ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Wednesday, October 1, 2014

Windows 10 හඳුන්වා දෙයි

ඔබ පමණක් නොව ලොවම පුදුම කරමින් Microsoft සමාගම Windows 8 වලින් පසුව Windows 9 නොව Windows 10 නමින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය අද දින ලොවට හඳුන්වා දෙන ලදී. පුද්ගල පරිගණක වල සිට ජංගම දුරකථන දක්වාම විහිදෙන සියලු උපාංගයන් සඳහා සහය දක්වන ලෙස හා Windows 8 වල තිබු අඩුපාඩු අවම වන ලෙස Windows 10 නිපදවීමට Microsoft සමාගම දැඩි උත්සාහයක් ගෙන ඇති බවක් දක්නට ලැබේ.

Windows 7 සහ Windows 7 වලටත් වඩා පැරණි මෙහෙයුම් පද්ධති තවමත් භාවිතා කරන මිලියනයකට අධික වූ පිරිස Windows 10 පිළිබඳව යම් සැලකිල්ලක් දක්වාවි යයි Microsoft සමාගම විශ්වාස කරයි.

Microsoft සමාගම desktop සංස්කරණය පමණක් එළිදැක්වූ අතර tablets, smartphones සහ අනෙකුත් උපාංග සඳහාද Windows 10 සහය දක්වනු ඇත.


Windows 8 හි සමන්විත වූ සම්පුර්ණ තිරය පුරා විහිදෙන start menu එක වෙනුවට Windows 7 ඇතුළු පැරණි Windows මෙහෙයුම් පද්ධතියන්ගේ තිබු අකාරයට නව Windows 10හි  start menu එක නිර්මාණය වී තිබීම කැපී පෙනෙන්නකි. Windows 8 හි ආකාරයට live tilesද මෙම නව start menu එකට ඇතුලත් කර ඇත.



ඔබ Windows 8 භාවිතා කර ඇත් නම් Windows 8 සඳහාම නිර්මාණය කරන ලද apps විවෘත කරන විට නව අතුරු මුහුණතක් සමඟින් සම්පුර්ණ තිරය පුරාම විහිදෙන ලෙස විවෘත වන ආකාරයත්, සාමාන්‍ය මෘදුකාංගයක් සාම්ප්‍රදායික desktop අතුරු මුහුණතහි විවෘත වන ආකාරයත් අත්විඳ ඇත. මෙය touch screens භාවිත කරන්නන් හට තරමක් පහසු වුවත් මවුසයක් සහ යතුරුපුවරුවක් සමඟින් පරිගණකය භාවිත කරන්නන් හට බොහෝ විට කරදරයකි. ඒ හේතුවෙන් Windows 10 හිදී මවුසයක් සහ යතුරුපුවරුවක් භාවිතා කරන්නන් හට පහසු වන ලෙස සියලුම apps සාම්ප්‍රදායික desktop අතුරු මුහුණතහිම  විවෘත වන ආකාරයට නිර්මාණය කර ඇත.


මීට අමතරව desktop views කිහිපයක වැඩ කල හැකි ආකාරයට නව පහසුකමක් Windows 10හි ඇතුලත් වේ. මෙය සැබවින්ම පරිශීලකයන් හට වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දෙනු ඇත. Linux වැනි මෙහෙයුම් පද්ධති භාවිත කරන්නන් හට මෙය නව අත්දැකීමක් නොවුනත් Windows පරිශීලකයන්හට මෙය නැවුම් අත්දැකීමක් වනු නිසැකය.



Touch සහ mouse & keyboards යන දෙවර්ගයම භාවිත කරන්නන් වෙනුවෙන් "continuum" නම් නව පහසුකමක් Windows 10 වෙත එක කර ඇත. ඔබ යතුරුපුවරුව ගැලවූ පසු tablet mode වෙත මාරු විය හැකි අතර එවිට tablets වලට ගැලපෙන ලෙස අතුරුමුහුණත වෙනස් වනු ඇත.

නව Windows 10 මෙහෙයුම් පද්ධතිය 2015 වර්ෂයේදී වෙළඳපොළට එක කිරීමට Microsoft සමාගම බලාපොරොත්තු වන අතර එහි මිල ගණන් හා පැරණි මෙහෙයුම් පද්ධතීන් වල සිට upgrade කරන අකාරයන් තවම දැනුම් දී නොමැත.