ක්‍රමලේඛන භාෂාවක් යනු යන්ත්‍රයකට(විශේෂයෙන් පරිගණකයකට) උපදෙස් ලබාදීම සඳහා යොදාගන්නා කෘත්‍රිම භාෂාවකටයි. යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන වැඩසටහන් නිරූපණය කිරීමට, නිර්මාණය කිරීමට මෙම භාෂාවන් යොදාගතහැක.

පරිගණකයේ ප්‍රධාන කොටසක් තමයි මෘදුකාංග කියන්නේ. පරිගණකයේ ක්‍රියාකාරීත්වය පාලනය වන්නේ මේ මෘදුකාංග වැඩසටහන්වල අන්තර්ගත උපදෙස්මාලාවන් ගෙනි. ක්‍රමලේඛනය කියන්නේ මෙසේ උපදෙස් මාලාවන් සකස්කිරීමයි. අද වනවිට ක්‍රමලේඛන භාෂාවන් රාශියක් ලොවපුරා භාවිතයට ගැනෙනවා. Ada, ALGOL, Arc, Assembly, Awk, BASIC, Bash, Batch, C, C++, C#, COBOL, Delphi, Fortran, Java, J#, Lisp, Mercury, Modula, Oak, Python, VBA, VBScript ආදිය උදාහරණ සමහරක් ලෙස දැක්විය හැක. මෙසේ විවිධ භාෂාවන් භාවිතාවන්නේ එක් එක් කාර්යයන්ට උචිත ලෙසයි. උදාහරණයක් ලෙස, පරිගණක ක්‍රීඩා නිර්මාණය සඳහාම වෙන්වූ ක්‍රමලේඛන භාෂා තිබීම පෙන්වන්න පුලුවන්.

හඳුන්වාදුන් කාලය අනුව, අයත්වන පරම්පරාව අනුව, භාවිතා වන කාර්ය අනුව පරිගණක ක්‍රමලේඛන භාෂා වර්ගීකරණය ක්‍රමවේදයන් බොහෝමයක් දකින්නට ලැබෙනවා. ක්‍රමලේඛනය ඉතා විශාල ක්‍ෂේත්‍රයක්. ඒවගේම කලාවක්. කුමන භාෂාවක් කොතැනකින් ඉගෙනගත්තත් එය පුද්ගලයන්ට ආවේනිකයි. මේ ක්‍ෂේත්‍රය තුළ ඔබේ සලකුණ?
වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාලම යන්න. ඔබේ අදහස්, අවවාද, තර්ක අපිට ගොඩක් වටිනවා.
Comment එකක් දාන්න