ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Thursday, March 20, 2014

ලෝක පැවැත්ම ගැන අනාවැකි කිවහැකි පරිගණකයක්

අද අප ලෝකයේ වෙන-කෙරෙන-දේවල් ගැන තොරතුරු කන්දරාවක් අන්තර්ජාලයේ තිබේ. විකිපීඩියා විශ්ව කෝෂය , ගූගල් මැප්ස් සේවය , ෆේස්බුක් වැනි සෝෂල් නෙට්වර්කින් සේවා යනාදී මේ තැන්වල තිබෙන්නේ කුමන තොරතුරු ද ?
මේ තොරතුරු මගින් නිරූපණය වන්නේ අද අප ජීවත් වන ලෝකයේ ස්වභාවයයි. මේ මගින් තොරතුරු පිළිවෙළකට තෝරා බේරා පිරිපහදු කොට ගත හොත් සමාජය වෙනස් වන රටාව තේරුම් ගත හැකි වන බව ෆෙඩරල්(Federal) තාක්ෂණ ආයතනයේ ආචාර්ය හෙල්බින්ග්(Helbing) පවසයි. මොහු ෆියුචර් අයිසීටී(Future ICT) නම් වැඩසටහනේ ප්‍රධානියා වේ.

මොහුගේ මෙම වැඩසටහනට දී තිබෙන්නේ "සජීවී පොළෝ අනුකාරකය"(LES- Living Earth Simulator) නම් වේ."ලේස් " කියා එය කෙටියෙන් හඳුන්වයි. ලේස් වැඩසටහනේ පර්යේෂකයින් විසින් ගූගල් සර්ච් එන්ජිම , විකිපීඩියාව වැනි තොරතුරු දෙන මූලාශ්‍ර 70ක් දැන් හඳුනා ගෙන තිබේ. මෙම වැඩසටහනට තොරතුරු සැපයීම ඉතා බැරෑරුම් කාර්යයකි. දැනට ගූගල් සර්ච් එන්ජිම සතු තොරතුරු ප්‍රමාණය කිව හොත් 2010 වසර වන විට ගූගල් සර්ච් එන්ජිමේ තොරතුරු තිබුණේ සර්වර් පරිගණක 39000කය. මාසයක කාලයක දී ගූගල් සර්ච් එන්ජිමෙන් සපයනු ලබන තොරතුරු වල ප්‍රමාණය සීඩී(CD) දෙකෝටියක රඳවන්නට පුළුවන.

කෙසේ වෙතත් මේ සියල්ල සපුරා ලේස් වැඩසටහන තැනූ විට ආචාර්ය හෙල් බින්ග් පවසන්නේ ඉදිරියේ දී එන්නට තිබෙන සුළි සුළං , වැසි වර්ෂා , සාගත-වසංගත යනාදී සියලු දේ කලින් ම දැනගන්නට පුළුවන් වනු ඇති බවය. ඊට අමතරව කැරළි කෝලාහල , ආර්ථික අවපාත වැනි සමාජ විද්‍යාත්මක සිදුවීම් ද කලින් දැනගන්නට පුළුවන් වනු ඇති බවය. තවද ඒවා වළක්වා ගන්නට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද කියාත් "සජීවී පොළෝ අනුකාරක" පද්ධතියෙන්(LES Programme) දැනගන්නට පුළුවන් බව පවසයි.

Wednesday, March 19, 2014

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

Facebook වෙබ් අඩවිය මගින් The Translations App නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් ලොව පුරා සිටින භාෂා පරිවර්තකයන් හට Facebook වෙබ් අඩවිය විවිධ භාෂා වලට පරිවර්තනය කිරීමට අවස්ථාවක් ලබා දී ඇත. Facebook වෙබ් අඩවිය සෑම භාෂාවකින් ම භාවිතා කල හැකි පරිදි සකසා ඕනෑම රටක සිටින ඕනෑම භාෂාවක අයකුට භාවිතා කළ හැකි වෙබ් අඩවියක් බවට පත් කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

ඒ අනුව Facebook වෙබ් අඩවිය අපගේ සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමේ කාර්යයට සහයෝගය ලබා දීමට දැන් අප සැමට අවස්ථාවක් උදා වී ඇත. ඔබත් මෙම කාර්යය සඳහා සහයෝගය දැක්වීමට කැමති නම් පහත සබැඳිය වෙත පිවිස සිංහල භාෂාව තෝරා ගන්න.

https://www.facebook.com/?sk=translations



මෙහි දී ඔබට නව පරිවර්තන සිදු කිරීම හා අන් අයගේ පරිවර්තනයන් සඳහා මනාප ලබා දීම සිදු කළ හැක. පරිවර්තන කටයුතු වල දී ඇතිවෙන විවිධ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඔබට "ෆෙස්බුක් සිංහල පරිවර්තන සමූහය" වෙත එක්වීමට පුළුවන.

පහත දැක්වෙන්නේ Facebook සිංහල භාෂාවෙන් භාවිතයේ දී යම් යම් දේවල් දැකිය හැකි ආකාරයයි. මේවා ඉදිරියේ දී වෙනස් වීමට ඉඩ ඇත.






Tuesday, March 18, 2014

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

පරිගණක ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක් තිබේ. ඇමරිකාවේ මිඩ්ගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් සොයාගන්නා ලද මේ තාක්ෂණය, අනුනාදක ඝටිකා ඈදිති තාක්‍ෂණය(resonant clock mesh technology) කියා සිංහලෙන් හදුන්වන්නට පුළුවන.

මේ තාක්ෂණය යොදාගෙන AMD සමාගම ප්‍රොසෙසරයක් නිපදවීය.ඵය ට්‍රිනිටි(trinity)ලෙස නම් කොට ඇති මෙම ප්‍රොසෙසරය සහිත ඵච්පී ස්ලීක්බුක්(HP Sleekbook) කොම්පියුටරය දැන් ඇමරිකාවේ විකුණන්නට තිබේ.


මෙම ප්‍රොසෙසරයේ විශේෂත්වය ඵය වොට් 17ක් තරම් අඩු විදුලි ක‍්ෂමතාවයකින් යුක්ත වීමය.ප්‍රොසෙසරය මගින් තොරතුරු යවන වේගය වැඩි කරන්නට විශේෂ ලෝහ දැලක් ප්‍රොසෙසරය හරහා පිහිටුවයි.ඝටිකා ඈදිත්ත(clock mesh) යනු එයයි.මෙය මගින් ස්පන්ද ලෙස හදුන්වන තොරතුරු සංඥා ඉතා වේගයෙන් පැතිරේ.එවිට ස්පන්ද දෙකක් අතර කාලය අඩු කොට ඝටිකා වේගය වැඩි කල හැක.ට්‍රිනිටි ප්‍රොසෙසරයේ වේගය වැඩි කොට තිබෙන්නේ මේ ක්‍රමයටය.

ඒ අනුව මෙම ට්‍රිනිටි ප්‍රොසෙසරය ඇති පරිගණක මොනිටරයකදී තත්පරයකට ෆ්‍රේම් 30ක් ලබාදෙන්නට පුළුවන් බවත් දැන් තිබෙන වේගවත්ම පරිගණක ක්‍රීඩාවක් පවා ඉතා හොදින් ක්‍රීඩා කල හැකි බවත් මිඩ්ගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් ප්‍රකාශ කර ඇත.

Monday, March 17, 2014

Mobile phones නිසා මොළයේ ගෙඩි හැදෙන්නේ නෑ

දිගින් දිගට ඡංගම දුරකථන පාවිච්චි කළොත් මොළයේ ගෙඩි හැදෙන්නට පුළුවන් බව කලක් තිස්සේ සංවාදයට බදුන් වූ මතවාදයකි. මෙම ගෙඩි හෙවත් tumors හැදෙන්නට ජංගම දුරකථන පාවිච්චිය කිසිසේත්ම බලපාන්නේ නැති බව ඩෙන්මාර්කයේ වැන්ඩබිල්ට්(Vandebilt) විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය ඡෝන් බොයිස් ඇතුළු පිරිස පෙන්වා දී තිබේ. 



මේ තත්ත්වය කෙසේ නමුත් ජංගම දුරකථනයක් දිගු කාලයක් තිස්සේ පාවිච්චි කිරීමෙන් කිසිම සෞඛ්‍ය හානියක් වෙන්නේ නැතැයි මින් ප්‍රකාශ කළ නොහැක. පසුගිය මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ජංගම දුරකථනය "පිළිකාකාරක උපකරණයක්" ලෙසය. ඒ කෙසේ වෙතත් ඇමරිකානු වෛද්‍ය සංගමය පවසන්නේ ජංගම දුරකථන ක්‍රියාත්මක වන විට මොළයේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්වන බවත් පිළිකා සෛල වැඩෙන විට මොළයේ ග්ලූකොස් මට්ටම ඉහළ යන්නාක් මෙන් ඡංගම දුරකථන පාවිච්චි කරන විටද මොළයේ ග්ලූකොස් මට්ටම ඉහළ යන බවත්ය.



ජංගම දුරකථනයකින් කතා කරන විට ඉන් නික්මෙන රේඩියෝ තරංග වල ශක්තියෙන් වැඩි පංගුවක් මොලයට උරා ගනී .එම ප්‍රමාණය කිලෝග්‍රෑමයක් සදහා වොට් දෙකකට වඩා වැඩි නම් එයින් මොලයට හානි විය හැක.

Friday, March 14, 2014

VLC Player දැන් නව මුහුණුවරකින්

VLC Player for Windows 8
ලොව ජනප්‍රියම video player එක වන VLC Player එක නවතම මුහුණුවරකින් Windows 8 සඳහා App එකක් ලෙස නිර්මාණය කිරීමට VideoLAN Team සමත්ව තිබෙනවා. මෙම app එක Windows 8 සහ Windows 8.1 සඳහා පමණක් සහය දක්වන අතර ඉදිරියේදී ARM පදනම් වූ Windows RT සඳහාද සහය දක්වන ලෙස මෙය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව VideoLAN Team පවසා සිටියි. මෙතෙක් කල් අප භාවිතා කළ desktop version එකෙහි ක්‍රියාත්මක වූ සියලුම formats මෙම Windows 8 VLC app එකෙහිද ක්‍රියාත්මක වනු ඇත. Microsoft සමාගමේ නව Metro Design එක අනුගමනය කරමින් Windows 8 VLC app එක නිර්මාණය කර ඇති අතර video playback අතුරුමුහුණත ඉතාමත් සරල ලෙස සාදා ඇත.

Video Playback Preview of VLC Player for Windows 8

Search Preview of VLC Player for Windows 8


Click here to get VLC for Windows 8