ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Wednesday, November 26, 2014

Folder Lock එකක් සාදාගන්නේ මෙහෙමයි







කොහොමද, යළුවනේ මම අද ඔයලට කියල දෙන්න යන්නේ වැදගත් දෙයක් ඔයල දන්නවනේ මේකෙ වැදගත්කම, හරි එහෙනම් වැඩේ පටන්ගමු.

පළමු පියවර :- Notepad එක Open කරගන්න කෝ.
දෙවන පියවර :- පහළ තියෙන Code එක Copy කරගන්න.ඊට පස්සේ YOUR PASSWORD HERE තියෙන තැන ඔයට කැමති Password එකක් දාගන්න.
                      
 cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
pause
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==
YOUR PASSWORD HERE goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
pause
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
pause
goto End
:End

තෙවැනි පියවර :-  File කියන Menu එකේ Save as යන්න.
සිව්වන පියවර :- ඔයට කැමති තැන Select කරල File name කියන තැනට Locker.bat යන්න ලබාදෙන්න. Save as type කියන තැනට All Files යන්න තෝරා Save කරන්න.

එහෙනම් යළුවනේ වැඩේ හරි දැන් ටෙස්ට් කරල බලමුද ,

   ඔයා හදාගත්ත bat file එක Open කරගන්නකෝ එතකොට Locker කියල Folder එකක් හැදේවි.ඔයට කමති දෙයක් මේ folder එකට Copy කරල ආයෙත් bat file එක Open කරගන්නකෝ එතකොට ඔයට පණිවිඩයට පෙනේවි ඒකට Y කියල type කරල enter කරන්න එතකොට Locker කියන Folder එක නැතිවේවි. ඔයට ආයත් Locker කියන Folder එක open කරගන්න ඔනේනම්  bat file එක Open කරල ඔයා කලින් ලබාදුන් Password එක Type කරල Folder එක open කරගන්න.
එහෙනම් මම යනව යාළුලවනේ………………………………………………


ලයිට්පීක්-අධිවේගී තොරතුරු හුවමාරු ක්‍රමයක් එළි දකී!


ලයිට්පීක්

අධිවේගී තෙරතුරු හුවමාරු ක්‍රමයක් එළි දකී!

පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරුවට දැනට යොදා ගන්නේ තඹ කම්බි හෙවත් තඹ සන්නායක කොටස්ය. එහෙත් ඒ වෙනුවට ප්‍රකාශ තන්තු හෙවත් (Optical Cables) යොදා ගත හැකි ක්‍රමයක් ඉන්ටෙල්(Intel) සමාගම සොයා ගෙන තිබේ. ඒ නව තාක්ෂණය නම් කොට තිබෙන්නේ ලයිට්පීක් (LightPeak)’ කියාය.


          ලයිට්පීක් ක්‍රමයේදී, සියුම් ප්‍රකාශ තන්තු යොදා ගෙන දැන් තිබෙන ඕනෑම පරිගණක උපාංගයක් එකිනෙකට සම්බන්ධ කරන්නට පුළුවන මව්පුවරුවේ තඹ ලෝහයෙන් මුද්‍රිත පරිපථ හරහා කෙරෙන විදුලි හුවමාරුවීම් සියල්ල කරන්නට ලයිට්පීක් ප්‍රකාශ තන්තු යොදාගත හැක.

මෙතැන තිබෙන විශේෂ වාසි අතරින් කැපී  පෙනෙන්නේ ලයිට්පීක් තන්තු හරහා තොරතුරු හුවමාරු කළ හැකි වේගයයි. එය තප්පරයට ගිගාබයිට් 10 (10Gbps) කි.මේ වේගය අනුව තෙරතුතරු හුවමාරු ‍වෙන විට බ්ලූරේ ඩිස්ක්(Blue Ray Disk) එකක රැදවිය හැකි ගිගා බයිට් 25ක් (25GB) තරම් තොරතුරු ප්‍රමාණයක් තවත් තැනකට Copy කරන්නට ගත වෙන්නේ තප්පර 30කි.

දැන් තිබෙන අලුත්ම USB Port Interface එක වන USB 3.0 Port එකක වේගය හෙවත් (Super speed USB) වේගය 5Gbps කි.ඒ අනුව බලන විට ලයිට්පීක් තාක්ෂණය වේගවත්ය. 2020 වන විට ලයිට්පීක් වේගය 100Gbps වැඩිකළ හැකි බව Intel සමාගමේ ජේසන් ෂීලර්ගේ මතයයි.

ලයිට්පීක් ක්‍රමයේදී යොදා ගන්නා ප්‍රකාශ තන්තුව කෙස්ගසකින් භාගයක් තරම් සියුම් විෂ්කම්භය මයික්‍රොන 62.5 (62.5µ) වූ එකකි. සාමාන්‍ය ප්‍රකාශ තන්තුවක් වීදුරු වලින් තනා තිබෙන නිසා එය කැඩෙනසුලුය. එහෙත් ලයිට්පීක් තනා තිබෙන්නේ විශේෂ ප්ලාස්ටික් (Ultem Plastic) වර්ගයකින් නිසා නැමෙනසුලු බව වැඩිය. දූවිලි සහ වෙනත් ගැස්සීම් වලට ඔරොත්තු දෙන මෙය මීටර් 100ක දුරකට තොරතුරු හුවමාරු කළ හැකිය.


  [Source: විජය පරිගණක]