Tuesday, January 17, 2012

WWW උප්පති කතාව

World Wide Web නැත්නම් ලෝක ව්‍යාප්ත ජාලය කියන්නෙ අන්තර්ජාලයේ මෘදුකාංගමය සේවාවක්. ඔයගොල්ලො දැන් මේ ලිපිය කියවන්නෙත් මේ සේවාවේ පිහිටෙන් තමයි. අන්තර්ජාලයේ මුතුන්මිත්තා ලෙස සැලකෙන්නේ 1969 සිට පැවතගෙන ආ ARPANET (Advanced Research Projects Agency NETwork) පරිගණක ජාලයයි. එය ඇසුරෙන් අන්තර්ජාලය නිල වශයෙන් නිර්මාණය වුණේ 1982 දි: වින්ටන් සර්ෆ් සහ රොබට් කාන් කියන පරිගණක පර්යේක්‍ෂකයන් 1973 දී ඉදිරිපත් කළ TCP/IP කියන ප්‍රොටෝකෝලවල නිර්ණායකයන්ට අනුව යමිනි. නමුත් 1990 පමණ වනතුරු WWW වගේ සේවාවක් තිබුනේ නැහැ.

ඔය අතරේ තමයි ටිම් බර්නර්ස් ලී කියන පුද්ගලයා (සම්පූර්ණ නමින් කියනවනම්: ටිමති ජෝන් බර්නර්ස් ලී) CERN සමාගමේ ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙක් විදිහට සේවය කළේ. පරිගණකජාලයක් අලුත් පන්නයේ සේවාවක් පිළිබඳ ඔහුට අදහසක් ආවෙ මේකාලෙදියි(1980).

CERN (ප්‍රංශ භාෂාවෙන් Conseil Européen pour la Recherche Nucléaire ලෙසත් ඉංග්‍රීසියෙන් European Council for Nuclear Research)යනු පර්යේෂණ ආයතනයකි. ඒ සඳහා වඩා පහසු තොරතුරු පද්ධතියක් ලෙස:

 "පරිගණකයක් ජාලයක් තුලින් දුරස්ථ පරිගණකයකට සම්බන්ධවීමෙන් දුරස්ථ පරිගණකයේ ගබඩාකරඇති තොරතුරු පිටුවක් ලෙසින් බලාගැනීමටත්, එම පිටුවේ යම් අක්‍ෂර සමූහයක්(hypertext) තේරීමෙන් එම වචන වලට අදාල වැඩිදුර විස්තර පෙන්වනටත් හැකි පද්ධතියක්" ස්ථාපනය කිරීමයි ඔහුගේ අදහස වුණේ. මේ සඳහා ඔහු ENQUIRE නමින් ආකෘති ජාලයක් නිර්මාණය කොට CERN ආයතනය වෙත යෝජනාවක් ගෙන ආවා. ඇත්තෙන්ම ඒවන විට ඔහුට පරිගණක ජාලකරණය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණේ නැති නිසා ඔහු තීරණයතට එළඹෙනවා ඒ පිළිබඳව ප්‍රායෝගිකව හදාරන්ඩ. ඒ සඳහා ඔහු පරිගණක John Poole's Image Computer Systems කියන ජාලකරණ පිළිබඳ සමාගමකට සම්බන්ධවෙලා අත්දැකීම් ලබාගත්තා. 1989 වන විට ආයතනය අන්තර්ජාලයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වී තිබුණා. මේ අවස්ථාවේදී ටිම් බර්නර්ස් ලී මහත්මයා සිතුවා අන්තර්ජාලයටත් මෙය යොදා ලොව පුරා මෙම සේවා ජාලයක් ස්ථාපනය කළ හැකි ආකාරයක් ගැන. CERN ආයතනයට මෙම අදහස ඉදිරිපත් කිරීමෙන් පසු එය ප්‍රායෝගිකව පෙන්වීමට ඔහු බාරගත්තා. දුරස්ථ පරිගණකයක තැන්පත් කර ඇති වෙබ් පිටුවක් එහි ස්ථාපනය කර ඇති වෙබ් සර්වර් මෘදුකාංගයක උදව්වෙන් ජාලයේ වෙනත් පරිගණකයක වෙබ් බ්‍රව්සර් මෘදුකාංගයක් මගින් විවෘත කර පෙන්වීමට ඔහු 1990 දෙසැම්බර් 25 දින සමත්වුණා.

 ඒ අනුව HTTP ප්‍රොටෝකෝලය, ලොව ප්‍රථම වෙබ්බ්‍රව්සරය, ලොව ප්‍රථම වෙබ්පිටුව හා ලෝක ව්‍යාප්තජාල සංකල්පය නිර්මාණය කිරීමේ ගෞරවයට ටිම් බර්නර්ස් ලී මහත්මයා පාත්‍රවුණා. 1993 දී අන්තර්ජාලය මහජනයාට නොමිලේ විවෘත වීමත් සමග WWW සීග්‍රයෙන් ජනප්‍රිය වුණා. අපේ කතානායක, ටිමති ජෝන් බර්නර්ස් ලී මහත්මයාට විශේෂ ගෞරවයක් ලෙස 2004 දී බ්‍රිතාන්‍ය මහරැජින අතින් නයිට්පදවිය ලැබුවා. අද වනවිට සර් ටිමති ජෝන් බර්නර්ස් ලී මහතා WWW හි භාරකරු ලෙස ක්‍රියාකරණ W3C(World Wide Web Consortium) හි සභාපති වශයෙන් කටයුතු කරනවා.

වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාලම යන්න. ඔබේ අදහස්, අවවාද, තර්ක අපිට ගොඩක් වටිනවා.

Comment එකක් දාන්න