Wednesday, January 25, 2012

Shutdown විධානය නවත්වමු!

මෙම ලිපියෙන් කියාදීමට සූදානම් වන්නේ පරිගණක වෙත් ලබා දුන් Shutdown විධානය නවත්වන ආකාරයි.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණකයක් Shutdown කිරීම, විශේෂ උපදෙස් මාලාවක් ක්‍රියාත්මක වීම මඟින් සම්පූර්ණය වන ක්‍රියාවලියකි. එනිසා හදිසියේම කලින් ලබා දුන් Shutdown විධානය නවතාලීමට නම් ඒ වන විටත් පරිගණකය තුල ක්‍රියාත්මක වෙමින් පවතින Shutdown වීමේ විධාන පෙල නවතා එය ආපස්සට පිහිටවිය යුතුය. මෙය කිරීම සඳහා විශේෂ විධානයක් අවශ්‍ය වන අතර ඒ අනුව ක්‍රියාත්මක වන විශේෂ අයිකනයක් ඩෙක්ස්ටොප් එක මතට ලබා ගත යුතුය. ඒ සඳහා මුලින්ම ඩෙක්ස්ටොප් එක මත Right Click කරන්න. දැන් ලබෙන මෙනුවේ New තුළින් Shortcut තෝරන්න. එවිට ලැබෙන Create Shortcut වින්ඩෝවේ Type the location of the item යන බොක්ස් එක ඉදිරියේ 
shutdown – a
 විධානය ලබා දෙන්න. දැන් Next විධානයේදී අයිකනය සඳහා සුදුසු නමක් ලබා දෙන්න. දැන් Finish විධානය ලබා දෙන්න. එවිට ඩෙක්ස්ටොප් එක මතට මෙම අයිකනය පැමිණේවි. පරිගණකය Shutdown වීම ආරම්භ වූ පසු එය නවතාදැමීමට අවශ්‍ය වුවහොත් මෙම අයිකනය Double click කරන්න එවිට විධානය නැවතී පරිගණකය ඔන් තත්වයේම පවතීවි.

2 comments:

shutdown විධානය ගැන වැඩියෙන් දැනගන්ඩ කැමති අයටයි මේ..
ඔයකට්ටියගේ OS එක Windows XP, Vista, 7 නම් C:\Windows\system32\ ඩිරෙක්ටරියට ගිහින් බලන්ඩ. එතන shutdown.exe ෆයිල් 1 තියෙනවා. ඒ ෆයිල් එකට parameters යොමුකිරීම මගින් කාර්යන් කරගන්ඩ පුලුවන්. උදා: -a පැරමීටරය මගින් shutdown ක්‍රියාවලි නවතාදැමිය හැකියි.

So helpful....... Thanks......!

Comment එකක් දාන්න