ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Wednesday, January 25, 2012

Shutdown විධානය නවත්වමු!

මෙම ලිපියෙන් කියාදීමට සූදානම් වන්නේ පරිගණක වෙත් ලබා දුන් Shutdown විධානය නවත්වන ආකාරයි.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණකයක් Shutdown කිරීම, විශේෂ උපදෙස් මාලාවක් ක්‍රියාත්මක වීම මඟින් සම්පූර්ණය වන ක්‍රියාවලියකි. එනිසා හදිසියේම කලින් ලබා දුන් Shutdown විධානය නවතාලීමට නම් ඒ වන විටත් පරිගණකය තුල ක්‍රියාත්මක වෙමින් පවතින Shutdown වීමේ විධාන පෙල නවතා එය ආපස්සට පිහිටවිය යුතුය. මෙය කිරීම සඳහා විශේෂ විධානයක් අවශ්‍ය වන අතර ඒ අනුව ක්‍රියාත්මක වන විශේෂ අයිකනයක් ඩෙක්ස්ටොප් එක මතට ලබා ගත යුතුය. ඒ සඳහා මුලින්ම ඩෙක්ස්ටොප් එක මත Right Click කරන්න. දැන් ලබෙන මෙනුවේ New තුළින් Shortcut තෝරන්න. එවිට ලැබෙන Create Shortcut වින්ඩෝවේ Type the location of the item යන බොක්ස් එක ඉදිරියේ 
shutdown – a
 විධානය ලබා දෙන්න. දැන් Next විධානයේදී අයිකනය සඳහා සුදුසු නමක් ලබා දෙන්න. දැන් Finish විධානය ලබා දෙන්න. එවිට ඩෙක්ස්ටොප් එක මතට මෙම අයිකනය පැමිණේවි. පරිගණකය Shutdown වීම ආරම්භ වූ පසු එය නවතාදැමීමට අවශ්‍ය වුවහොත් මෙම අයිකනය Double click කරන්න එවිට විධානය නැවතී පරිගණකය ඔන් තත්වයේම පවතීවි.

Thursday, January 19, 2012

ජීමේල් සීඝ්‍රගාමී කරගන්නා අයුරු

නිදහස් ඉ-මේල් සේවයක් වන GMail පාවිච්චි කරන පුද්ගලයන් හට නිරන්තරයෙන්ම අත් විඳින්නට වන කරදරයක් වන්නේ මුල් පිටුව ඉක්මනින් විවෘත නොවීමයි. තමාගේ ගිණුමට ලොග් වීමට තැත් කිරීමේදී Loading...... හෝ “Oops... the system was unable to perform your operation. Please try again in a few seconds”. යනාදී වැකි පෙන්වයි. නැතිනම් හිස් පිටුවක් පෙන්වයි. දැන් ඉතින් එම දෝෂය ඉවත් වන තෙක් සිටිනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව බොහෝ දෙනාගේ මතයයි. නමුත් මෙහි දැක්වෙන්නේ එම දෝෂය මගහැර යාමට හැකි ඉඟි කිහිපයකි.

මෙහිදී පළමුවෙන්ම කල හැකි ඉතා සරල දෙයක් වන්නේ ජීමේල් ගිණුමේ ලෝඩිං ස්ක්‍රීනය පෙනෙන විටම
Ctrl හා F5 යතුරු දෙක එකවර එබීමයි. විට කිසිදු ප්‍රමාදයකින් තොරව ලෝඩිං ස්ක්‍රීනය මතුවනු ඇත.
නැතිනම් www.gmail.com ලෙස ටයිප් කර ජීමේල් ගිණුම ඉල්ලනු වෙනුවට https://mail.google.com/mail යනුවෙන් ටයිප් කර ඉල්ලීමෙන් මුල් ලිපිනයට වඩා වේගයෙන් ඉන්බොස් එක ලබා දේ.


එසේත් නැතිනම් ගිණුම සම්මත HTML ආකාරයෙන් විවෘත කරගැනීමට http://mail.google.com/mail/h
යන ලිපිනය වෙබ් බ්‍රවුසරය හරහා ඉල්ලන්න.දැන් ඉක්මනින් ජීමේල් මුල් පිටුව ලැබෙනු ඇත. අනතුරුව එහි ඇති ටූල් බාරය හරහා ගොස් සාමාන්‍ය ජීමේල් මුල් පිටුව ලබා ගත හැක.


ගූගල් සමාගම සපයන වෙළඳ දැන්වීම් හා වෙනත් දැන්වීම කිසිවක් නොමැතිව ජීමේල් ගිණුම වෙත පිවිසීම සඳහා http://m.gmail.com යන්න ටයිප් කරන්න. එය සත්‍ය වශය්න්ම ජීමේල් මොබයිල් සංස්කරණයයි(Gmail mobile Version). මෙය Opera Fire හා Fox වෙබ්බ්‍රවුසර් සඳහා හොඳින් වැඩ කරයි.

පරිගණකයේ දී ජීමේල් ගිණුම විවෘත විය යුත්තේ මොන වෙබ්බ්‍රවුසරයෙන් (Default browser) ද යන්න ගැන තොරතුරු ගිණුමේ සටහන් වෙයි. මේ සියල්ලම මගහැර ගිණුම විවෘත කරගැනීමට http://mail.google.com/gmail?nochek-browser ජීමේල් ගිණුම විවෘත කරන්න.


මෙම සියලු ක්‍රම අසාර්ථක වූයේනම් www.google.com/ig වෙත ගොස් එහි ඇති උපදෙස් අනුව ක්‍රියා කර පහසුවෙන් ගිණුම වේගවත් කරගන්න.

Wednesday, January 18, 2012

විකිපීඩියා ඉංග්‍රීසි විශ්වකෝෂය පැය 24ක් වසා දැමේ. ගූගල් සමාගම ද විරෝධයට එක්වෙයි.

 ජනවාරි 18 දින UTC වේලාවෙන් 05:00: එනම් ශ්‍රී ලංකා වේලාවෙන් 11:00 ට පමණ ඉංග්‍රීසි විකීපීඩියා සංස්කරණය තාවකාලිකව අත්හිටුවීමට එහි පරිපාලකයන් තීරණයකරති. ඇමරිකානු නියෝජිත මධ්‍ය මණ්ඩලය(එනම් පාර්ලිමේන්තුව) විසින් සම්මත කිරීමට යෝජනා කරනු ලැබ ඇති SOPA(Stop Online Piracy Act) පනතට හා එම සෙනේට් මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති PIPA(PROTECT IP Act) පනතට විරෝධය පළකිරීම මෙහි අරමුණවී ඇත. බුද්ධිමය හිමිකම් පිළිබඳ නීතිමය පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමට  මෙම පනත් ඉදිරිපත් කර ඇත නමුත් එහි අඩංගු කරුණු හා බලතල මගින් අන්තර්ජාලයේ  නිදහස් බවට හා විවෘත බවට දැඩි සම්බාධක පැනවෙන බැවින් Wikipedia වැනි නිදහස් හා විවෘත සේවාවන් විශාල වශයෙන් අඩපණ වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉංග්‍රීසි විකිපීඩියාව මෙවැනි විරෝධතාවකට එළඹෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. මෙය ඉතා සුළුවෙන් ගත් තීරණයක් නොවන බවත් මෙසේ කිරීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවත් විකිපීඩියාව දැනුම් දී තිබේ. මෙම විරෝධතාව ඇමරිකාවට පමණක් බලපවත් වන අයුරින් පවැත්වීමට යෝජනා වී තිබුණ ද පසුව මහජන ප්‍රතිචාර හමුවේ මුලු ලෝකයටම බලපවත් වන අයුරින් ඉංග්‍රීසි විශ්වකෝශය පමණක් වසා දැමීමට තීරණය කර ඇත. ඇමරිකාව ආදර්ශයට ගනිමින් වෙනත් රටවල ද මෙවැනි පනත් ඉදිරිපත්වීම වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ගයට එළඹී බව විකිපීඩියාව දන්වා සිටී.

SOPA හා PIPA පනත් මගින් හිමිකම් ඇවිරුණු(copyrighted) බුද්ධිමය දේපල නීතිවිරෝධීව(අයිතිකරුගෙන් අවසර නොමැතිව) බාගතකිරීමට(download), ප්‍රදර්ශනය කිරීමට ඉඩදෙන වෙබ් සේවාවන් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට ඇමරිකානු රජයට නීතිමය බලතල හිමිවේ.

2001 ජනවාරි 15 දින ආරම්භ වූ විකිපීඩියා සේවය  11වන සංවත්සරය සැමරුවේ පසුගිය 15වන දායි. ලාභ-ප්‍රයෝජන නොතකා මහජන සේවය අරමුණු කරගත් සේවයක් ලෙස පවත්වාගෙන ආ විකිපීඩියාව දැනට ලොව ඇති හොඳම සහ නිවැරදිම විශ්වකෝෂයයි. මහජනයා විසින්ම මහජනයා උදෙසා පවත්වාගෙන යන මෙවැනි සේවා වලට එරෙහිව SOPA සහ PIPA පනත් මගින් දැඩි බාධා එල්ලවීමට බොහෝ ඉඩකඩ ඇති බව විචාරකයෝ පෙන්වාදෙති.


විකිපීඩියාවේ මෙම විරෝධතාවයට සමගාමීව Mozilla, Reddit, Wordpress සමාගම් ද සේවා අඩපණ කිරීමෙන් සහාය ලබාදෙන අතර Google, Facebook, Twitter සමාගම් මෙම පනත් කෙරෙහි විරෝධය පළකර ඇත. කෙසේවුවත් ට්විටර් සමාගම විකිපීඩියා තීරණය දෝෂාරෝපණයට ලක්කර ඇති බව ද දැනගන්නට ලැබී ඇත.

Tuesday, January 17, 2012

WWW උප්පති කතාව

World Wide Web නැත්නම් ලෝක ව්‍යාප්ත ජාලය කියන්නෙ අන්තර්ජාලයේ මෘදුකාංගමය සේවාවක්. ඔයගොල්ලො දැන් මේ ලිපිය කියවන්නෙත් මේ සේවාවේ පිහිටෙන් තමයි. අන්තර්ජාලයේ මුතුන්මිත්තා ලෙස සැලකෙන්නේ 1969 සිට පැවතගෙන ආ ARPANET (Advanced Research Projects Agency NETwork) පරිගණක ජාලයයි. එය ඇසුරෙන් අන්තර්ජාලය නිල වශයෙන් නිර්මාණය වුණේ 1982 දි: වින්ටන් සර්ෆ් සහ රොබට් කාන් කියන පරිගණක පර්යේක්‍ෂකයන් 1973 දී ඉදිරිපත් කළ TCP/IP කියන ප්‍රොටෝකෝලවල නිර්ණායකයන්ට අනුව යමිනි. නමුත් 1990 පමණ වනතුරු WWW වගේ සේවාවක් තිබුනේ නැහැ.

ඔය අතරේ තමයි ටිම් බර්නර්ස් ලී කියන පුද්ගලයා (සම්පූර්ණ නමින් කියනවනම්: ටිමති ජෝන් බර්නර්ස් ලී) CERN සමාගමේ ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙක් විදිහට සේවය කළේ. පරිගණකජාලයක් අලුත් පන්නයේ සේවාවක් පිළිබඳ ඔහුට අදහසක් ආවෙ මේකාලෙදියි(1980).

CERN (ප්‍රංශ භාෂාවෙන් Conseil Européen pour la Recherche Nucléaire ලෙසත් ඉංග්‍රීසියෙන් European Council for Nuclear Research)යනු පර්යේෂණ ආයතනයකි. ඒ සඳහා වඩා පහසු තොරතුරු පද්ධතියක් ලෙස:

 "පරිගණකයක් ජාලයක් තුලින් දුරස්ථ පරිගණකයකට සම්බන්ධවීමෙන් දුරස්ථ පරිගණකයේ ගබඩාකරඇති තොරතුරු පිටුවක් ලෙසින් බලාගැනීමටත්, එම පිටුවේ යම් අක්‍ෂර සමූහයක්(hypertext) තේරීමෙන් එම වචන වලට අදාල වැඩිදුර විස්තර පෙන්වනටත් හැකි පද්ධතියක්" ස්ථාපනය කිරීමයි ඔහුගේ අදහස වුණේ. මේ සඳහා ඔහු ENQUIRE නමින් ආකෘති ජාලයක් නිර්මාණය කොට CERN ආයතනය වෙත යෝජනාවක් ගෙන ආවා. ඇත්තෙන්ම ඒවන විට ඔහුට පරිගණක ජාලකරණය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණේ නැති නිසා ඔහු තීරණයතට එළඹෙනවා ඒ පිළිබඳව ප්‍රායෝගිකව හදාරන්ඩ. ඒ සඳහා ඔහු පරිගණක John Poole's Image Computer Systems කියන ජාලකරණ පිළිබඳ සමාගමකට සම්බන්ධවෙලා අත්දැකීම් ලබාගත්තා. 1989 වන විට ආයතනය අන්තර්ජාලයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වී තිබුණා. මේ අවස්ථාවේදී ටිම් බර්නර්ස් ලී මහත්මයා සිතුවා අන්තර්ජාලයටත් මෙය යොදා ලොව පුරා මෙම සේවා ජාලයක් ස්ථාපනය කළ හැකි ආකාරයක් ගැන. CERN ආයතනයට මෙම අදහස ඉදිරිපත් කිරීමෙන් පසු එය ප්‍රායෝගිකව පෙන්වීමට ඔහු බාරගත්තා. දුරස්ථ පරිගණකයක තැන්පත් කර ඇති වෙබ් පිටුවක් එහි ස්ථාපනය කර ඇති වෙබ් සර්වර් මෘදුකාංගයක උදව්වෙන් ජාලයේ වෙනත් පරිගණකයක වෙබ් බ්‍රව්සර් මෘදුකාංගයක් මගින් විවෘත කර පෙන්වීමට ඔහු 1990 දෙසැම්බර් 25 දින සමත්වුණා.

 ඒ අනුව HTTP ප්‍රොටෝකෝලය, ලොව ප්‍රථම වෙබ්බ්‍රව්සරය, ලොව ප්‍රථම වෙබ්පිටුව හා ලෝක ව්‍යාප්තජාල සංකල්පය නිර්මාණය කිරීමේ ගෞරවයට ටිම් බර්නර්ස් ලී මහත්මයා පාත්‍රවුණා. 1993 දී අන්තර්ජාලය මහජනයාට නොමිලේ විවෘත වීමත් සමග WWW සීග්‍රයෙන් ජනප්‍රිය වුණා. අපේ කතානායක, ටිමති ජෝන් බර්නර්ස් ලී මහත්මයාට විශේෂ ගෞරවයක් ලෙස 2004 දී බ්‍රිතාන්‍ය මහරැජින අතින් නයිට්පදවිය ලැබුවා. අද වනවිට සර් ටිමති ජෝන් බර්නර්ස් ලී මහතා WWW හි භාරකරු ලෙස ක්‍රියාකරණ W3C(World Wide Web Consortium) හි සභාපති වශයෙන් කටයුතු කරනවා.

ස්මාට්ෆෝන් හොරු ඇල්ලීම

ස්මාට්ෆෝන් වර්ගයේ ජංගම දුරකතනයක් නැති වූ විට එය තිබෙන තැන සොයාගැනීමට, කොතැනක තිබුනත් ලොක් කිරීම හෝ එහි ඇති දත්ත මකා දැමීමට පුළුවන් මෘදුකාංග දැන් නිපදවා තිබේ. මෙම මෘදුකාංගය ඇන්ටිතෙෆ්ට් නමින් හැඳින් වේ. මෙම මෘදුකාංගය ඇන්ටිතෙෆ්ට් නමින් හැඳින් වේ. මෙම මෘදුකාංගය ස්මාට්ෆෝන් එකේ ඉන්ස්ට්‍රෝල් කරගනා විටදී රහස් අංකයක් ඉල්ලා සිටියි. යම්හෙයකින් දුරකතනය නැතිවුවහොත් එය ලොක් කිරීමට හෝ ඩේටා ඩිලීට් කිරීමට හෝ දුරකතනය තිබෙන ස්ථානය පෙන්වීමට මෙම අංකය ඉතා වැදගත් වේ. එමෙන්ම තවත් ජංගම දුරකතන අංකයක් ඉල්ලා සිටියි. ඒ නැතිවූ දුරකතනය ක්‍රියාත්මක කල විට ඒ පිලිබඳ දන්වා එස්එම්එස් පණිවිඩයක් එවීමටය .දැන් අපි මෙම මෘදුකාංගයෙන් දුරකතනයට සැලසෙන ආරක්ෂාව පිලිබඳව විමසා බලමු.
                                                                  
                                                      
තෙෆ්ට් කන්ට්‍රෝල්
මෘදුකාංගයේ මෙම පහසුකම ස්ක්‍රීය කර ඇති විට එයට අලුත් සිම්පතක් එක් කෙරෙන වාරයක් පාසා එහි අංකය අප විසින් ලබා දුන් දුරකතන අංකය වෙත එස්එම්එස් පණිවිඩයක් මගින් ලැබේ. මෙමඟින් අපගේ දුරකතනය සොයාගැනීමට පහසු වේ.

රිමෝට් ලොක්
අපගේ ස්මට්ෆෝන් එක නැති වුවහොත් එසැනින්ම වෙනත් දුරකතනයකින් අප ලබාදුන් රහස් අංකය සහිතව එස් එම් එස් පණිවිඩයක් යැවිය හැකිය. එය  #LOCK#<රහස් අංකය> යන ආකාරයට ටයිප් කරන්න. එවිට සොරාගත් පුද්ගලයා අතේ අති අපගේ දුරකතනව ලොක් වේ. එය අන්ලොක් කිරීම සඳහා අප විසින් ලබා දුන් රහස් අංකය අවශ්‍ය වේ.

ලොකේට් ෆෝන්
ස්මාට්ෆෝන් එක නැති වූ විට කලින් කළ පරිදි  #LOCATE#< රහස් අංකය > ටයිප් කර එස්එම්එස් පණිවිඩයක් ඕනෑම දුරකතනයකින් යැවිය හැකිය. එවිට එම පණිවිඩයට පිළිතුරු ලෙස ගූගල් මැප්ස් සේවයේ ලින්ක් එක ලැබේ. මෙම ලින්ක් එකට පිවිසිසුන විට පෙන්වන්නේ අපගේ සොරාගත් හෝ නැති වූ දුරකතනය දැන් තිබෙන ස්ථානයේ පිහිටීමයි.(මේ සඳහා ජංගම දුරකතනය ක්‍රියාත්ම කර තිබ්ය යුතුය.) මෙ මඟින් දුරකතනය සොයාගැනීම පහසු වේ.

රිමෝට් වයිප්
කලින් කී උපක්‍රම තුනෙන්ම දුරකතනය සොයාගැනීමට නොහැකි වුවහොත් එහි ඇති තමන්ගේ පෞද්ගලික තොරතුරු මකා දැමීමට හැක. ඒ සඳහා  #WIPE#< රහස් අංකය >  ටයිප් කර එස්එම්එස් පණිවිඩයක් යැවීමයි. එවිට දුරකතනයේ ඇති සියලුම දත්ත මැකී යයි.

මෙම මෘදුකාංගය පරිගණකයට ඩවුන්ලෝඩ් කර පසුව දුරකතනයට ඉන්ස්ට්‍රෝල් කල හැක. නැත්නම් කෙලින්ම දුරකතනයට ඩවුන්ලෝඩ් කල හැක.එසේත් නැත්නම් එෆ්සෙකියුර් මොබයිල් වෙබ් අඩවියට පිවිස ජංගම දුරකතනය වෙත ඩවුන්ලෝඩ් ලින්ක් එකක් එවන මෙන් ඉල්ලා සිටිය හැකිය.
 

  • මෙම මෘදුකාංගය පරිගණකට ඩවුන්ලෝඩ් කිරීම සඳහා මෙහි CLICK කරන්න.
  • ජංගම දුරකතනය වෙත ඩවුන්ලෝඩ් ලින්ක් එක ලබා ගැනීම සඳහා මෙහි CLICK කරන්න.

Sunday, January 15, 2012

Harddisk ඉතුරු වුනේ ඇයි?


බොහෝ පරිගණක වල අවම වශයෙන් ස්ථිර මතක 2ක් ඇත. එක් කොටසක් ROM මතකය ලෙස දෘඩාංග චිපයන් තුල අඩංගු වන අතර අනෙක් කොටස දෘඩතැටිය (harddisk) තුල අඩංගු වෙනවා. මෙතනදී ස්ථිර මතකය ලෙස අපි හැඳින්වූයේ විදුලිය විසන්ධි වූ විට ද නොවෙනස්ව පවතින මතකය(non-volatile memory) පිළිබඳවයි.

වත්මන් පරිගණක අතිබහුතරය තුළ ප්‍රධාන මතකය දෘඩ තැටියයි. අනෙකුත් උපාංග වලට සාපේක්‍ෂව විශාලතම ධාරිතාවය ඇත්තේ ද දෘඩතැටියටයි.  එමෙන්ම,  චුම්බකත්වය භාවිතයට ගනිමින් දත්ත ගබඩාකරණ උපාංග (floppy disk, කැසට් ටේප් ...) අතුරින් ශේෂවී සිටින ප්‍රධාන උපාංගයයි.

1950 දශකයේදී fixed disk නමින් භාවිතයට පැමිණි මේ උපාංගය එකල ජනප්‍රිය වූ IBM පරිගණක තුල winchesters ලෙසද හැඳින්විණ. එම වකවානුව තුළ බහුලව භාවිතා වූ floppy diskette වලින් වෙන්ස් වන මූලික කාරණයක් වූයේ මෙහි ඇති දැඩි බව නිසාම බොහෝදෙනා දෘඩ තැටිය (hard disk) ලෙස මේ උපාංගය හැඳින්වෙන්නට පටන්ගත්තා.

කැසට් ටේප් තුල ප්ලාස්ටික් පටල තීරුවක් තුල දත්ත ගබඩාකිරීමට භාවිතා කරන මූලධර්මය වන්නේ එම පටියේ නොයෙක් ස්ථාන වලට චුම්භක ක්‍ෂේත්‍රය විවිධ දිශාවලට යෙදීමෙනි. යොදන ලද ක්‍ෂේත්‍රයේ දිශාවට අනුරූපව පටියේ තවරා ඇති විශේෂ ද්‍රව්‍යයක්(ferromagnetic material) ඇසිරේ.

මෙම මූලධර්මය භාවිතයට ගන්නා harddiskය ප්ලාස්ටික් පටල තීරුවක් වෙනුවට භාවිත කරනුයේ චුම්බකිත දැඩි තැටි (hard platter) වලිනි. Platter එකෙහි අදාල තැන්වලට චුම්බක ක්‍ෂේත්‍රය අදාල දිශාව ඔස්සේ ගබඩා කිරීමෙන් harddisk තුල දත්ත ගබඩා කෙරේ. ටේප් එකක මෙන් නොව ප්ලැටර් එකක් මත චලනය වන කියවීමේ/ලිවීමේ හිස(read/write head) මගින් විසිරී ඇති ඕනෑම දත්ත කොටසක් තත්පරයකින් පංගුවක් වැනි කෙටි කාලයක් තුළ සොයාගත හැක. ටේප් පටියක් නම් එතීමට විනාඩි ගණනාවක් ගතවිය හැක.  read/write head එක තැටියේ නොගෑවෙන නිසා හානියකින් තොරව තැටිය ඉතා වේගයෙන් කැරකැවීමටත්(විනාඩියට වට 7200ක් පමණ), හිස තැටිය මත නිදහසේ ඔබමොබ ගෙනයාමටත් (තත්පරයට තැටිය හරහා වාර 50ක් පමණ)හැකිවී ඇත. ඩිස්කයට සාපේක්‍ෂව හිස පැයට කි.මී. 272 ක පමණ වේගයෙන් චලනය වීමට කරම් කාර්යක්‍ෂමය.

බැලූ බැල්මටම floppy disk වැනි වෙනත් චුම්බක මාධ්‍ය මෙතරම් දියුණුවක් ලඟාකරගෙන නැහැ. බොහෝවිට ඒවා භාවිත වූයේ removable devices(තෘතියික ගබඩාකරණ උපාංග) ලෙසයි. මේ කාර්යයට චුම්භකත්වයට වඩා උචිත වන්නේ ප්‍රකාශ මාධ්‍ය(optical media) බව වටහාගන්නට ලෝකයාට එතරම් කලක් ගත නොවීම මෙයට හේතු වන්නට ඇති.

නමුත් හාඩ්ඩිස්කයට නම් මෙවැනි බරපතල තර්ජනයක් මෙතෙක් එල්ලවී නැහැ. නමුත් දැන්දැන් SSD(Solid-State Devices) වර්ගයේ හාඩ්ඩිස්ක් චුම්බකත්ව හාඩ්ඩිස්ක් සමග තරඟයට එළඹිමට සූදානමින්. SSD තාක්‍ෂණය බොහෝ කාර්යක්‍ෂම හා වේගවත් වුවත් යම් තාක්‍ෂණ ගැටලු වලින් පෙලෙනවා. විශාල ධාරිතාවක් ලබාගැනීමට SSD යොදාගන්නා විට සාපේක්‍ෂව විශාල භෞතික ඉඩකඩක් වැයවෙනවා. Flash drive
තාක්‍ෂණය මූලික කරගෙන ඇතිනිසා  බොහෝ SSD harddiskවල ලිවීම්-මැකීම් වාර ගණනකට සීමිතයි.

කෙසේවුවත්, මේ තාක්‍ෂණික ගැටලු සමථයකට පත්වන තුරු චුම්බකත්ව හාඩ්ඩිස්ක තවත් අවුරුදු 5-10ක් අප ඇසුරේ රැඳේවි.

Saturday, January 14, 2012

Boot-time Error Messages තේරුම් ගෙන පිලියම් යොදමු !



පරිගණකයක් ක්‍රියාත්මක වීමේදී පරිගණකය සිය පද්ධති විමසා බැලීමේ පරීක්ෂා(self test) ගණනාවක් සම්පූර්ණ කරයි (BIOS මගින්). එහිදී මුලින්ම වන්නේ මවුපුවරුව හා සම්බන්ධ පරිගණක උපාංග හඳුනාගෙන පරික්ෂා කිරීමයි. මෙම අවස්ථාවේදී මතුවිය හැකි ගැටලු කිහිපයක් පිළිබඳව විමසා බලමු.


පරිගණක තිරයේ දිස්විය හැකි දෝෂ පණිවුඩ:
පණිවුඩය
හේතුව
පිළියම්
Non system disk or disk error.
පරිගණකය මෙහෙයුම් පද්ධතිය නොවන   වෙනත් ඩිස්ක් එකකින් බූට් වීමට වෙර දැරීම.
සීඩී හෝ ඩීවීඩී හෝ ඒවායේ ඩ්‍රයිව් වල් අමතක වී තිබේදැයි බැලීම.
Missing operaingsystem Operating system not found.
පරිගණකයට මෙහෙයුම් පද්ධතිය හඳුනාගැනීමට නොහැකි වී තිබේ.
CMOS සෙටප් හෙවත් වැඩසටහනේ හාඩ් ඩ්‍රයිව් සෙටිංස් පරික්ෂා කොට ඒවා නියමිත පරිදි සකසන්න.
Memory address error. Memory test fail. Memory parity error.
RAM හි ගැටළු තිබේ.
මෙමරි මොඩියුල් ගලවා නැවත නිසි පරිදි සවි කර බලන්න.
Primary master hard disk fail. Hard disk drive failure C: drive failure. Not reading drive C: fixed disk 0 failure.
පද්ධතියට දෘඪ තැටිය සොයා ගැනීමට නොහැකි වී තිබේ.
CMOS හාඩ් ඩ්‍රයිව් සෙටිංස් පරික්ෂා කරන්න. දෘඪ තැටියේ පවර් හා ඩේටා කේබල් සම්බන්ධතා නිවැරදිව තිබේදැයි පරික්ෂ කරන්න.
KB/interface error.Gate A20 failure.Keyboard error.
යතුරු පුවරුවේ දෝෂ තිබේ.
යතුරු පුවරුව ගලවා නැවත සවි කරන්න. ‍යතුරු සිරවී ඇත්දැයි බලන්න.
CMOS battery state Low system CMOS battery failed.

CMOS battery බැස ගොස් ඇත
එම බැටරිය අලුතින් යොදන්න
CMOS checksum error.
CMOS checksum bad.
CMOS සෙටිංස් වල කල වෙනස්කිරීම්,පද්ධතිය විසින් හඳුනාගෙන තිබේ. එසේම CMOS බටරිය බැස යාමද මීට හේතු වීමට හැකිය
CMOS වැඩසටහන ක්‍රියාත්මක කොට වසා දැමීමට උත්සහ කරන්න. නැත්නම් CMOS සෙටිංස් වෙත ගොස් ඒවා නියමිත් පරිදි තිබේදැයි බලන්න

පරිගණක තිරය ක්‍රියාත්මත නොවී system unit එකෙන් බීප් හඬක් ලැබෙන්නේ නම්:




බීප් හඬ නැගෙන අයුරුදෝෂය
බීප්ස් නැතබල සැපයුම, මවුපුවරුව, හෝ ප්‍රොසෙසරය දෝෂ සහගත වියහැක. පරිගණකයේ සම්බන්ධක දුර්වලව සම්බන්ධවී තිබිය හැක

බීප් දෙකක්

CMOS හෝ POST දෝෂ
දිගු බීප් හඬක් හා කෙටි බීප් හඬක්

මවුපුවරුවේ දෝෂ
දිගු බීප් හඬක් හා කෙටි බීප් හඬ දෙකක්

වීඩියෝකාඩ් දෝෂ
දිගු බීප් හඬ 3ක්

යතුරුපුවරුවේ දෝෂ
දිගු බීප් හඬ නැවත නැවත මතුවීමමතක උපාංග දෝෂ (බොහෝවිට RAM)
දිගුටම පවතින අඩු වැඩි වන බීප් හඬ

ප්‍රොසෙසරය ඕනෑවට වඩා රත්ව තිබේ

Thursday, January 12, 2012

About ANDROID

මේ වන විට ලෝකයේ පවතින ප්‍රධාන මට්ටමේ එකම OPEN SOURCE ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය වන්නේ ANDROID ය. මෙමෙ මෙහෙයුම් පද්ධතියෙ කේත පේළි එක්කෝටි විසිලක්ෂයක් තිබේ.
  1. XML කේත පේළි ලක්ෂ 30
  2.     C කේත පේළි ලක්ෂ 28
  3. java කේත පේළි ලක්ෂ 21
  4. C++ කේත පේළි ලක්ෂ 17.5

මෙම මෙහෙයුම් පද්ධතියේ ගතිගුණ වන්නේ
  1. ඔන්ලයින්/ඕෆ්ලයින් බ්‍රව්සර්
  2. කැමරා/ෆොටෝ සහ වීඩියෝ ෂෙයාරින්
  3. ගූගල් මැප්ස්
  4. වොයිස් ටයිපින්/ඉ-මේල්
  5. බ්ලූටූත් පරදන ඇන්ඩ්‍රොයිඩ් බීම්
  6. ෆේෂල් රෙකග්නිෂන්
  7. ෆේෂල් ලොක් / අන්ලොක්

එලිදැක්වූ Android සංස්කරණ:




Android 1.5
CUPCAKE
30 April 2009






Android 1.6
DONUT
15 September 2009












Android 2.0
ECLAIR
26 October 2009










  
  Android 2.2
  FROYO
  20 May 2010


Android 2.3 
GINGERBREAD
6 October 2010










  Android 3.0
  HONEYCOMB
  22 February 2011












  


Android 4.0
ICE CREAM SANDWICH
19 October 2011 






Android පිලිබඳ තවත් විස්තර දැනගැනීමට මෙතන Click කරන්න

Tuesday, January 10, 2012

AntiVirus පරික්ෂාව




අලුතෙන් Antivirus මෘදුකාංගයක් Install කලාම අපිට ඇතිවෙන ගැටලුවක් තමයි ඒක හොදට වැඩ කරනවද කියල දැනගන්න එක. සමහරක් විට Antivirus එක Install කරල තිබ්බත් Virus එන්න පුළුවන් ඒක නිවැරදිව Install වෙලා නැත්තම්.. මෙන්‍න මේ ගැටළුව ගොඩක් අයට තියනවා. අද අපි කථා කරන්න යන්නේ මෙන්න මේ විදියට Antivirus Software Install කලාම එය නිවැරදිව ක්‍රියාත්මකව වෙනවද කියල check කරන්නේ කොහොමද කියලයි. මේක ඒතරම් අමාරු දෙයක් නෙමෙයි. අනික මේක කලා කියලා Antivirus එක හරියට වැඩ කලේ නැතත් PC එකට කිසිම අවුලක් වෙන්නේ නෑ. හොදයි අපි දැන් වැඩේ පටන්ගමුකෝ.. මේකට  අපිට අවශ්‍ය වෙන්නේEICAR Standard AntiVirus Test File එක. මේ File එකෙන් පුළුවන් අපේ Antivirus එක හරියට වැඩ කරනවද කියල බලාගන්න.
මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ පහලින් තියන ටික Notepad එකේ paste කරලා save කරන්නයි.

 X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*



දැන් මේ file එක EICAR.EXE කියන නමින් save කරන්න.(EICAR කියන එක වෙනුවට කැමති නමක් භාවිතා කරන්න පුලුවන්). මේ file එක නියම විදියට හැදුවනම් save කරන කොට Antivirus එකෙන් block වෙයි. මෙහෙම වෙනවනම් ඔයාගෙ Antivirus එක හොදට වැඩ කරනවා. මෙහෙම කරනකොට block වුනේ නැත්තම් save කරපු file එක open කරල බලන්න. මේ මොනයම් විදියකටවත් මේ file එක block වුනේ නැතිනම් වෙනත් Antivirsu එකකට මාරුවෙන එක නුවණට හුරුයි.
මේ file එක හදන්න අමාරුනම් මෙන්න මේ එකෙන් බාගන්න. 
http://www.eicar.org/download/eicar.com
මේ ක්‍රමේ ගැන අපිට කියල දුන්නෙ උවිදු ඉනුවර සහෝදරය සහ කිසරු රංගන සහෝදරය

Software නැතුව Site Block කරමු !

නිතරම කරදර ඇතිකරන Websites Block කරන හැටි තමයි මේ කියන්න යන්නේ.. හැබැයි ඉතින් මේ එක එක Softwares බාගෙන එහෙම නෙමෙයි. මේ කියන්න යන්නේ Softwares නැතුව ලේසියෙන්ම Sites Block කරන්න පුළුවන් විදියක් ගැනයි.  මේක Windows XP, Vista, 7 යන ඕනෙම Windows platform එකක වැඩ කරනවා. ඔන්න එහෙනම් කරලම බලන්නකෝ..
  • මුලින්ම Run එකට යන්න
  • දැන් ඒකෙ මෙහෙම ලියන්න C:/windows/system32/drivers/etc/hosts
  • Enter ඔබන්න
  • එක Notepad වලින් Open කරන්න
  • දැන් ලැබුනු ලිපියේ "127.0.0.1 local host" කියන එකට පහල පේලියේ මෙහෙම ලියන්න:
            127.0.0.1 www.yoursitedomain.com

මේකේ www.yoursitedomain.com වෙනුවට Block කරන්න ඕනෙ එක ආදේශ කරන්න.

  • දැන් ඉතින් Save කරන්න.

ලෝක ව්‍යාප්ත ජාලය (WWW) හා අන්තර්ජාලය

මෑත යුගයේ ලංකාවේ ජනප්‍රියත්වයට පත්වූ සුවිශේෂ මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය හඳුන්වන්න පුලුවන්. බොහෝ පුද්ගලයන් තම එදිනෙදා ජීවිතයේ දී විවිධ කටයුතු සඳහා අන්තර්ජාලයේ පිහිට පතනවා. සමහර අයෙක් තොරතුරු දැනගැනීමට, විද්‍යුත්තැපෑල භාවිතාකිරීම ආදී කටයුතුවලට භාවිත කරද්දී තවත් අයෙක් විනෝදාස්වාදයට, තමන් දන්නා හඳුනනා පුද්ගලයන් හා සම්බන්ධවීමට එහි පිහිටපතනවා.

එය කෙසේවුවත්, බොහෝ පුද්ගලයන් අතර ලෝක ව්‍යාප්ත ජාලය(World Wide Web) හා අන්තර්ජාලය(Internet) පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති බව පෙනීයන කරුණකි. 
සමහරෙක් ඒවා එකම අරුත ඇති ලෙස සලකන අතර තවත් සමහරෙක් ඒවා කිසිම සම්බන්ධයක් නොමැති කරුණු බව සලකනවා. මේ පිළිබඳ පැටලිලි සහගත තත්වයක් ඇතිවීම බොහෝදුරට සාධාරණීකරණය කළ හැක. ඇත්තෙන්ම එවැනි තත්වයක් ඇති කිරීමට හේතුවූයේ ලෝක ව්‍යාප්ත ජාලයේ හෝ අන්තර්ජාලයේ නිර්මාතෘවරුන් අතින් සිදුවූ නාමකරණ වරදක් නිසා යයි සැලකීමේ කිසිඳු වරදක් නැහැ.

සත්‍යවශයෙන්ම අන්තර්ජාලය යනු තොරතුරු තාක්‍ෂණික උපකරණ (උදා-පරිගණක) එකිනෙක සම්බන්ධ කිරීමෙන් සෑදී ඇති භෞතිකමය/තාක්‍ෂණිකමය ජාලයකි. අන්තර්ජාලය යන වදනේ අරමුණ වන්නේ මෙම සුවිශාල ඒකකය නිරූපණය කිරීමයි. මෙසේ ඒකකයක් පවතින නිසා, එහි අඩංගු වන උපාංග අතර ප්‍රයෝජනවත් සේවා ඇති කරගත හැකිවී තිබෙනවා. ඇත්තෙන්ම අප භාවිතයට ගන්නේ අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන සේවාවන්ය. මේ එකම අන්තර්ජාලය තුල සේවාවන් විශාල සංඛ්‍යාවක් භාවිතයට ගැනෙනවා. එක් එක් සේවාවන්ට අනුරූප දත්ත සන්නිවේදනය කරගත යුතු පිලිවෙලවල් තිබෙනවා. ප්‍රොටෝකෝල (protocol) ලෙස හැඳින්වෙන්නේ එවැනි පොදු එකඟතාවක් ඇති සන්නිවේදන ක්‍රමවේදවලටයි.

ලෝක ව්‍යාප්ත ජාලය යනු අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන එවැනි එක් සේවාවකටයි. වර්තමානයේදී අන්තර්ජාලයේ වඩාත් ජනප්‍රියම සේවාවක් ලෙස ලෝක ව්‍යාප්ත ජාලය සැලකෙනවා. WWW පිළිබඳ දීර්ඝ ලෙස විස්තර කිරීම මෙහි අරමුණ නොවේ. නමුත්, ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යනයක් කරනු ඇත් නම් එය ඔබගේ අවබෝධය වැඩිදියුණු කරගැනීමට ඉතා උපකාරීවන බව සැකයක් නොවේ.

ප්‍රොටෝකෝලයක් යනු කුමක්ද?

සරලව සැලකුවහොත්- “උපාංග දෙකක් අතර දත්ත සම්ප්‍රේෂණය කරගන්නා ආකාරය (පිළිවෙල) පිළිබඳ ඇතිකරගත් එකඟතාවක්” ප්‍රොටෝකෝලයක් ලෙස හැඳින්විය හැක. ජාලගත උපාංග(බොහෝවිට පරිගණක) අතර විවිධ වූ කාර්යන්, සේවාවන් නිවැරදිවත් කාර්යක්‍ෂමවත් පවත්වාගෙනයාම ප්‍රොටෝකෝල භාවිතයේ අරමුණයි.

DHCP, DNS, FTP, SMTP, IMAP, POP, HTTP, SNMP වැනි බහුලව අපට හමුවන ප්‍රොටෝකෝල කීපයක් පිළිබඳ සරලව හඳුන්වාදීමට මෙහිදී බලාපොරොත්තු වන්නෙමු.

DHCP (Dynamic Host Configuration Protocol)
පරිගණක ජාලයක් තුළ උපාංග සඳහා IP ලිපින වෙන්කිරීම සඳහා වෙන්වුනු ප්‍රොටෝකෝලයකි. මෙමගින් ජාලයට අලුතින් එක් කරන පරිගණක සඳහා ස්වයංක්‍රියවම IP ලිපින වෙන්කිරීමක් සිදුවනවා. ජාලගත කිරීම වඩාත් පහසු කිරීම මෙහි අරමුණයි.

DNS (Domain Name System/Server/Service)
ඩොමේන් නාමයකට අදාල IP ලිපිනය ලබාදීම සඳහා අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන සේවාවකි.

FTP (File Transfer Protocol)
ප්‍රොටෝකෝලය මත පදනම් පරිගණක ජාල ඔස්සේ දත්ත ගොනු හුවමාරු කරගැනීම, හැසිරවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන ප්‍රොටෝකෝලයකි. පරිගණක මෙහෙයුම් පද්ධතියෙන් බැහැරව ගොනු හුවමාරු කිරීමේ හැකියාව ලබාදීම නිසා වඩාත් ජනප්‍රියත්වයට පත්වී ඇත.

SMTP (Simple Mail Transfer Protocol)
Server අතර email පණිවුඩ හුවමාරු කරගැනීමේදී භාවිත වන ප්‍රොටෝකෝලයකි. මීට අමතරව, email පණිවුඩ යවන්නාගේ ගේ සිට සර්වරය(mail server) වෙත යැවීම සඳහා ද මෙය භාවිත වේ.

IMAP(Internet Message Access Protocol)
 සර්වරයේ(Mail server) තිබෙන  පණිවුඩ පරිගණකයට ලබාගැනීමට භාවිතාකල හැකි ප්‍රොටෝකෝලයකි.

POP (Post Office Protocol)
IMAP වැනි තවත් ප්‍රොටෝකෝලයකි. බහුලව භාවිතයට ගැනේ.

HTTP (Hyper Text Transfer Protocol)
ලෝක ව්‍යාප්ත ජාලය(WWW) පදනම් වී ඇත්තේ මෙම ප්‍රොටෝකෝලය මතය. මෙමගින් ලෝක ව්‍යාප්ත ජාල සේවාවට අදාල දත්ත සම්ප්‍රේෂණය, හැසිරවියයුතු ආකාර හා වෙබ් බ්‍රවුසර් මගින් හැඳිනිය යුතු විධාන විස්තර කෙරේ. මෙම ප්‍රොටෝකෝලයේ ඇති විශාලතම අඩුපාඩුවක් ලෙස සැලකෙන්නේ- අවස්ථාවන් වෙත එළඹි ආකාරය නොතැකීමට පෙළඹීමයි. අවශ්‍යවිටෙකදී එම අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා ActiveX, Java, JavaScript, Cookies වැනි නව තාක්‍ෂණික යෙදුම් භාවිත වේ.

SNMP (Simple Network Management Protocol)
සංකීර්ණ පරිගණක ජාලයන් පරිපාලනය කිරීමට උපකාරීවන ප්‍රොටෝකෝල පද්ධතියකි.


මෙහි දැක්වෙන්නේ ඉතා සැකෙවින් කරන ලද මගපෙන්වීමක් පමණි. වැඩිදුර අධ්‍යනය කිරීම් සඳහා ඔබට අවස්ථාව වෙන්කර ඇත.