Microsoft සමාගම විසින් ඉදිරිපත් කරන Windows මෙහෙයුම් පද්ධති පෙළේ නවතම සාමාජිකයා Windows 8ය. වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතියෙන් පසු එන පෙරලිකාරම මෙහෙයුම් පද්ධතිය Windows 8 වනු ඇති බව එම සමාගම විශ්වාසය පළකරනවා. මෙම නව තාලයේ මෙහෙයුම් පද්ධතිය අත්හදා බැලීමේ Alpha version (Developer Preview) ලෙස පසුගියදා නිදහස් කෙරුණා. ඒ 2011 සැප්තැම්බර් 13 වන දින ආරම්භ වූ BUILD2011 සමුළුවේදීය. වින්ඩෝස් 8 හි අලුත් ගතිගුණ සාමාන්‍ය ජනයාට බලාකියාගැනීම සඳහා නොමිලේ දෙන Windows 8 Consumer Preview නිකුත්කෙරුණේ පසුගිය පෙබරවාරි 28 දින දීය.
නව මෙහෙයුම් පද්ධතියේ විශේෂාංග කීපයක්..
- Windows 7 මත ක්‍රියාත්මක වන සියලු යෙදුම් මෘදුකාංග Windows 8 පද්ධතිය මත ද ක්‍රියාකරයි.
- Metro UI(User Interface) - ස්පර්ශකසංවේදී තිර තාක්‍ෂණය මත පදනම් වූ අතුරු මුහුණතකි. වෙබ්/ක්ලවුඩ් ප්‍රවණතාවයන් මත ගොඩනැග්‍රණු බව සඳහන්ය.
- පද්ධති ප්‍රවේශණ කාලය තත්පර 10කටත් වඩා අඩුවීම
- මෙහෙයුම් පද්ධතිය මගින් භාවිතවන RAM මතක ප්‍රමාණය 210MB පමණ වන ලෙස අඩුකර තිබීම
- File copy වින්ඩෝව නවීකරණය වී ඇත
- iso ගොනු සඳහා සහාය සමග Windows Explorer තුළට ribbon මුහුණතක් එක්කර තිබීම
- Security updates පිළිබඳ දැනුම්දීම් login screen එකේ දකුණු පස යටින් පමණක් පෙන්නුම් කරයි
- වැඩිදියුණු කරන ලද Task Manager. applications තිරයේ දිස්නොවන විට Task Manager මගින් suspend(තාවකාලිකව අක්‍රිය) කිරීමේ හැකියාව
- පද්ධතිය අලුතින් ස්ථාපනය කිරීම වෙනුවට "Reset PC" පහසුකම(Windows 8 අලුතින් install කළා හා සමාන තත්වයකට පද්ධතිය ගෙන ඒමට)
- පද්ධතියේ සැකැස්ම(Settings) ප්‍රතිපිහිටුවීමට සඳහා "Refresh PC" පහසුකම.
- මෙහෙයුම් පද්ධතියට අන්තර්ගතකරන ලද HyperV Virtualization මෘදුකාංගය. (වෙනත් Operating Systems Windows 8 තුලදී ධාවනය කිරීම සඳහා)
- වැඩිදියුණු කරන ලද multi-monitor සහාය සහ පහසුකම්
- Internet Explorer 10 සඳහා multi-touch සහාය
- වැඩිදියුණු කරන ලද Windows Magnifier උපයෝගීතා යෙදුම
- Cloud apps සඳහා වෙන්කර ඇති SkyDrive ගබඩාකරණ අවකාශය
- උපාංග සඳහා syncing පහසුකම්
- මෘදුකාංග download කර ගැනීම සඳහා Windows store සහාය
- NFC රැහැන්රහිත සන්නිවේදන සහාය
- මෙහෙයුම් පද්ධතිය සඳහා ප්‍රති වෛරස උපයෝගීතා මෘදුකාංගයක්
- ටැබ්ලට් පරිගණක සඳහා ජනප්‍රිය ARM processor සඳහා සහාය
- Picture password පහසුකම.(ඡායාරූපයක්, පින්තූරයක් රහස්පදයක් සේ භාවිතා කිරීමේ හැකියාව)
![]() |
Metro User Interface |

8 comments:
නියමයි...හොදට ලියලා තියෙනවා..තේරෙන විදියට :)
@Tharindu: අහන්ඩත් සතුටුයි ඒ ගැන. ;) ගොඩක් කරුණු පුලුවන් තරං සරලව දාන්ඩ තමයි උත්සහකළේ.. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.
බොහොම වටින ලිපියක් යාලුවා.....ගොඩවැදුනේ පළවෙනි වතාවට හැබැයි දැන් නම් දිගටම එකතු වෙනව.......
වින්ඩොස් 8, 2012 එන්නෙ මොකද? මිල ගනන් එහෙම කොහොම ද?
@නීල නේත්‍ර: බොහොම ස්තූතියි අපිව දිරිමත් කළාට..
@Inika: එන්ඩ October විතර වෙයි.. Home, Business, Ultimate වගේ edition තාම හරියටම ආරංචි නෑ. බොහෝවිට Prices $100 - $250 අතර වේවි
Fatta fata fata
අලුත් දේවල් ගොඩක් තියෙන හින්දා හැමෝම Windows 8 1 ට මාරුවෙයි වගේ......
patta site eka yaluwa.hemadama enawa mama
Comment එකක් දාන්න