About VITS


                     VITS = Vidyalions' IT Society

ඉස්සෙල්ලත් කිව්වනේ අපේ ඉස්කෝලේ මුල ඉදන්ම අයි.ටී තිබ්බ කියලා සහ සංගමයක් තිබ්බ කියලා....ඉතින් 2009 කාලේදී තමා විට්ස් සංකල්පය එන්නේ.....අපේ හිටපු සහෝදරයෝ කිහිප‍දෙනෙක්ට හිතෙනවා අලුත් දෙයක් අලුත් විදියට කරන්න වගේම ටිකක් විතර යට ගිහින් තියෙන විද්‍යාලයේ අයි.ටී එක උඩට ගන්න...ඔන්න ඔය අදහසත් එකක් එයාලා (2008 O/Lකරලා ඉවරවෙලා) 2009 මුල් කාලේදී විට්ස් ආරම්භ කරනවා.......... ඒ ආරම්භයත් එක්ක පාසලේ ඉන්න අයි.ටී වලට ආසාව තියෙන හැමෝම විට්ස් එක්ක එකතුවෙනවා.... ඉතින් විට්ස් ආරම්භ කරපු හා විට්ස් හදන්න පුදුම විදිහට ප්ලෑන් කරපු හා විට්ස් ගොඩනගපු ඒ අයියලා කිහිපදෙනාව අපි අදටත් ගෞරවයෙන් මතක් කරනවා.. මොකද එතන සංගමයේ මුල්ම සභාපති හා ලේකම් හැරුණම උනන්දුවෙන් විට්ස් එක පිටිපස්සේ හිටියේ කිහිප දෙනෙක්...ඒ විදිහට පිටිපස්සේ ඉදන් විට්ස් ගොඩනගපු ඒ කිහිප දෙනාගේ නම් ‍දානවට නම් එයාලා කැමති නෑ අපි හිතන්නේ..මොකද එයාලට ප්‍රසිද්ධ විම ඇලජික් ද කොහෙදෝ :P ..නම් දැම්මොත් අපිටත් බනියි ඒ නිසා එයාලාට විශේෂ ස්තූතියක් පිරිනමනවා ඉස්කෝලේ අයි.ටී වලට පණ දුන්නට.....

මොකද එයාලා නැත්නම් අපිට ඉදිරිය‍ට ගෙනියන්න දෙයක් නෑ ඒ
  වගේම
 කෑගලු විද්‍යාලයේ අයි.ටි.ත් අර පරණ විදියමයි....
හ්ම්ම්....ඒ අය තවත් වැඩක් කළා ඒ තමයි කෑගල්ලට ටිකක් අලුත් වෙච්ච අයි.ටී ඩේ සංකල්පය... සහෝදර පාසල් වලට එන්න කියලා සාම්ප්‍රදායිකව දේශනයක් තියලා යනවට වඩා විට්ස් පටන් ගත්ත උදවිය බියොන්ඩ්-අයි.ටී(Beyond-IT) නමින් වෙනස්ම වූ අයි.ටී ඩේ එකක් සංවිධානය කළා..ඒ විතරක් නෙමේ ඒ දවසේදී ආපු තොරතුරු තාක්ෂණය පිළිබද විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන් පවා සදහන් ‍කළේ අප්‍රමාණව පාසල් තොරතුරු තාක්ෂණ දිනවලට සහභාගි වූවත් ඔවුන් විශිෂ්ඨ යැයි දැකලා තිබ්බේ කොළඹ ප්‍රධාන පාසල් දෙක තුනක තොරතුරු තාක්ෂණ දින කිහිපයක් පමණක් බවත් එහෙත් කෑගලු විද්‍යාලයේ විට්ස් සංවිධානය කරපු මේ තොරතුරු තාක්ෂණ දිනය ඒවා සියල්ලටම කරට කර යන බවත්ය....ඒ විතරක් නෙමේ අපිත් එක්ක අත්වැල් බැදගත් ආයතන හා තොරතුරු තාක්ෂණ ‍ක්ෂෙත්‍රයේ විද්වත්තු කීවේ ‍ඔවුන් කිසිවිටකත් මෙවැනි විශිෂ්ඨ ප්‍රතිඵලයක් අප දිස්ත්‍රික්කයෙන් හෝ කොළඹින් පිට දිස්ත්‍රික්කයකින් දැක නැති බවයි....ඔන්න අපි ගැන පම්පෝරියක නම් තමා ඒත් අපි නෙමේ කීවේ... ඒ අය කියපු දේ තමා ඔය වීඩියෝපටත් තියෙනවා ඒවා ඉදිරිය‍ට දාන්නම්....මුණු පොතේ අපේ නිල පිටුව වනhttp://www.facebook.com/vitskv වලට ගියොත්  බියොන්ඩ්-අයි.ටී(Beyond-IT)  වල වැඩි විස්තර බලාගන්න පුලුවන්.

විට්ස් වලින් තව කරපු වැඩ ගොඩක් තියෙනවා....අනික් දේ තමයි  කියන දේ...ඒ තමයි කෑගලු විද්‍යාලය වෙනුවෙන් එක්කරපු කෑගලු විද්‍යාලයේ අන්තර්ජාල රේඩියෝ නාලිකාව ...මේකත් බියොන්ඩ්-අයි.ටී(Beyond-IT) වලට සමගාමීව දින 2ක් ලොව පුරා විකාශය කළා.......

ඒ වගේමයි තව ව්‍යාපෘතියක් තමා Beyond-IT e Mag සංකල්පය....සාම්ප්‍රදායිකව හදන ළමයින්ගේ නිර්මාණ ඇතුලත් සගරාවක් වෙනුවට නිදහසේ පැහැදිලිව කියවන්න පුලුවන් විද්‍යුත් සගරාවක් අපි නිකුත් කළා...... 

ඉතින් විට්ස් පටන් ගෙන කෙ‍ටි කාලයක් වුණත් කරපු ව්‍යාපෘතින් නම් අති දැවැන්තයි...ඒ වගේ තව අලුත් දේවල් ඉදිරියේදී අපේ සහෝදර පාසල් වල ‍ස‍හෝදර / සහෝදරියන් වෙනුවෙන් කරන්න අපි ලෑස්තියි..අපිත් එක්ක දිගටම ඉන්න