ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Tuesday, April 22, 2014

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

අප්‍රේල් 15 සහ 16 යන දිනයන් හි දී ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවි කිහිපයකට සහ තවත් ශ්‍රී ලාංකික වෙබ් අඩවි රැසකට ම සයිබර් ප්‍රහාර එල්ල වුණි. #OpSriLanka නමින් හැඳින්වුණ මෙම ප්‍රහාර මාලාව සංවිධානය කර තිබුණේ Shawdow Force සහ Sri Haxor යන නම් වලින් හඳුන්වා ගත් ඉන්දියානු hackersලා දෙදෙනෙකු විසිනි.

ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ සිදු කල බවත්, දමිළ ජනයා ඝාතනය කළ බවත්, යුධ සමයේ දී යුධ මුක්ත කලාපයට ගුවන් ප්‍රහාර එල්ල කල බවත් පවසමින් ඔවුන් එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් වශයෙන් මෙම සයිබර් ප්‍රහාරය සිදු කල බව ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි රැසක ම ඔවුන් විසින් සඳහන් කර තිබුණේ ය.

ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි වල දිස් වූ එම පණිවිඩය මෙසේ ය,
This is a part of the joint event that we are conducting #OpSrilanka (April 15-16).
We will Speak against your government's AirStrike on the "NO FIRE ZONE" !
We will Speak against the attrocities committed by Srilankan Army on innocent Tamil population !
We will Speak against the War Crimes committed by your government!
We will Speak against the Genocide committed by Your Government !
stop this !!!!!

මෙම ප්‍රහාරයට සහය දීම සඳහා Lebanon, Indonesia, Pakistan, Malaysia සහ Philippines ඇතුළු රටවල් කිහිපයකින් hackersලාගෙන් සැදුම් ලත් කණ්ඩායම් කිහිපයක් ද එකතු වී ඇති බව වාර්තා වේ. Anon Ghost, Indian Haxors Team, Indian Cyber Rakshak, RedCult (Lebanon), Muslim Cyber Corporation (Indonesia), Pakistan Haxors Crew, Ip Sova Crew(Malaysia), Indonesian Red Code Team, Elite Cyber Army (Philippines), Afghan Cyber Army, Indian Cyber Devils, Sec~Team-7 සහ Sec_dark යනු එම කණ්ඩායම් කිහිපයයි.

වෙබ් අඩවි 130ක් පමණ විකෘති කිරීමට ඔවුන් උත්සාහ කර ඇති නමුත් විකෘති කිරීමට අපොහොසත් වූ වෙබ් අඩවි වලට DDoS ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් කටයුතු කර ඇත. පහත දැක්වෙන links වෙත පිවිසීමෙන් වෙබ් අඩවි විකෘති කර තිබූ ආකාරය ඔබට නැරඹීමට පුළුවන.


මොවුන් විසින් වෙබ් අඩවි කිහිපයක Databases පවා ලබාගෙන ඒවා ඕනෑම අයකුට ලබා ගත හැකි පරිදි විවිධ වෙබ් අඩවි වලට upload කර තිබුණේ ය. විවිධ පුද්ගලයන්ගේ ඊමේල් ලිපින, රහස්පද, දුරකථන අංක ආදී පෞද්ගලික තොරතුරු රැසක් ම එම databases තුළ අඩංගු ය.

එම databases upload කර තිබූ වෙබ් අඩවි වල linksද අප සතු වුවද එය සදාචාර සම්පන්න නොවන බැවින් මෙහි පළ නො කිරීමට තීරණය කළෙමු.

පහත දැක්වෙන්නේ DDoS ප්‍රහාරය අතරතුරේ දී ගත් screenshots කිහිපයකි.




පහත දැක්වෙන්නේ වෙබ් අඩවි විකෘති කර තිබූ ආකාරයයි.




පහත දැක්වෙන්නේ ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි ලැයිස්තුවයි.

  1. http://mohe.gov.lk/
  2. http://www.livestock.gov.lk/site/
  3. http://www.houseconmin.gov.lk/
  4. http://www.immigration.gov.lk/web/images/inc.htm
  5. http://www.museum.gov.lk/web/images/inc.htm
  6. http://www.fincom.gov.lk/web/images/x.html
  7. http://www.noithatbaokhang.com/cache/inc.htm
  8. http://dark-h.org/deface/id/12673
  9. http://zone-h.org/mirror/id/22206379
  10. http://zone-hc.com/archive/mirror/3814b0a_livestock.gov.lk_mirror_.html
  11. http://amsofttechno.com/
  12. http://www.slpa.lk/
  13. http://www.cicagri.com
  14. http://microenterprises.lk/
  15. http://complain.lk/
  16. http://pcicmp.lk/
  17. http://www.jfn.ac.lk/chem/
  18. http://www.thirumanam.lk/
  19. http://www.srilankabadminton.lk/
  20. http://www.wildsrilanka.lk/
  21. http://www.mytutor.lk/
  22. http://www.jobshoplk.com/
  23. http://lankamoto.com/
  24. http://libertymotors.lk/
  25. http://manamaalai.info/
  26. http://mayuratravels.com/
  27. http://mmtsrilanka.lk/
  28. http://mytools.lk/
  29. http://mytoolsint.com/
  30. http://nekkotrading.com/
  31. http://neon2000lk.com/
  32. http://tune.lk/
  33. http://kandyriversidevilla.com/
  34. http://www.piggford.com/
  35. http://nuhatravels.com/
  36. http://puttalamuc.com/
  37. http://ralhum.com/
  38. http://richirich.lk/
  39. http://nutrition.lk/
  40. http://universalsoundsl.com/
  41. http://weddingtimesl.com/
  42. http://tillyonline.com
  43. http://syncrosightproductions.com
  44. http://sinsationcolombo.com/
  45. http://admin.nutrition.lk/
  46. http://admin.slii.lk/
  47. http://slii.lk/
  48. http://srm.lk/
  49. http://sunchoice.lk/
  50. http://transtours.lk/
  51. http://vallibelfinance.com/
  52. http://victoryshipping.lk/
  53. http://weeramylan.com/
  54. http://xcellence.lk/
  55. http://zahirag90.lk/
  56. http://dsl.lk/
  57. http://cambridge.lk/
  58. http://abtravels.lk
  59. http://allbrothers.lk
  60. http://anew.lk/
  61. http://appleholidays.lk/
  62. http://fellowes.lk/
  63. http://galleria.lk/
  64. http://happydigital.lk/
  65. http://jewelexchange.lk/
  66. http://arboys.ch/
  67. http://bestdgc.com/
  68. http://biblechurchplanting.com/
  69. http://biz-machines.com/
  70. http://brandlabel.lk/
  71. http://businessmachines.lk/
  72. http://carman.lk/
  73. http://cineworld.lk/
  74. http://colombiagoc.com/
  75. http://colombochemicals.com/
  76. http://delta.lk/
  77. http://demasu.com/
  78. http://dslent.com
  79. http://dsltrading.com/
  80. http://gadadessa.com/
  81. http://gethsemanenet.org/
  82. http://globalelc.lk/
  83. http://gmtower.lk/
  84. http://goodmorningsrilanka.lk /
  85. http://hotlookjeans.lk/
  86. http://interlinkms.com/
  87. http://itmartx.com/
  88. http://jesussaves.lk/
  89. http://jesussaveslk.org/
  90. http://kannangara.info/
  91. http://khairaztravels.com/
  92. http://kuwamb.com/
  93. http://landsoflanka.com/
  94. http://ifecsa.lk/cc.html
  95. http://www.autovbuy.lk/
  96. http://www.bgmint.com/
  97. http://www.blend.lk/
  98. http://www.easyjobs.lk/
  99. http://www.emergingmedia.lk/
  100. http://www.helaasiriya.lk/
  101. http://www.imperial.lk/
  102. http://www.lankaautocars.com/
  103. http://www.maniksfurniture.lk/
  104. http://www.mrbroker.lk/
  105. http://www.pathedu.co/
  106. http://www.salonbhagyabymanorijayaweera.com/
  107. http://www.imransaibo.com
  108. http://www.pintarisolutions.com
  109. http://www.funtimesrilanka.com
  110. http://www.ethoughtswork.com
  111. http://www.cyber-illusions.net
  112. http://www.demo.collab7.com
  113. http://www.changeiscourage.com/index.php
  114. http://www.cattleyavilla.com
  115. http://www.argylex.com
  116. http://www.collab7.com/anything/
  117. http://www.syncrosightproductions.com
  118. http://www.tillyonline.com
  119. http://www.universalsoundsl.com
  120. http://jobbook.lk/
  121. http://220.247.225.201
  122. http://www.srilankan.com/
  123. http://nic.lk
  124. http://www.cbsl.gov.lk
  125. http://www.livestock.gov.lk
  126. http://www.gov.lk
  127. http://www.railway.gov.lk
  128. http://www.pmoffice.gov.lk
  129. http://www.slasscom.lk

Sunday, April 20, 2014

හාඩ් ඩිස්ක් වෙනුවට කැසට් ටේප්

අද තිබෙන්නේ දිනෙන් දිනම වේගයෙන් නොයෙක් ඩිජිටල් දත්ත ගොඩගැසෙන ලෝකයකි. ෆේස්බුක් සේවයට සම්බන්ධ කෝටි සියයකට වැඩි පිරිස නිතිපතා සිය තොරතුරු අප්ඩේට් කරන විට ගොඩ ගැසෙන තොරතුරු කන්දරාව සුළුපටු නැත. Youtube සේවයට සෑම විනාඩියකටම පැය 72ක කාලයක් පුරා ධාවනය විය හැකි තරම් වීඩියෝ එක් කෙරේ. මෙම සියළු දත්ත රැදවෙන්නේ සර්වර් පරිගණක වල ඇති Hard Disk Drive තුලය.

Hard Disk වල මෙසේ තොරතුරු රැදවීම නිසා Hard Disk වැඩි වශයෙන් රැස්වෙනවා විතරක් නොව අධික බලශක්තියක් ද වැයවේ. මේ සියල්ල අඩු කිරීම සදහා දැන් නව ක්‍රමයක් සොයාගෙන ඇත. ඵනම් කැසට් ටේප්වල තොරතුරු රැදවීමටය. 


බේරියම් ෆෙරයිට් ලවන අංශු වලින් පිරියම් කරන ලද චුම්බක බලැති ටේප් එකක දත්ත කන්දරාවක් රදවන්නට එවුන් සමත්ව ඇතැයි New Scientist සගරාව වාර්තා කර ඇත. ඒ අනුව සෙන්ටි මීටර් දෙකක් පළලැති, සෙන්ටි මීටර් 10ක් දිගැති පටියක ටෙරාබයිට් 35 (35 TB) ක හෙවක් ගිගාබයිට් 35000 (35000 GB) ක දත්ත ප්‍රමාණයක් රදවන්නට පර්යේෂකයෝ සමත්ව සිටිති. මේ තොරතුරු ප්‍රමාණය, සාමාන්‍ය පොත් තුන් කෝටි පනස් ලක්ෂයක ඇති තොරතුරු ප්‍රමාණයට සමානය.

දැනට නිපදවා තිබෙන දත්ත රැදවිය හැකි චුම්භක පය සම්බන්ධව විසදිය යුතු අර්බුධයක්ද තිබේ. එනම් චුම්බක පටයක ඇති දත්ත ලබා ගන්නට ගත වෙන කාලය, Hard Drive එකකට වඩා වැඩි වීමය. එහෙත් පර්යේෂකයෝ ඒ ගැන සුභවාදීව සිතති. ඔවුන් පෙන්වා දෙන්නේ අසීරුම තැන ඔවුන් විසින් පෙන්වා දී ඇති බවයි. කෙසේ වෙතත් එම දත්ත ඉන් උකහා ගැනීමේ තාක්‍ෂණය තවදුරටත් දියුණු කිරීම එතරම් අපහසු නැති බව ඔවුන්ගේ අදහසයි.

Monday, April 7, 2014

බිහිරි බවේ ප්ලග් ගැලවීම

සාමාන්‍ය ජංගම දුරකතනයකින් හෝ MP3 ප්ලෙයරයකින් ගීත අසන්නා ඵ් සදහා ඉයර්ෆෝන් හෝ ඉයර්ප්ලග් පැළැදිය යුතුය. මෙම ඉයර්ෆෝන් වලින් නික්මෙන ශබ්දය ගැන ජාත්‍යන්තර ප්‍රමිතියක් සැකසීමේ වැඩ දැන් යුරෝපා කොමිසම විසින් අරඹා තිබේ. ඉයර්ෆෝනයකින් නික්මිය යුතු උපරිම හ‍ඩේ සැර කොපමණදැයි යන්න පිළිබද යොජනා දැන් යුරෝපා කවුන්සිලය අපේක්‍ෂා කරන්නීය. 

ඉයර්ෆෝන්වල ශබ්දය නොගැළපෙන තරමට ඉහළ දමාගෙන ගීත ඇසීම නිසා, මහලු වයසට එන්නට කලින්ම කන් ඇසීම නැතිව යාමට පුළුවන් බව එළි වූයේ මීට අවුරුදු කීපයකට කලිනි.

2009 වසරේ යුරෝපා කොමිසම විසින් කළ සමීක්‍ෂණයකින් ඵළි වූයේ , ඕනෑවට වඩා වැඩි හඩින් දිගින් දිගටම ඉයර්ෆෝන් වලින් ගීත ඇසීම නිසාම කෝටියක් යුරෝපියයන් සදාකාලික බිහිරන් බවට පත්ව සිටින බවයි. එසේම සමීක්‍ෂණ‍යෙන් පෙනී ගියේ, ඉයර්ෆෝන් කනේ ගසාගෙන ගීත අසමින් ඉන්නා සෑම දෙදෙනෙකුගෙන් අයෙක්ම දැනටමත් කුමන හෝ ශ්‍රවණ ආබාධයකින් පෙළෙමින් ඉන්නා බවයි.                                                                           
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඩෙසිබල් 85ට වඩා වැඩි ශබ්දය කනට හානිකර බවය. එහෙත් දැන් බොහෝ දෙනා ඉයර්ෆෝන් වලින් අසන හඩ ඩෙසිබල් 120ට කිට්ටුය.






මින් කියවෙන්නේ ඉයර්ෆෝන් වලින් ගීත ඇසීම සපුරා අනතුරුදායක බව නොවේ. වඩා වැඩි හඩින් ගීත ඇසීම අනතුරුදායක බවය. යුරෝපා කොමිසම දැන් සැරසෙන්නේ මෙසේ අනතුරුදායක මට්ටම දක්වා ශබ්දය වැඩි කල නොහැකි තාලයේ ඉයර්ෆෝන් තැනීම නීතිගත කිරීමටය. ඵ් නීති අනුව යමින් තනන ඉයර්ෆෝනයක හඩ අපට ඕනෑ හැටියට ඩෙසිබල් 80කට වඩා වැඩි කළ නොහැකි වනු ඇති.