ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Monday, December 15, 2014

මොකක්ද මේ Ello

Ello Social Network Logo Simple Beautiful & ad-free
ඇත්ත වශයෙන්ම කියනවානම් Ello කියන්නෙ Facebook වගේ නොවන  හොඳ සමාජ ජාලයක්. මා එසේ  පැවසුවේ අනෙක් සමාජ ජාල මෙන් ඔබව පිටස්තර කෙනකු හමුවේ විකිණෙන භාණ්ඩක් බවට පත් නොකිරිමයි.

Facebookහි සැරිසරන විට ඔවුන් ඹබව අධ්‍යනය කරයි. එනම් ඔබ සමග එක් වෙන හැම මිතුරෙක්ම හා ඹබ විමසා බලන හැම ලින්ක් එකක්ම වාර්තාගත වෙනවා පමණක් නොව දත්ත බවට පෙරලයි. ඔබගේ හැසිරිමට ගැලපෙනසේ වෙළද දැන්වීම් එවන්නට මෙම දත්ත යොදා ගැනේ  නමුත් Ello එසේ නැත.

Ello සේවය පවත්වා ගෙන යාමට මුදල් උපයාගන්නේ, එයට එක් කළ හැකි විවිධාංග සහ සේවා කැමති අයට විකුණමිනි. Ello social networking සේවය සතුව ලොව ප්‍රකට සියලු  social networking සේවාවල තිබෙන අංග තිබේ. එහෙත් එහි interface එක සරලය.

Elloහි account එකක් සාදා ගන්නට අවශ්‍ය නම් තමාටත් එම අවස්ථාව දෙන්නැයි කියා පණිවුඩයක් Ello වෙබ් අඩවියට පිවිස යැවිය යුතුය. එවිට එය තහවුරැ කළ ඊමේල් පණිවුඩයක් ලැබේ. මෙසේ account එකක් සාදා ගතහැකිය. Ello සමාජ ජාලය නිර්මාණය කර ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ජනපදයේ පෝල් බට්නීෂ් විසිනි.

2014 මාර්තු 18 වැනිදා කාටත් පරිහරණය කළ හැකි සේ අන්තර්ජාලයට එක් කළේය. එහෙත් Ello සේවය ගැන ජන මාධ්‍ය වාර්තා පළ කිරීම ඇරඹුණේ පසුගිය සැප්තැම්බරයේදිය. ඒ සමඟ Ello ලෝ ප්‍රකට විණ. එය කෙතරම් ජනප්‍රිය වුවාද කියතොත් දැන් සෑම පැයකටම Ello වෙත ඉල්ලීම් 30 000 ක් ලැබේ. එසේ සකසා ගන්නා එකවුට් අතරින් 20% පමණ නිරන්තරයෙන් භාවිතයට ගැනෙන ඒවාය. ඒ අනුව දැන් පැයකට 6000 ක් දෙනා බැඟින් ලෝකයා Ello වෙත යති.

පිවිසෙන්න - ello.co

Friday, December 12, 2014

Google Translate වෙත සිංහල එක් වෙයි

යම් භාෂාවක වචන, වාක්‍ය පමණක් නොව වෙබ් පිටු පවා තවත් භාෂාවකට ක්ෂණිකව පරිවර්තනය කර දීමේ සේවාවක් ලෙස Google Translate සරලව හැඳින්විය හැක.
මෙය Google ආයතනයෙන් නොමිලයේ සපයන තවත් විශිෂ්ට සේවාවකි.


මෙය ආරම්භ වී දැනට වසර කිහිපයක් ගත වුවද තවමත් සහය දක්වන්නේ සීමිත භාෂා ගණනකට පමණි. එම භාෂා කිහිපය අතරට අද දින සිංහල භාෂාවද එක් කිරීමට Google ආයතනය කටයුතු කර තිබේ. https://translate.google.lk/#si/en/ වෙත පිවිසීම මඟින් දැන් ඔබට එය අත්හදා බැලීමට පුළුවන.

Google Translate වෙත සිංහල භාෂාව එක් කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක සිට කතා බහට ලක් වුවුද, එය තරමක් පමා වූයේ සිංහල වැනි සංකීර්ණ භාෂාවක් සඳහා ඇල්ගොරිතමයක් ගොඩනැගීම ඉතාමත් අසීරු කාර්යයක් බැවිනි. එය තරමක් පහසු කර ගැනීම සඳහා ඔවුන්  පරිවර්තන සමුහයක් (Translate Community) නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. එයට සමගාමීව සිංහල පරිවර්තන සතිය (Sinhala Translate Week) වැනි වැඩසටහන් ද දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ අතර මේ සඳහා සහභාගී වූවන් දසදහස් වශයෙන් පරිවර්තන සිදු කරමින් මෙම මහඟු කර්තව්‍යය සඳහා සහයෝගය දක්වන ලදී.

Sinhala Translate Week 2014 Logo


අද දින සිංහල භාෂාවද ඇතුළුව භාෂාවන් 10ක් Google Translate වෙත එකතු කර ඇත. පහත දැක්වෙන්නේ එම භාෂාවන්ය.


  1. Chichewa
  2. Malagasy
  3. Sesotho
  4. Malayalam
  5. Myanmar
  6. Sinhala
  7. Sundanese
  8. Kazakh
  9. Tajik
  10. Uzbek


මෙම භාෂාවන් https://translate.google.com/ වෙත පිවිසීමෙන් පමණක් දැනට භාවිතා කල හැකි අතර නුදුරේදීම mobile apps හා Google Chrome වෙතද එක් කරන බව Google සමාගම පවසයි.

Google Translate වෙත සිංහල එක් වීමෙන් ශ්‍රී ලාංකිකයන් හට සැලසෙන වාසිය අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සඳහා Google ආයතනයටත්, Google ආයතනයේ ලාංකික නියෝජිතයින් හටත්, පරිවර්තන සමූහය සමඟ එක් වූ සියලුම පරිවර්තකයන් හටත්, නන් අයුරින් සහය දැක්වූ සැමටත් අපගේ හද පිරි ස්තුතිය හා ගෞරවය පිරිනැමිය යුතුය.