වා දෙන්නේ අසීරුම තැන ඔවුන් විසින් පෙන්වා දී ඇති බවයි. කෙසේ වෙතත් එම දත්ත ඉන් උකහා ගැනීමේ තාක්‍ෂණය තවදුරටත් දියුණු කිරීම එතරම් අපහසු නැති බව ඔවුන්ගේ අදහසයි.

3 comments:

ටේප් ක්‍රමය දැනට ගොඩක් සාර්ථක බැකප් වලට විතරයි. දැනට තියෙන Ultrium LTO-5 ටේප් එකකට
(3.5 TB ධාරිතාවය තියෙන) 700GB බැකප් වෙන්න පැය 4කටත් වැඩියෙන් යනවා. දත්ත කියවන වේගය වැඩි කොලොත් මොනවාහරි සාර්ථකත්වයක් තියෙයි. ජය...!

ඔයා කියන කථාව ඇත්ත. ටේප් ක්‍රමයේ තියෙන ලොකුම අඩුපාඩුව තමා copy වෙන speed එක සෑහෙන අඩුවීම. මේකෙ speed එක වැඩි කළොත් නම් ලොකු ජයක් තමා මේක. :)
ස්තූතියි !!

ඇයි අනිත් එක ඔවා පුස්කනවා

Comment එකක් දාන්න