Tuesday, January 10, 2012

ආයුබෝවේවා........

ආයුබෝවේවා හැමෝටම....... කෑගලු විද්‍යාලයේ අයි.ටී සොසයිටියේ අපි හැමදාම අලුත් දෙයකින් අලුත් අදහස් වලින් අයි.ටී වලට දෙයක් කරන්න තමයි උත්සාහ කරන්නේ.. .. ඔන්න ඉතින් මේකත් තව අලුත් විදිහේ වැඩක්....ඉදිරියේදී බලමු‍කෝ මොකද්ද ඒ කියලා....කොහොම හරි මේක තමයි විට්ස් අපේ නිල බ්ලොග් අඩවිය....http://blog.vidyalionsit.com වලින් දිගටම අපිත් එක්ක ඉන්න කියලා අපි ආරාධනා කරනවා....
පොඩ්ඩක් අපි ගැනත් කියන්නම් නැත්නම් හරිනෑ නේ... :D
කෑගලු විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ සංගමය ‍එහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට සිංහලෙන් කිව්වොත් විට්ස්  (Vidyalions’ IT Society) තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමු පාසල් තොරතුරු තාක්ෂණ සංගමය.......ඒ වගේමයි කෑගලු දිස්ත්‍රික්කයේ ප්‍රථම පාසල් තොරතුරු තාක්ෂණ දිනය සංවිධානය කළෙත් විට්ස් එකේ අපේ අය... ඒ තමයි බියෝන්ඩ්-අයි.ටී(Beyond-IT) තොරතුරු තාක්ෂණ දිනය.... මේ තොරතුරු තාක්ෂණ දිනය ගැනත්  මතක් කළොත් අපේ තොරතුරු තාක්ෂණ දිනය සදහා ශ්‍රී ලංකාවේ ප්‍රබලතම සමාගම් අත්වැල් බැදගත්තා...ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය , ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය ඊ-සොෆ්ට් ආයතනය වගේම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා දිවයින ද  අයිලන්ඩ්(උපාලි පුවත්පත් සමාගම) නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දැක්වූවා.....ඉතින් ආයුබෝවන්ඩ ඔය මාධ්‍ය අනුග්‍රාහකත්වය කියන්නේ ප්‍රවෘත්ති වලට විතරක් වැඩසටහන ගැන දාන එක නෙමෙයි  ඊ ට වඩා වැඩි යමක්..දන්නව ඇතිනේ :D
පොඩි පුරාජේරුවක් වෙන්න ඇති...ඒත් දන්නේ නැති දේ දැනගන්න කියන්න ඕනේ නේදඒ විතරක් ද ඇත්ත කියන එක වරදක් යෑ :S

කොහොම හරි සාර්ථක ගමනක් යන විට්ස්  අපි අපේ පරණ අයියලා ගැනත් මතක් කරන්න ඕනි.....කෑගලු විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය 1980 අග භාගයේ ඉදන්ම පැවතිලා තියෙනවා...විෂයක් විදියටත් ඒ කාලේ ඉදපු ‍අපේ අය ඉගෙන ගෙන තියෙනවා..ඒ විතරක් නෙමේ තොරතුරු තාක්ෂණ තරගාවලින් වලින් වගේම වැඩමුලුවලින් අපේ අය ජය අරගනත් තියෙනවා.....මේ මොහොතේදී අපි ‍‍ගෞරවයෙන් මතක් කරනවා විට්ස් පටන් ගන්නත් කලින් ඉදන් කෑගලු විදුහල් මාතාවට අයි.ටී වලින් ජයග්‍රහණ ගෙනාපු අපේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන්ව...... ඒ විතරක් නෙමේ අදටත් විට්ස් පිටිපස්සේ ඉන්න සියලුම ආදි කෑගලු විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන්ව මතක් ක‍රන්නේ ගෞරවයෙන් යුක්තව මොකද ඉස්කෝලේ ඉන්න අපිට මේ සොයිටිය ඉදිරියට ගෙනියන්න එයාලගෙන් ලැබෙන සහයෝගය වචන වලින් කියන්න බෑ....අපිට උදව් කරන්න කැමති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින විද්‍යාලයේ ආදිශිෂ්‍ය සහෝදරයෝ ඉන්නවනම් vits@kegaluvidyalaya.lk එකට ඊමේල් එකක් දාන්න

5 comments:

Welcome ViTS!!! ආයුබෝවන්!!!

May you serve the web for a lifetime; for the salvation of the total student community of Sri Lanka.!!!

බොහොම ස්තූතියි Comment කරලා අපව දිරිමත් කළාට. ඔබව සාදරයෙන් පිළිගන්නවා.

ස්තූතියි. ඔබලාගේ කොමන්ට් අපිට ගොඩක් වටිනවා.

Comment එකක් දාන්න