Tuesday, March 6, 2012

Moblile World Congress 2012 වතගොත

මොබයිල් ලෝකයේ දැවැන්තම උළෙලක් වන Moblile World Congress (MWC) 2012 උත්සවය පසුගිය සතියේ පැවැත්වුණා. ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දින 4ක් මුළුල්ලේ පැවති මෙම අති දැවැන්ත ප්‍රදර්ශනය සඳහා මොබයිල් ලෝකයේ දැවැන්තයින් ඇතුළු 60,000 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයක් වාර්තාවුණා. මෙම ප්‍රදර්ශනයේදී බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වුණු සමාගම් කිහිපයක නවතම නිපැයුම් ගැන විස්තර කිහිපයකි මේ:

SAMSUNG
සැම්සන්ග් සමාගමේ නවතම ගැලැක්සි නෝට් ටැබ්ලටය වන Galaxy Note 10.1  මෙම ප්‍රදර්ශනයේ දී දක්නට ලැබුණි. Android 4.0 (Ice Cream Sandwich) මෙහෙයුම් පද්ධතිය සහිත මෙම ටැබ්ලටය සතුව 1.4GHz dual-core ප්‍රොසෙසරයක් ඇතුළත් විය. මෙගාපික්සල් 3ක පිටුපස කැමරාවක් හා මෙගාපික්සල් 2ක ඉදිරිපස කැමරාවකින්ද එය සමන්විත විය.

මෙයට අමතරව, සැම්සන්ග් සමාගම තම Galaxy Tab 2 පරම්පරාවේ අඟල් 7 සහ අඟල් 10 මාදිලියන් ද මෙම ප්‍රදර්ශනයට එක් කර තිබිණ. ඉදිරි මාස කිහිපයක් ඇතුළත වෙළඳපළට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති මෙම Galaxy Tabs, ඩොලර් 420කට වැඩි වටිනාකමකින් යුක්ත වනු ඇත. Android 4.0 මෙහෙයුම් පද්ධතිය, 3G තාක්‍ෂණය හා 1GHz dual-core CPU එකකින් මෙම නවතම Galaxy Tabs සමන්විතවේ.

පැය 3ක කාලසීමාවක් මුළුල්ලේ 640x360 ප්‍රමාණයේ පින්තූර දර්ශනය කළහැකි ප්‍රොජෙක්ටරයක් සහිත Galaxy Beam මොබයිල් පරිගණකය ද සැම්සන්ග් සමාගම ඉදිරිපත් කර තිබිණ.

Nokia
Nokia සමාගම තම නවතම Asha smartphone මාදිලි 3ක් මෙම ප්‍රදර්ශනයට එක්කර තිබුණා. Asha 202, 203 හා 302 මෙම නවතම මාදිලි තුනයි.

Windows Phone Tango මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත Nokia Lumia 610 ජංගම දුරකථනය ද මෙම MWC 2012 ප්‍රදර්ශනයට එක්කර තිබුණි. Xbox Live පහසුකම, 800MHz Superdragon ප්‍රොසෙසරය හා LED Flasher එකක් සහිත 5MP කැමරාවකින් ද මෙම දුරකථනය සමන්විතයි.

මීට අමතරව 41MP කැමරාවකින් යුක්ත Nokia 808 දුරකථනය ද ප්‍රදර්ශනයට එක්කර තිබුණි.

HTC
HTC සමාගම මෙම MWC 2012 ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබුණේ HTC One පරම්පරාවයි. 2012 අ‍ප්‍රේල් මස සිට ලොව පුරා HTC One ජංගම දුරකථන මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට හිමිවන බව HTC සමාගම ප්‍රකාශයට පත්කළේය. අඟල් 4.7ක touch screen එකකින් හා 1.5GHz Quad Core ප්‍රොසෙසර් එකකින් සමන්විත One X මාදිලිය මෙන්ම, අඟල් 4.3 touch screen එකක් හා 1.5GHZ Dual Core ප්‍රොසෙසරයක් සහිත One S මාදිලිය ද ඉදිරිපත් කර තිබුණි. මීට අමතරව One V ජංගම දුරකථනය ද HTC සමාගම ඉදිරිපත් කළේය.

Sony Ericsson
Sony Ericsson සමාගම MWC 2012 ප්‍රදර්ශනය යොදාගත්තේ Sony Xperia P සහ Sony Xperia U ජංගම දුරකථන ඉදිරිපත් කිරීමටයි. Dual Core ප්‍රොසෙසර සහිත මෙම ජංගම දුරකථන දෙක බොහෝදුරට එකිනෙකට සමාන වුවත්, ඒවා සතු කැමරා සහ දර්ශන තිරයන්ගෙන් වෙනස්කම් දක්වයි. Xperia P සතුව 8MP හා 4" touch screen එකක් ඇති නමුත්, Xperia U සතුව ඇත්තේ 5MP කැමරාවක් හා 3.5" touch තිරයකි.

Sony Ericsson සමාගම තවමත් Quad Core ප්‍රොසෙසරයක් සහිත ද්‍රරකථනයක් ඉදිරිපත් කර නැතත්, එළැඹෙන 2013 වසරේදී එම ඉලක්කය සපුරාගැනීමට ඔවුන්ට හැකිවනු ඇති බව Sony Ericsson සමාගම ප්‍රකාශයට පත්කළේය.

Huawei
Huawei සමාගම MediaPad 10 නමින් අඟල් 10ක නවතම ටැබ්ලටයක් ඉදිරිපත් කළේය. ලොව ප්‍රථම Quad Core ටැබ්ලටය ලෙසින් හඳුන්වන මෙහි මෙහෙයුම් පද්ධතිය Android 4.0 සංස්කරණයයි.

LG
LG සමාගම MWC 2012 ප්‍රදර්ශනය සඳහා කාගේත් සිත් ආකර්ශනය කරගන්නා නිපැයුමක් ඉදිරිපත් කර තිබුණා. Optimus 3D Max නමින් ඉදිරිපත් කර තිබූ 1.3GHz Dual Core ප්‍රොසෙසරය හා 4.3" touch තිරයෙන් සමන්විත මෙහි විශේෂත්වය වූයේ එය සතු 3D දර්ශන හැකියාවයි. 3D කණ්ණාඩි පැළඳීමෙන් තොරව 3D පින්තූර, චිත්‍රපට මෙන්ම Google Earth වැනි apps ද භාවිතා කිරීමේ හැකියාව එය සතුයි.

මෙයට අමතරව LG සමාගම 1.5GHz Dual Core CPU එකක් සහිත 5" touch තිරයක් ඇති Optumus Vu smartphone එක ද ඉදිරිපත් කර තිබිණ.

2 comments:

Sony Ericsson කියන එක Sony ලෙස වෙනස් විය යුතුයි

Comment කළාට බොහොම ස්තූතියි. ඔබේ අදහස් අපිට ගොඩක් වටිනවා.

Sony Ericsson සමාගමක් ලෙස ආරම්භවූයේ 2001 වර්ෂය අගභාගයේදීයි. ඒ Ericsson සහ Sony සමාගම් අතර ඒකාබද්ධිත අංශයක් ලෙසයි. ඉන්පසු Ericsson සමාගම මොබයිල් ෆෝන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම Sony Ericsson වෙත පැවරුවා. පසුකාලීනව වඩාත් ස්වාධීනව සමාගමක් ලෙස Sony Ericsson ආයතනය ක්‍රියාත්මක වුණා. 2012 වසරේ පෙබරවාරි 16 වන දින Sony Ericsson සමාගම මිලදී ගැනීමට Sony සමාගම කටයුතු කළා. මේ වන විට Sony Ericsson සමාගම හැඳින්වෙන්නේ Sony Mobile Communications නමිනි. නමුත් තවමත් බොහෝදෙනා එය හඳුන්වන්නේ Sony Ericsson නමිනි.

Comment එකක් දාන්න