Tuesday, January 10, 2012

Software නැතුව Site Block කරමු !

නිතරම කරදර ඇතිකරන Websites Block කරන හැටි තමයි මේ කියන්න යන්නේ.. හැබැයි ඉතින් මේ එක එක Softwares බාගෙන එහෙම නෙමෙයි. මේ කියන්න යන්නේ Softwares නැතුව ලේසියෙන්ම Sites Block කරන්න පුළුවන් විදියක් ගැනයි.  මේක Windows XP, Vista, 7 යන ඕනෙම Windows platform එකක වැඩ කරනවා. ඔන්න එහෙනම් කරලම බලන්නකෝ..
  • මුලින්ම Run එකට යන්න
  • දැන් ඒකෙ මෙහෙම ලියන්න C:/windows/system32/drivers/etc/hosts
  • Enter ඔබන්න
  • එක Notepad වලින් Open කරන්න
  • දැන් ලැබුනු ලිපියේ "127.0.0.1 local host" කියන එකට පහල පේලියේ මෙහෙම ලියන්න:
            127.0.0.1 www.yoursitedomain.com

මේකේ www.yoursitedomain.com වෙනුවට Block කරන්න ඕනෙ එක ආදේශ කරන්න.

  • දැන් ඉතින් Save කරන්න.

5 comments:

බොහොම ස්තූතියි..VITS Skylight වෙත ඔබවත් සාදරයෙන් පිළිගන්නවා

බොහොම ස්තූතියි...

ERROR://
Can't save it in the C:/windows/system32/drivers/etc folder.....

Vista, 7 වලදි Notepad 'Run As Administrator' විදිහට Open කරගෙන hosts file එක open කරන්ඩ

Comment එකක් දාන්න