පරිගණකය භාවිත කිරීමේදී විශාල ගොනු කුඩා ගොනු බවට පත්කිරීමේ ඉන්ද්‍රජාල හැකියාවෙන් යුත් විවිධ පරිගණක වැඩසටහන් ඔබට මුණගැසී ඇතිවාට සැක නැත. Winzip, WinRAR, CABARC, PowerArchiver, Total Commander, 7zip ආදී විවිධ නම්වලින් අපේ පිහිටට එන මෙම මෘදුකාංග පොදුවේ දත්ත සම්පීඩක ලෙස හඳුන්වමු.
කිසියම් තොරතුරු සමූහයක් හැකිතාක් එහි අර්ථය නොවෙනස්වන පරිදි අවම ඉඩ ප්‍රමාණයකින් (අවම bit ප්‍රමාණයකින්) නිරූපණය කිරීම දත්ත සම්පීඩනය ලෙස අර්ථදැක්විය හැක.

බැලුබැල්මට මෙය ප්‍රායෝගිකයයි සිතීම පවා අපහසුය. නමුත් එහි සාර්ථකත්වය කොතෙක්ද යත් අපි බොහෝදෙනා අත්දැකීමෙන් දනිමු. වර්තමානයේ භාවිත වන නොයෙකුත් සම්පීඩන මෘදුකාංග භාවිතකර 100MBක ගොනුවක් 70MBක් දක්වා හෝ සමහරවිට 30MBක් දක්වා අඩුකර ගත හැක.
දත්ත සම්පීඩන ක්‍රමවේදයන් මූලික වශයෙන් කාණ්ඩ දෙකක් ඔස්සේ වර්ගීකරණය හැක. ඒවා Lossless සහ Lossy සම්පීඩන ආකාරයන් ලෙස හැඳින්වේ.

Lossless ආකාරයේ සම්පීඩිත ගොනුවක් ඇසුරින් මුල් ගොනුව යලිත් ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කරගත හැක. මන්දයත් මුල් ගොනුව තුල ඇතුලත් වූ සියලු දත්තයන් සම්පීඩිත ස්වරූපයකින් අවසන් ගොනුව තුල ඇතුලත් වී ඇති බැවිනි.
files, folders, compress කිරීමේදී Lossless සම්පීඩන ක්‍රමවේද භාවිතා කෙරේ. ඕනෑම වර්ගයේ ගොනුවක් සම්පීඩනය කිරීමට මේ ආකාරය යෝග්‍යවුවත් multimedia files සඳහා එතරම් යහපත් සම්පීඩනයක් බලාපොරොත්තුවිය නොහැක.
Lossless Compression මූලික ක්‍රමවේදයන්
i. Run-length encoding
ii. Burrows-Wheelar
iii. Lempel-Ziv
iv. Huffman coding
v. PPM
නමුත් Lossy ක්‍රමවේදයකට සම්පීඩිත ගොනුවක් මගින් මුල් ගොනුව පෙරතිබූ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කරගත නොහැකිය. මක්නිසාදයත් සම්පීඩන ක්‍රියාවලියේදී මුල් ගොනුවතුළ තිබූ දත්තයන් සමහරක් සම්පීඩිත ගොනුවට ඇතුල් කර නොගන්නා බැවිනි. මෙසේ ඉවතලන දත්තයන් නිසා මුල් ස්වරූපය නැවත ඒ අයුරින්ම නිර්මාණය කරගත නොහැකිවුවත් බෙහෙවින් සමීප ගොනුවක් නිර්මාණයකළ හැක.
Image files, Sound files, Video files සම්පීඩනය කිරීම සඳහා lossy ආකාරයේ සම්පීඩන ක්‍රමවේදයන් වඩාත් උචිත සහ සාර්ථකවේ.
Lossy Compression ක්‍රමවේදයන් බහුලව භාවිත වන ගොනු සඳහා උදාහරණ කීපයක් ලෙස JPEG, MP3, MPEG දැක්විය හැක.
4 comments:
දැනුවත් කලාට ස්තුතියි
Comment කළාට බොහොම ස්තූතියි.. Data Compression ගැන වැඩිදුර විස්තර ඉදිරියේදී එක්කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබගේ ප්‍රතිචාර අපිට ගොඩක් වැදගත් වේවි.
මරුනේ .....සුභපැතුම්!
Data Compression karana widiyath niwaradiwqa kiyala denna
Comment එකක් දාන්න