Skylight පිළීබඳවයි

VITS Skylight නිර්මාණය වූයේ ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍ය ප්‍රජාව ඇතුලු තොරතුරු තාක්‍ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්හට නිවැරදි තාක්‍ෂණික අවබෝධයක් ලබාදීමේ මූලික බලාපොරොත්තුවෙනි. වත්මන් ලෝකයේ වඩාත් වැදගත්ම අංශයක් ලෙස අවිවාදයෙන් පිළිගනු ලැබෙන තොරතුරු තාක්‍ෂණය තුළ ශ්‍රී ලාංකිකයන් ලෙස අප සිටින්නේ කොතැනද යන ගැටලුව පන්නරයක් කරගනිමින් VITS Skylight අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට විවෘත වූයේ 2012 ජනවාරි මස 18 වන දිනය.

Skylight අඩවිය ඔබ වෙත පැමිණෙන්නේ සිංහලෙනි. මක්නිසාද යත් අප විශ්වාස කරන පරිදි සහ අත්දැකීම පරිදි අන්තර්ජාල වෙබ් අවකාශය තුළ සිංහල අඩවි රික්තයක් ඇති බැවිනි. අනෙක්අතට ලෝක ව්‍යාප්ත ජාලයෙහි කෙතරම් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනික අඩවි තිබුනද, සිසුන් ඒවා පරිශීලනයෙන් ඈත්වන්නට හේතුකාරක වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාව ඔවුනට එතරම් සමීප නොවන බව නිසා වියහැක. අපි කිසිවිටෙකත් ඉංග්‍රීසි භාෂාවෙන් දුරස්වීම අනුමත නොකරමු, මන්දයත් ලොව විශාලතම දැනුම සම්භාරය ඉංග්‍රීසි බසෙන් සකසා ඇති බැවිනි. Skylight තුලින් අප උත්සාහ කරනුයේ ඔවුන් දිරිමත් කිරීමත් අනෙක්අතින් තොරතුරු සොයන්නන්ගේ පිපාසය තරමක්දුරට හෝ සන්සිඳුවීමත්ය.

Skylight අඩවිය කිසිසේත්ම පරිවර්තිත ලිපි ඉදිරිපත් කරන අඩවියක් නොවේ. මෙහි පළවන ලිපි ආදිය ඒවායේ කතෘන් විසින්ම නිර්මාණය කරන ලද ඒවාය. විධිමත් ප්‍රමාණවත් පරිශීලනයකින් තොරව මෙහි ලිපි පළනොකෙරේ. VITS Skylight අඩවිය පිළිබඳ ඔබ උනන්දුවක් දක්වන්නේ නම් ඔබටත් දායකවිය හැක.

2012 මාර්තු මස 16 වන දින දීය.
- Vidyalions' Information Technology Society,
Kegalu Vidyalaya,
Sri Lanka