ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Thursday, July 24, 2014

වින්ඩෝස් 8.1 මීළග සංස්කරණය අගෝස්තු 12 පැමිණීමට නියමිතය

මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 8.1 හි දෙවන සංස්කරණය අගෝස්තු 2 වන දින එළිදැක්වීමට සූදානමින් සිටී. මෙම තොරතුර රුසියානු වෙබ් අඩවියක් මගින් පසුගිය දින ලොවට හෙලිවින. කෙසේ වෙතත් මෙම නව සංස්කරණයේ ඉදිරිපස පෙනුම සහ ගතිගුණ අතින් කිසිවක් දියුණු කොට නොමැති බවයි මොවුන් පවසා සිටින්නේ.



මීළගට පැමිණෙන්නට නියමිත වින්ඩෝස් 9 මෙහෙයුම් පද්ධතිය නම් කර ඇත්තේ වින්ඩෝස් තර්ස්හෝල්ඩ් (Thershold) ලෙසය.එය මෙම වසර අවසානයේ එලි දැක්වෙන්නට නියමිත බව මොවුන් විසින් දන්වා තිබේ. මෙම මෙහෙයුම් පද්ධතිය විසින් පරිගණකයට සම්බන්ධ කරන ඕනෑම උපකරණයක් ඉතාමත් ඉහළ කාර්යක්ෂමතාවයෙන් Windows 9 සමග පවතින බවත් Windows 8.1 වලට වඩා නව ගුණාංග එහි පවතින බවත් පවසා ඇත. 

කෙසේවෙතත්  නවතම ගුණාංගත් සමග පැමිණෙන windows 9 තර්ස්හෝල්ඩ්” මෙහෙයුම් පද්ධතිය  Windows 8.1 මෙහෙයුම් පද්ධතියට වඩා බොහෝ සෙයින් ජනප්‍රිය වීමට ඉඩ ඇති බවත් දන්වා ඇත.




Tuesday, July 15, 2014

වින්ඩෝස් 8 චීනයේ තහනම්

චීන ආණ්ඩුවේ ආයතනවල පරිගණක වලදී වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය යොදාගෙන ඇමරිකාවේ ජාතික ආරක්‍ෂක ඒජන්සිය(NSA) චීනයේ ඔත්තු බැලීම මෙම තහනමට හේතු වූයේ යැයි පසුගියදා චීන ජනමාධ්‍ය වාර්තා කළාය. 

මෙම තහනම මුලින්ම පනවන්නට යෙදුණේ පසුගිය මැයි මස 20 වැනිදාය. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන විට වැඩි විදුලි බලයක් වැය වන බැවින් බලශක්තිය ඉතිරි කිරීමේ පියවරක් ලෙස එය භාවිතා කිරීම අත්හළ බව චීන ආණ්ඩුවේ මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් එදා කීවේය. 

එහෙත් ඊට නියම හේතුව නම් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඇමෙරිකානු ආණ්ඩුවට ඔත්තු බැලීම බව ඒත්තු ගන්වන විශේෂ වාර්තා වැඩසටහනක් ජූනි 05 වැනිදා චීන ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේය.

මේ තත්ත්වය උඩ රාජ්‍ය ආයතන වලට යොදාගනු පිණිස ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් චීන රජයෙන් දියුණු කරයි. එහෙත් වින්ඩෝස් XP හෝ වින්ඩෝස් 7 භාවිතා කරයි. ඇතැම් රාජ්‍ය ආයතන චීනයේ පුචලිත කයිලින් (Kylin) සහ ස්ටාට් ඕඑස් (StartOS) යන ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කරයි.