ලෝකයේ බහුලවම භාවිත වෙබ් බ්‍රවුසර් අතරින් තෙවන ස්ථානයේ රැදී සිටින්නේ Google Chrome ය. Mozilla Firefox ආදර්ශයට ගනිමින් Google සමාගම ආරම්භ කළ Chromium නම් ව්‍යාපෘතියක් තුලින් Chrome උපන්නේය. ඒ Google සමාගමේ නිල වෙබ් බ්‍රව්සරය ලෙස 2008 දීය. මෑතක් වනතුරු hack නොවී තිබුණු ප්‍රධානපෙලේ එකම වෙබ් බ්‍රවුසරය ද Chrome විය. කෙසේවෙතත් ඒ වාර්තාව බිඳහෙලමින් 2012 මුල්භාගයේදී Chrome පිටපිට තෙවතාවක්ම ප්‍රසිද්ධියේ හැක්වුණේය. ඒ සුප්‍රකට hacking තරඟාවලී දෙකක් වන Pwn2Own හා Pwnium තරඟාවලී තුලදීය.
'Pwn' යන යෙදුමෙන් නිරූපණය වනුයේ 'Hack' යන වදනයි
Pwn2Own තරඟාවලිය ආරම්භවුණේ 2007 දීය. එහි විශේෂත්වය වන්නේ සාර්ථක හැක් කිරීමක් කල පසු එම උපාංගය හැකර් තරඟකරුවාට ත්‍යාගයක් ලෙස පිරිනැමීමයි. මීට අමතරව එක් එක් අභියෝගය සඳහා සැලකිය යුතු ප්‍රමාණයේ මුදල් ත්‍යාගයක් ද හිමි වේ. මේ තරඟාවලිය සඳහා Microsoft, Apple, Google වැනි ලොව ප්‍රකට සමාගම් අනුග්‍රහය දක්වයි- ඒ තම නිපැයුම්වල ආරක්‍ෂිතභාවය පරික්‍ෂාකරගැනීමේ අරමුණිනි. තරඟයේ 'Web Application' අංශයේ ප්‍රධාන ඉලක්ක ලෙස ඉදිරිපත් කර ඇත්තේ Mozilla Firefox, Microsoft Internet Explorer, Apple Safari ආදි බ්‍රව්සර්ය. Google Chrome මේ සඳහා ඉදිරිපත් වූයේ 2009 දීය. එදාපටන් පැවැත්වූ සෑම තරඟාවලියකදීම අනෙක් බ්‍රවුසර් සියල්ල තරඟකරුවන්ගේ විවිධාකාර හැකර් ප්‍රහාර හමුවේ අනාරක්‍ෂිත වුවත් Chrome හැක් කිරීමට කිසිවෙකුටත් නොහැකිවිය.
VUPEN Security කණ්ඩායම |
2011 තරඟාවලියෙන් පසුව Pwn2Own නීතිරීති වෙනස් කිරීමකට ලක්වුණා. නව නීතියට අනුව තරඟකරුවන්ට තමන් සිදුකල හැක්කිරීමේ පියවර හෙළි නොකර අභියෝග ජයගත හැකි බව තීන්දුවිය. එම නව කොන්දේසි වලට විරුද්ධත්වය පළකරමින් 2012 සිට Pwn2Own වෙත තමන් දක්වන සහයෝගය ඉවත්කරමින් Pwnium නමින් වෙනම හැකින් තරඟාවලියක් ඉදිරිපත් කිරීමට Google සමාගම කටයුතු කළේය. ඇමරිකානු ඩොලර් මිලියන 1ක මුලු ත්‍යාග මුදලක් වෙන්කර ඇති Pwnium තරඟාවලියෙහි ඉලක්කය Chrome වෙබ් බ්‍රව්සරයයි.
Pwnium හි ප්‍රථම තරඟය ද පසුගිය මාර්තු 7, 8, 9 යන දිනවලදී (Pwn2Own හා සමගාමීව) පැවැත්වුණු අතර එහිදී ද Chrome සාර්ථකව දෙවතාවක් හැක්කිරීමට ලක්විය. එහිදී ඩොලර් 120000ක මුදලක් දිනාගැනීමට එම තරඟකරුවන් දෙදෙනා සමත්වූ අතර Pwnium නීතිරීති අනුව හැක්කිරීමේදී ඔවුන් අනුගමනය කළ සම්පූර්ණ ක්‍රියාවලියම හෙලිකිරීමට සිදුවිය. තරඟාවලිය අවසානයේ දී Chrome හි දුර්වලතා 5ක් අනාවරණය විණි. ඒ අනුව යමින් පැය 24ක් ගතවීමටත් මත්තෙන් ඒ සඳහා පිළියම් ලෙස Patches නිකුත්කිරීමට Google සමාගම කටයුතු කළේය. Chrome වෙබ් බ්‍රවුසරයේ autoupdate වීමේ ක්‍රියාවලිය නිසා තවදුරටත් ඒ හැක්කිරීම් ලොවපුරා ඇති Chrome බ්‍රවුසර් සඳහා වලංගුවන්නේ නැත.
මේ අනුව බලන විට හැක්වීම-නොවීම කෙසේවෙතත් අනෙක් web browser හා සසඳනවිට Google සමාගම තම Chrome බ්‍රවුසරය සඳහා ලබාදෙන සහාය ඉහළ මට්ටමක පවතින බව පෙනේ. ඒ අනුව තවදුරටත් ආරක්‍ෂාකාරීම වෙබ් බ්‍රවුසරය ලෙස කෙතරම් කාලයක් Chrome ඉදිරියෙන්ම සිටිනු ඇත්ද?.
18 comments:
මරු ලිපියක් නියමයි හැමදාම එන්න ඕනේ මේ පැත්තේ
වටින විස්තරයක්....
නියම ලිපිය. දිගටම ලියන්න. මේ මගේ බ්ලොග් එක. www.okkomafree4u.co.cc
කට්ටියටම ස්තූතියි කොමන්ට් කලාට. දිගටම අපිත් එක්ක රැඳිල ඉන්ඩ. රොයිටර් සේවයෙන් රෙජිස්ටර් උනානම් අලුත් ලිපි දාපු ගමන් දැනගත්තැහැකි ;)
අපිව මේ ගැන දැනුවත් කරපු එකට ගොඩක් ස්තුතියි.
sha maru lipiyak neee.........
thanks aluth karunu apith ekka beda hadaa ganawata
obata jayen jaya.................!
ela
දැනගැනීම සතුටක්
ලංකාවේ කවුරුත් ඉදිරිපත් වෙලා නැද්ද hacking තරගයට? ජයවේවා Google Chrome!
ela ela
mamath hemadama chrome thamai...
hmmmmmmmmmmmm................
godak handa lipiyak!!!!!!!
nodannade samada oyala kiyala denawaane!!!!!
මේ වගේ සිද්ධි වලින් පේන්නේ කවරදාකවත් සර්ව සම්පූර්ණ මෘදුකාංග නිර්මාණය කිරීමට නොහැකි බවද?
@Ruwan, @Priyan, @Inika, @Dev, @Anonymous, @Unknown: බොහොම ස්තූතියි අපිත් සමග අදහස් බෙදහෙදාගැනීම වෙනුවෙන්.
@Unknown: "100යට 100ක් ආරක්‍ෂිත පද්ධතියක් යනු 100යට 100ක් ඵලරහිත පද්ධතියකි" කියන කියමනත් අමතක නොකළ යුතුයි.
That is true
elakiri lipiyak ne super
මගේ නම් අදහස ක්‍රෝම් වලට වඩා ගිනි නරිය හොදයි කියල ,
උදාහරනයක් දෙන්නම් වයර්ශාර් වලින් ක්‍රෝම් එකෙන් යන මුර පදයි ගිනි නරියගෙන් යන මුර පදයි ස්නිෆ් කරලා බලන්න ,
තව මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මට නම් :)
post walata like karanna facebook link ekak danna.....
Comment එකක් දාන්න