Thursday, March 1, 2012

පරිගණක සංකේතනාමයන් - Z අකුරෙන්

ආයුබෝවන්... ඔන්න Skylight එකේ අපි තව අලුත් වැඩකට අතගැහුවා. IT, ICT ඉගෙනගන්න කාටකාටත් තියෙන ප්‍රශ්නයක් තමා කෙටියෙදුම් මතකතියාගන්න එක. අනික කීයක් කියල වචන ද? ඔය හින්දම තමයි අපි කල්පනා කළේ කෙටියෙදුම් ආවරණයවෙන විදිහට ශබ්දකෝෂයක් වගේ දෙයක් Skylight එක හරහා ඉදිරිපත් කරන්ඩ


මෙන්න Link එක: http://vidyalionsit.blogspot.com/p/it-acronym-sinhala-dictionary.html


නිකමට වගේ අග ඉඳලම පටන්ගන්ඩයි හිතුනෙ. මෙන්න හාහාපුරා කියල Z අකුරට අදාල කෙටියෙදුම්...


Z
සංකේතනාමය
තේරුම
සටහන
ZBR
Zone Bit Recording
තැටි ධාවක(disk drives) තුල ඒකාකාරීව දත්ත ගබඩාකිරීමේ ක්‍රමවේදයකි
ZCAV
Zone Constant Angular Velocity
ZBR නිරූපණය කරයි
ZCS
Zero Code Suppression
දත්ත සන්නිවේදනයේදී භාවිතාවන සම්පීඩන ක්‍රමවේදයකි
ZIF
Zero Insertion Force
ඇතුල්කිරීම සඳහා බලයක් යෙදිය යුතු නොවන බව හැඟවේ
ZIFS
Zero Insertion Force Socket
ZIF ආකාරයේ processor සොකට්ටුව
ZISC
Zero Instruction Set Computer
Instruction Set මත පදනම් නොවන චිප් තාක්‍ෂණයකි
ZOI
Zero One Infinity
මෘදුකාංග සැලසුම්කරණයේ භාවිතවන මූලධර්මයකි
ZOPE
Z Object Publishing Environment
නොමිලේ ලබාගත හැකි open source object oriented වෙබ් සර්වරයකි
ZMA
Zone Multicast Address
AppleTalk පරිගණක ජාලකරණ ප්‍රොටෝකෝලයට අනුව NBP broadcast විකාශනයන් සඳහා වෙන්වුනු (datalink නොවන) නෙට්වර්ක් ලිපිනයකි
ZPL
Z-level Programming Language
3D කටයුතු සඳහා ක්‍රමලේඛන භාෂාවකි

1 comments:

thawa thawath akuru walin keti yedum thawath hadunwa dena lesa ma gowravayen illa siti na atharama ma nodanna ketiyedumda ma hata dana ganna labuna.......

Comment එකක් දාන්න