Tuesday, January 10, 2012

ප්‍රොටෝකෝලයක් යනු කුමක්ද?

සරලව සැලකුවහොත්- “උපාංග දෙකක් අතර දත්ත සම්ප්‍රේෂණය කරගන්නා ආකාරය (පිළිවෙල) පිළිබඳ ඇතිකරගත් එකඟතාවක්” ප්‍රොටෝකෝලයක් ලෙස හැඳින්විය හැක. ජාලගත උපාංග(බොහෝවිට පරිගණක) අතර විවිධ වූ කාර්යන්, සේවාවන් නිවැරදිවත් කාර්යක්‍ෂමවත් පවත්වාගෙනයාම ප්‍රොටෝකෝල භාවිතයේ අරමුණයි.

DHCP, DNS, FTP, SMTP, IMAP, POP, HTTP, SNMP වැනි බහුලව අපට හමුවන ප්‍රොටෝකෝල කීපයක් පිළිබඳ සරලව හඳුන්වාදීමට මෙහිදී බලාපොරොත්තු වන්නෙමු.

DHCP (Dynamic Host Configuration Protocol)
පරිගණක ජාලයක් තුළ උපාංග සඳහා IP ලිපින වෙන්කිරීම සඳහා වෙන්වුනු ප්‍රොටෝකෝලයකි. මෙමගින් ජාලයට අලුතින් එක් කරන පරිගණක සඳහා ස්වයංක්‍රියවම IP ලිපින වෙන්කිරීමක් සිදුවනවා. ජාලගත කිරීම වඩාත් පහසු කිරීම මෙහි අරමුණයි.

DNS (Domain Name System/Server/Service)
ඩොමේන් නාමයකට අදාල IP ලිපිනය ලබාදීම සඳහා අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන සේවාවකි.

FTP (File Transfer Protocol)
ප්‍රොටෝකෝලය මත පදනම් පරිගණක ජාල ඔස්සේ දත්ත ගොනු හුවමාරු කරගැනීම, හැසිරවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන ප්‍රොටෝකෝලයකි. පරිගණක මෙහෙයුම් පද්ධතියෙන් බැහැරව ගොනු හුවමාරු කිරීමේ හැකියාව ලබාදීම නිසා වඩාත් ජනප්‍රියත්වයට පත්වී ඇත.

SMTP (Simple Mail Transfer Protocol)
Server අතර email පණිවුඩ හුවමාරු කරගැනීමේදී භාවිත වන ප්‍රොටෝකෝලයකි. මීට අමතරව, email පණිවුඩ යවන්නාගේ ගේ සිට සර්වරය(mail server) වෙත යැවීම සඳහා ද මෙය භාවිත වේ.

IMAP(Internet Message Access Protocol)
 සර්වරයේ(Mail server) තිබෙන  පණිවුඩ පරිගණකයට ලබාගැනීමට භාවිතාකල හැකි ප්‍රොටෝකෝලයකි.

POP (Post Office Protocol)
IMAP වැනි තවත් ප්‍රොටෝකෝලයකි. බහුලව භාවිතයට ගැනේ.

HTTP (Hyper Text Transfer Protocol)
ලෝක ව්‍යාප්ත ජාලය(WWW) පදනම් වී ඇත්තේ මෙම ප්‍රොටෝකෝලය මතය. මෙමගින් ලෝක ව්‍යාප්ත ජාල සේවාවට අදාල දත්ත සම්ප්‍රේෂණය, හැසිරවියයුතු ආකාර හා වෙබ් බ්‍රවුසර් මගින් හැඳිනිය යුතු විධාන විස්තර කෙරේ. මෙම ප්‍රොටෝකෝලයේ ඇති විශාලතම අඩුපාඩුවක් ලෙස සැලකෙන්නේ- අවස්ථාවන් වෙත එළඹි ආකාරය නොතැකීමට පෙළඹීමයි. අවශ්‍යවිටෙකදී එම අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා ActiveX, Java, JavaScript, Cookies වැනි නව තාක්‍ෂණික යෙදුම් භාවිත වේ.

SNMP (Simple Network Management Protocol)
සංකීර්ණ පරිගණක ජාලයන් පරිපාලනය කිරීමට උපකාරීවන ප්‍රොටෝකෝල පද්ධතියකි.


මෙහි දැක්වෙන්නේ ඉතා සැකෙවින් කරන ලද මගපෙන්වීමක් පමණි. වැඩිදුර අධ්‍යනය කිරීම් සඳහා ඔබට අවස්ථාව වෙන්කර ඇත.

3 comments:

ඉතාම හොද පැහැදිලි කිරීමක්.තවත් මේවගේ ලිපි ලියන්න.

Comment එකක් දාන්න