
පරිගණක තිරයේ දිස්විය හැකි දෝෂ පණිවුඩ:
පණිවුඩය | හේතුව | පිළියම් |
Non system disk or disk error. | පරිගණකය මෙහෙයුම් පද්ධතිය නොවන වෙනත් ඩිස්ක් එකකින් බූට් වීමට වෙර දැරීම. | සීඩී හෝ ඩීවීඩී හෝ ඒවායේ ඩ්‍රයිව් වල් අමතක වී තිබේදැයි බැලීම. |
Missing operaingsystem Operating system not found. | පරිගණකයට මෙහෙයුම් පද්ධතිය හඳුනාගැනීමට නොහැකි වී තිබේ. | CMOS සෙටප් හෙවත් වැඩසටහනේ හාඩ් ඩ්‍රයිව් සෙටිංස් පරික්ෂා කොට ඒවා නියමිත පරිදි සකසන්න. |
Memory address error. Memory test fail. Memory parity error. | RAM හි ගැටළු තිබේ. | මෙමරි මොඩියුල් ගලවා නැවත නිසි පරිදි සවි කර බලන්න. |
Primary master hard disk fail. Hard disk drive failure C: drive failure. Not reading drive C: fixed disk 0 failure. | පද්ධතියට දෘඪ තැටිය සොයා ගැනීමට නොහැකි වී තිබේ. | CMOS හාඩ් ඩ්‍රයිව් සෙටිංස් පරික්ෂා කරන්න. දෘඪ තැටියේ පවර් හා ඩේටා කේබල් සම්බන්ධතා නිවැරදිව තිබේදැයි පරික්ෂ කරන්න. |
KB/interface error.Gate A20 failure.Keyboard error. | යතුරු පුවරුවේ දෝෂ තිබේ. | යතුරු පුවරුව ගලවා නැවත සවි කරන්න. යතුරු සිරවී ඇත්දැයි බලන්න. |
CMOS battery state Low system CMOS battery failed. | CMOS battery බැස ගොස් ඇත | එම බැටරිය අලුතින් යොදන්න |
CMOS checksum error. CMOS checksum bad. | CMOS සෙටිංස් වල කල වෙනස්කිරීම්,පද්ධතිය විසින් හඳුනාගෙන තිබේ. එසේම CMOS බටරිය බැස යාමද මීට හේතු වීමට හැකිය | CMOS වැඩසටහන ක්‍රියාත්මක කොට වසා දැමීමට උත්සහ කරන්න. නැත්නම් CMOS සෙටිංස් වෙත ගොස් ඒවා නියමිත් පරිදි තිබේදැයි බලන්න |
පරිගණක තිරය ක්‍රියාත්මත නොවී system unit එකෙන් බීප් හඬක් ලැබෙන්නේ නම්:
බීප් හඬ නැගෙන අයුරු | දෝෂය |
බීප්ස් නැත | බල සැපයුම, මවුපුවරුව, හෝ ප්‍රොසෙසරය දෝෂ සහගත වියහැක. පරිගණකයේ සම්බන්ධක දුර්වලව සම්බන්ධවී තිබිය හැක |
බීප් දෙකක් | CMOS හෝ POST දෝෂ |
දිගු බීප් හඬක් හා කෙටි බීප් හඬක් | මවුපුවරුවේ දෝෂ |
දිගු බීප් හඬක් හා කෙටි බීප් හඬ දෙකක් | වීඩියෝකාඩ් දෝෂ |
දිගු බීප් හඬ 3ක් | යතුරුපුවරුවේ දෝෂ |
දිගු බීප් හඬ නැවත නැවත මතුවීම | මතක උපාංග දෝෂ (බොහෝවිට RAM) |
දිගුටම පවතින අඩු වැඩි වන බීප් හඬ | ප්‍රොසෙසරය ඕනෑවට වඩා රත්ව තිබේ |
3 comments:
Error අඩුවෙන් ලියන්නන දිගටමමමම...
නියමයි!
thanx
Comment එකක් දාන්න