ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Saturday, February 21, 2015

DataSTICKIES! හඳුන්වා දෙයි.

      පරිගණකයක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගැනීමට Flash Drive භාවිත කිරීමේ දී විවිධ අපහසුතාවන්ට ලක්වේ. Flash Drive නියමිත Slot එකටම සම්බන්ධ කළයුතු වීම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපංගයක් වීම, නිතර මගහැරෙන්නට හෝ නැති වීමට ඉඩ තිබීම යනාදියයි. මෙම අපහසුතාවයන් මගහැර පරිගණක අතර දත්ත හුවමාරු කළ හැකි නව උපාංගයක් හඳුන්වා දී ඇත. එය නමින් Datastickies ලෙස හැඳින්වෙන අතර එය

නිපදවූයේ ඉන්දියාවේ ආදිති සිං සහ පරාග් ආනන්ද් යන දෙදෙනා විසිනි. Datastickies යනු Sticky Note මෙන් සැහැල්ලු කඩදාසි ලෙස පෙනෙන ඉලෙක්ට්‍රොනික තීරු විශේෂයකි. එය තනා ඇත්තේ Protective layer දෙකකට මැදි කළ Graphene layer එකක් යොදාගෙනය. මෙම තීරුවක 32GB දක්වා තොරතුරු රැදවිය හැක. තොරතුරු රැදවූ මෙවැනි තීරුවක් එහි ඇති මැලියම් තීරුව මගින් යම් තැනක ඇලවූ විට,  Flash Drive එකක් USB Port එකට සම්බන්ධ කළ විටදී මෙන් දත්ත හුවමාරු කළ හැක. මෙම Datastickies එකකින් දත්ත හුවමාරු කළ හැකි විශේෂ ස්ථරයක්ද (ODTS- Optical Data Transfer Surface) තනා තිබේ. එය පාරදෘශය. ස්ටිකරයක්මෙන් පරිගණක මොනිටරය වටා ඇති පෙදෙසේ, Smart Phone යේ යනාදී ඕනෑ තැනක එය අලවා විදුලි සම්බන්ධය ලබා දිය හැක. දැන් මේ ODTS මත අලවන Datasticki එකෙහි ඇති දත්ත පරිගණකය හෝ වෙනත් දත්ත භාවිතා කෙරෙන උපකරණයක් වෙත ලබා ගන්නට පුළුවන.


            මෙම Datastickies විවිධ පැහැයෙන් නිමවා ඇති අතර Flash Drive 100ක් 200ක් ලඟ තබා ගත්විට මෙන් ඉන් ප්‍රයෝජන ලබා ගත හැක. මෙම Datastickies තාක්ෂණය සම්පූර්ණයෙන් ම අත්හදා අවසන් අතර එහි ප්‍රායෝගික දෝෂ නැත. වානිජ වශයෙන් නිර්මාණය කරන විට Flash Drive වලට වඩා අඩු මිලකට ලබදිය හැකි බව නිෂ්පාදකවරුන්ගේ මතයයි.                

Friday, February 20, 2015

ඇපල් වොච් යනු,

ඇපල් සමාගම මේ වසරේ එළිදැක්වූ නවතම උපාංගයක් ගැන තොරතුරු.

කවදත් විප්ලවීය තාක්ෂණික මෙවලම් තැනූ ඇමරිකාවේ Apple Computers සමාගම දැන් නවතම ඇපල් වොච් (Apple watch) නම් උපකරණයක් හඳුන්වා දී තිබේ. 2014 වර්ෂයේ හඳුන්වා දුන් මෙය හුදෙක්ම අතේ බැඳගෙන යා හැකි කුඩා පරිගණකයකි.

සාම්ප්‍රදායික අත් ඔරලෝසුවක පෙනුම ඇති මෙහි මුහුණත ටච් ස්ක්‍රීනයකින් (Pressure sensitive touch screen) නිමවා තිබේ. මෙහි ඇති තාක්ෂණය Ion – X glass යනුවෙන් හැදින්වේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ Smart pone එකක ඇති App පහසුකම මෙහි ද භාවිත කල හැකි වීමයී. එසේම GPS තාක්ෂණය ඔස්සේ වෙලාව ස්වයංක්‍රීයව සකස් කර ගැනීම ද මෙය සතු තවත් විශේෂ ලක්ෂණයකි. ඇපල් වොච් එක හතරැස් පෙනුම ඇති ප්‍රමාණ දෙකකින් (38mm සහ 42mm)නිමවා ඇති අතර විවිධ ප්‍රමාණයේ මෝස්තර 34කින් සමන්විත ය.
ඇපල් වෙච් ක්‍රියාත්මක වන්නේ “Watch OS” කියා හදුන්වන මෙහෙයුම් පද්ධතියකිනි. තනිව ක්‍රියාත්මක නොවන මෙම උපාංගය භාවිත කල හැක්කේ අයිෆෝනයක් iphone යක් සමග ඇති Bluetooth සහ Wifi සම්බන්ධතාවයකින් පමණි. විශේෂ සංවෙදක ලක්ෂණයක් ලෙස හැදින්විය හැක්කේ මෙහි screen යේ ඇති සංවෙදක මගින් tap සහ Press වෙන් වෙන් වශයෙන් හදුනා ගැනීමයි.
ඇපල් වෙච් එකෙහි බැටරිය චාර්ජ් කරන්නේ කේබලයකින් සම්බන්ධ කර නොවේ. විශේෂ චාජරය කාන්දම් බලයෙන් ඔරලෝසුවේ පසුපසට ඇලවිය හැක. එය ඉබේම සීරු මාරු වී චාර්ජ්වීම අරඹයි. මෙය ‘MagSafe’ තාක්ෂණයයි. මෙම චාර්ජ් කිරීමේ ක්‍රමය ප්‍රේරක හෙවත් ඉන්ඩක්ටිව් (inductive charging)ක්‍රමයයි.

වැඩිදුර අධ්‍යනය සදහා,