Friday, December 12, 2014

Google Translate වෙත සිංහල එක් වෙයි

යම් භාෂාවක වචන, වාක්‍ය පමණක් නොව වෙබ් පිටු පවා තවත් භාෂාවකට ක්ෂණිකව පරිවර්තනය කර දීමේ සේවාවක් ලෙස Google Translate සරලව හැඳින්විය හැක.
මෙය Google ආයතනයෙන් නොමිලයේ සපයන තවත් විශිෂ්ට සේවාවකි.


මෙය ආරම්භ වී දැනට වසර කිහිපයක් ගත වුවද තවමත් සහය දක්වන්නේ සීමිත භාෂා ගණනකට පමණි. එම භාෂා කිහිපය අතරට අද දින සිංහල භාෂාවද එක් කිරීමට Google ආයතනය කටයුතු කර තිබේ. https://translate.google.lk/#si/en/ වෙත පිවිසීම මඟින් දැන් ඔබට එය අත්හදා බැලීමට පුළුවන.

Google Translate වෙත සිංහල භාෂාව එක් කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක සිට කතා බහට ලක් වුවුද, එය තරමක් පමා වූයේ සිංහල වැනි සංකීර්ණ භාෂාවක් සඳහා ඇල්ගොරිතමයක් ගොඩනැගීම ඉතාමත් අසීරු කාර්යයක් බැවිනි. එය තරමක් පහසු කර ගැනීම සඳහා ඔවුන්  පරිවර්තන සමුහයක් (Translate Community) නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. එයට සමගාමීව සිංහල පරිවර්තන සතිය (Sinhala Translate Week) වැනි වැඩසටහන් ද දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ අතර මේ සඳහා සහභාගී වූවන් දසදහස් වශයෙන් පරිවර්තන සිදු කරමින් මෙම මහඟු කර්තව්‍යය සඳහා සහයෝගය දක්වන ලදී.

Sinhala Translate Week 2014 Logo


අද දින සිංහල භාෂාවද ඇතුළුව භාෂාවන් 10ක් Google Translate වෙත එකතු කර ඇත. පහත දැක්වෙන්නේ එම භාෂාවන්ය.


  1. Chichewa
  2. Malagasy
  3. Sesotho
  4. Malayalam
  5. Myanmar
  6. Sinhala
  7. Sundanese
  8. Kazakh
  9. Tajik
  10. Uzbek


මෙම භාෂාවන් https://translate.google.com/ වෙත පිවිසීමෙන් පමණක් දැනට භාවිතා කල හැකි අතර නුදුරේදීම mobile apps හා Google Chrome වෙතද එක් කරන බව Google සමාගම පවසයි.

Google Translate වෙත සිංහල එක් වීමෙන් ශ්‍රී ලාංකිකයන් හට සැලසෙන වාසිය අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සඳහා Google ආයතනයටත්, Google ආයතනයේ ලාංකික නියෝජිතයින් හටත්, පරිවර්තන සමූහය සමඟ එක් වූ සියලුම පරිවර්තකයන් හටත්, නන් අයුරින් සහය දැක්වූ සැමටත් අපගේ හද පිරි ස්තුතිය හා ගෞරවය පිරිනැමිය යුතුය.

වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාලම යන්න. ඔබේ අදහස්, අවවාද, තර්ක අපිට ගොඩක් වටිනවා.

Comment එකක් දාන්න