ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Tuesday, January 10, 2012

Low-Level Programming languages

ලෝකයේ මේවන විට භාවිතා වන පරිගණක බොහෝමයක (පර්යේෂණ මට්ටමේ පරිගණක හැර) ක්‍රියාකාරීත්වය පදනම් වී ඇත්තේ විදුලි සංඥා මතය. එබැවින්, පරිගණකයට උපදෙස් ලබාදිය හැක්කේ යම් විදුලි සංඥා රටාවක් අනුව පමණි. සත්‍යවශයෙන්ම පරිගණකයට මින් හැර කිසිඳු භාෂාවක් තේරුම්ගත නොහැක (උදා: සිංහල, ඉංග්‍රීසි,...). පරිගණක වැඩසටහන් යනු මෙම විදුලි සංඥා රටාවන් පෙලගැසීමෙන් සාදන ලද පරිගණක උපදෙස්මාලාවන්ය. පරිගණකයට තේරුම්ගත හැකි සංඥා රටාවන් ඇත්තේ සීමිත ගණනකි. මේවා යන්ත්‍ර කේත(machine code) ලෙස හැඳින්වේ. මෙය පළමු පරම්පරාවේ ක්‍රමලේඛන භාෂාව ලෙස සැලකෙනවා.

යන්ත්‍ර කේතයන් පරිගණකයට තේරුම්ගත හැකිවුවද මිනිසාට තේරුම්ගැනීමට හා මතකතබාගැනීමට ඉතා අපහසුය. එබැවින් එලෙස පරිගණක වැඩසටහන් නිපදවීමට අධික වෙහෙසක් හා කාලයක් ගතවෙනවා. අනෙක් අතට, පරිගණක දෘඩාංග නිපදවන සමාගම් තමන්ටම ආවේනික යන්ත්‍ර කේත අනුව දෘඩාංග නිපදවනවා. එවිට, ඒ ඒ පරිගණක පද්ධති සඳහා ක්‍රමලේඛනයේ දී භාවිතා කළයුතු කේත රටාවන් වෙනවෙනම මතකතබාගැනීමට සිදුවෙනවා.

මෙම අපහසුතාව මගහරවා ගැනීමට ඇසෙම්බ්ලි(Assembly) නමින් ක්‍රමලේඛන භාෂාවක් එළිදැක්වුනා. යන්ත්‍ර කේත මෙන් නොව ඇසෙම්බ්ලි කේත තරමක් දුරට මතකතබාගැනීමට පහසු, අවබෝධයක් ලබාගත හැකි සරල ඉංග්‍රීසි වදන් කිහිපයක් ඇසුරුකරගත් භාෂාවකි. පරිගණකයට කෙලින්ම ඇසෙම්බ්ලි භාෂාව තේරුම්ගත නොහැකි බැවින් ඇසෙම්බ්ලර්(Assembler) නම් වැඩසටහනක් භාවිතයෙන් ඇසෙම්බ්ලි කේත, යන්ත්‍ර කේත බවට පත්කිරීමෙන් පසුව පරිගණකයට උපදෙස් වශයෙන් ලබාදෙනු ලබනවා. එනිසා, ඇසෙම්බ්ලි දෙවන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂාව ලෙස සැලකෙනවා.

මෙනිසා තරමක් පහසුවෙන් ක්‍රමලේඛනය කිරීමට අවස්ථාව උදාවුණා. ක්‍රමලේඛනය කර අවසානයේදී යන්ත්‍ර කේත ස්වයංක්‍රියව නිර්මාණය කරගත හැකි වුණා.

නමුත් ඇසෙම්බ්ලි භාෂාව පවා තේරුම්ගැනීම එතරම් පහසු නැහැ. යන්ත්‍ර කේත හා ඇසෙම්බ්ලි කේත මගින් උපදෙස් දීමේ දී දෘඩාංග හැසිරවීම් පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුයි. උදාහරණයක් විදිහට: පරිගණක මතකයට (RAM) ප්‍රොසෙසරයේ රෙජිස්තර (Registers) වලට කෙලින්ම උපදෙස් ලබාදීමට ක්‍රමලේඛන ශිල්පියා දැනගත යුතුයි. මේ හේතුව නිසා මේවා low-level languages ලෙස හැඳින්වෙනවා. අනෙක්අතට පරිගණක දෘඩාංග ක්‍රියාකාරීත්වය හොඳින්ම දන්නා අයෙකුට ඇරෙන්න වෙනත් අයෙකුට මේ භාෂාවන් භාවිත කිරීම බොහෝ අපහසුයි.

මෙවැනි සංකීර්ණතා සඟවමින් පහසුවෙන් ක්‍රමලේඛනය කිරීමේ අවශ්‍යතාව මීළඟට පැනනැගුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි high-level languages ඉදිරිපත් වුණේ.

විශේෂයෙන් මතකතබාගතයුතු වන්නේ පරිගණකයට තවමත් හඳුනාගෙන ක්‍රියාත්මක කළහැක්කේ යන්ත්‍ර කේත පමණක් බවය. high-level language හා සසඳන විට ඇසෙම්බ්ලි වැනි භාෂාවල විශේෂත්වය වන්නේ කේතයන් අදාල යන්ත්‍ර කේත වලට අනුරූපවීමයි. මෙනිසා ක්‍රමලේඛණ ශිල්පියාට පරිගණකය ඉතා කාර්යක්‍ෂමව හා අසීමිත බලයකින්(බොහෝදුරට) යුතුව පරිගණකය හැසිරවීමට අවකාශ ලැබෙනවා. මේ හේතූන් නිසා low-level languages තවමත් අඩුවක් නොමැතිව භාවිතා වීම පුදුමයට කරුණක් නොවේ.

ක්‍රමලේඛන භාෂාවන්

ක්‍රමලේඛන භාෂාවක් යනු යන්ත්‍රයකට(විශේෂයෙන් පරිගණකයකට) උපදෙස් ලබාදීම සඳහා යොදාගන්නා කෘත්‍රිම භාෂාවකටයි.  යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන වැඩසටහන් නිරූපණය කිරීමට, නිර්මාණය කිරීමට මෙම භාෂාවන් යොදාගතහැක.
පළමු ක්‍රමලේඛන භාෂාවන් වාර්තාවන්නේ පරිගණකය සොයාගැනීමටත් පෙර සිටයි. ජැකාර්ඩ්ගේ වියන යන්ත්‍ර හා පියානෝ වාදක පාලනය සඳහා යොදාගත් රටාවන් මුල්ම ක්‍රමලේඛන භාෂාවන් ලෙස සැලකෙනවා. ලොව ප්‍රථම පරිගණකය ලෙස හැඳින්වෙන චාල්ස් බැබේජ්ගේ differential engine සඳහා උපදෙස්මාලාවන් නිර්මාණය කළ ඇඩා ලව්ලේස් ලොව පළමු පරිගණක ක්‍රමලේඛන ශිල්පිනිය ලෙස හැඳින්වෙනවා.

පරිගණකයේ ප්‍රධාන කොටසක් තමයි මෘදුකාංග කියන්නේ. පරිගණකයේ ක්‍රියාකාරීත්වය පාලනය වන්නේ මේ මෘදුකාංග වැඩසටහන්වල අන්තර්ගත උපදෙස්මාලාවන් ගෙනි. ක්‍රමලේඛනය කියන්නේ මෙසේ උපදෙස් මාලාවන් සකස්කිරීමයි. අද වනවිට ක්‍රමලේඛන භාෂාවන් රාශියක් ලොවපුරා භාවිතයට ගැනෙනවා. Ada, ALGOL, Arc, Assembly, Awk, BASIC, Bash, Batch, C, C++, C#, COBOL, Delphi, Fortran, Java, J#, Lisp, Mercury, Modula, Oak, Python, VBA, VBScript ආදිය උදාහරණ සමහරක් ලෙස දැක්විය හැක. මෙසේ විවිධ භාෂාවන් භාවිතාවන්නේ එක් එක් කාර්යයන්ට උචිත ලෙසයි. උදාහරණයක් ලෙස, පරිගණක ක්‍රීඩා නිර්මාණය සඳහාම වෙන්වූ ක්‍රමලේඛන භාෂා තිබීම පෙන්වන්න පුලුවන්.

පරිගණක ක්‍රමලේඛනයක් යනු දීර්ඝ උපදේශන ලැයිස්ත්‍රවකි. පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය(CPU) එම උපදේශන කියවා ඉන් දැක්වෙන කටයුතු ක්‍රියාත්මක කරයි. ක්‍රමලේඛනය තුල දත්ත විශේෂයන් ඇතුලත් කර තිබේ නම් ඒවා භාවිතයට ගතයුතු අයුරු පිළිබඳ උපදෙස් ද ක්‍රමලේඛනය තුල පැහැදිලිව සඳහන් කර තිබිය යුතුය. දත්ත මගහැරයාමට ඇතොත් ඒ පිළිබඳවද උපදෙස් ඇතුලත් විය යුතුය.

හඳුන්වාදුන් කාලය අනුව, අයත්වන පරම්පරාව අනුව, භාවිතා වන කාර්ය අනුව පරිගණක ක්‍රමලේඛන භාෂා වර්ගීකරණය ක්‍රමවේදයන් බොහෝමයක් දකින්නට ලැබෙනවා. ක්‍රමලේඛනය ඉතා විශාල ක්‍ෂේත්‍රයක්. ඒවගේම කලාවක්. කුමන භාෂාවක් කොතැනකින් ඉගෙනගත්තත් එය පුද්ගලයන්ට ආවේනිකයි. මේ ක්‍ෂේත්‍රය තුළ ඔබේ සලකුණ?

ආයුබෝවේවා........

ආයුබෝවේවා හැමෝටම....... කෑගලු විද්‍යාලයේ අයි.ටී සොසයිටියේ අපි හැමදාම අලුත් දෙයකින් අලුත් අදහස් වලින් අයි.ටී වලට දෙයක් කරන්න තමයි උත්සාහ කරන්නේ.. .. ඔන්න ඉතින් මේකත් තව අලුත් විදිහේ වැඩක්....ඉදිරියේදී බලමු‍කෝ මොකද්ද ඒ කියලා....කොහොම හරි මේක තමයි විට්ස් අපේ නිල බ්ලොග් අඩවිය....http://blog.vidyalionsit.com වලින් දිගටම අපිත් එක්ක ඉන්න කියලා අපි ආරාධනා කරනවා....
පොඩ්ඩක් අපි ගැනත් කියන්නම් නැත්නම් හරිනෑ නේ... :D
කෑගලු විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ සංගමය ‍එහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට සිංහලෙන් කිව්වොත් විට්ස්  (Vidyalions’ IT Society) තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමු පාසල් තොරතුරු තාක්ෂණ සංගමය.......ඒ වගේමයි කෑගලු දිස්ත්‍රික්කයේ ප්‍රථම පාසල් තොරතුරු තාක්ෂණ දිනය සංවිධානය කළෙත් විට්ස් එකේ අපේ අය... ඒ තමයි බියෝන්ඩ්-අයි.ටී(Beyond-IT) තොරතුරු තාක්ෂණ දිනය.... මේ තොරතුරු තාක්ෂණ දිනය ගැනත්  මතක් කළොත් අපේ තොරතුරු තාක්ෂණ දිනය සදහා ශ්‍රී ලංකාවේ ප්‍රබලතම සමාගම් අත්වැල් බැදගත්තා...ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය , ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය ඊ-සොෆ්ට් ආයතනය වගේම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා දිවයින ද  අයිලන්ඩ්(උපාලි පුවත්පත් සමාගම) නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දැක්වූවා.....ඉතින් ආයුබෝවන්ඩ ඔය මාධ්‍ය අනුග්‍රාහකත්වය කියන්නේ ප්‍රවෘත්ති වලට විතරක් වැඩසටහන ගැන දාන එක නෙමෙයි  ඊ ට වඩා වැඩි යමක්..දන්නව ඇතිනේ :D
පොඩි පුරාජේරුවක් වෙන්න ඇති...ඒත් දන්නේ නැති දේ දැනගන්න කියන්න ඕනේ නේදඒ විතරක් ද ඇත්ත කියන එක වරදක් යෑ :S

කොහොම හරි සාර්ථක ගමනක් යන විට්ස්  අපි අපේ පරණ අයියලා ගැනත් මතක් කරන්න ඕනි.....කෑගලු විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය 1980 අග භාගයේ ඉදන්ම පැවතිලා තියෙනවා...විෂයක් විදියටත් ඒ කාලේ ඉදපු ‍අපේ අය ඉගෙන ගෙන තියෙනවා..ඒ විතරක් නෙමේ තොරතුරු තාක්ෂණ තරගාවලින් වලින් වගේම වැඩමුලුවලින් අපේ අය ජය අරගනත් තියෙනවා.....මේ මොහොතේදී අපි ‍‍ගෞරවයෙන් මතක් කරනවා විට්ස් පටන් ගන්නත් කලින් ඉදන් කෑගලු විදුහල් මාතාවට අයි.ටී වලින් ජයග්‍රහණ ගෙනාපු අපේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන්ව...... ඒ විතරක් නෙමේ අදටත් විට්ස් පිටිපස්සේ ඉන්න සියලුම ආදි කෑගලු විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන්ව මතක් ක‍රන්නේ ගෞරවයෙන් යුක්තව මොකද ඉස්කෝලේ ඉන්න අපිට මේ සොයිටිය ඉදිරියට ගෙනියන්න එයාලගෙන් ලැබෙන සහයෝගය වචන වලින් කියන්න බෑ....අපිට උදව් කරන්න කැමති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින විද්‍යාලයේ ආදිශිෂ්‍ය සහෝදරයෝ ඉන්නවනම් vits@kegaluvidyalaya.lk එකට ඊමේල් එකක් දාන්න