Monday, February 27, 2012

මොකක්ද මේ CISCO ?

පරිගණක ජාලගතකරණයේදී නිතර අසන්නට ලැබෙන වචනයක් තමයි Cisco කියන්නෙ. ජාලකරණය ගැන උනන්දුවක් දැක්වුවත් නොදැක්වුවත් Cisco ගැන නම් අසා නොමැති අයෙක් සොයාගන්නටත් නැතිතරම්.

Cisco කියන්නෙ සමාගමක්. පරිගණක ජාලකරණය හා සම්බන්ධ උපාංග නිපදවීමයි එහි කර්මාන්තය.

මේ සමාගම ආරම්භ වන්නේ 1984 දී Cisco Systems නමින් ලෙන් බොසැක් සහ සැන්ඩි ලර්නර් විසින්.  Cisco Systems හි පළමු නිෂ්පාදනය වන්නේ එකල භාවිත කළ විවිධ ජාලකරණ ප්‍රොටෝකෝල බොහෝමයකට අනුකූලතාව දැක්වූ රවුටරයකි. ලොව ප්‍රථම රවුටර් නිෂ්පාදකයා නොවුවත්, වානීජමය වශයෙන් සාර්ථකම රවුටර් නිෂ්පාදනය කළ ප්‍රථමයන් අතරට එක්වීමට Cisco Systems සමාගමට හැකිවිය.

Cisco වචනය සාදාගෙන තිබෙන්නේත් අපූරු ආකාරයකටයි. සමාගම පිහිටවනු ලැබුයේ ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරය මූලික කරගෙනයි. cisco වචනය නිර්මාණය වූයේ Sanfrancisco නගරයේ නම ඇසුරිනි.

Cisco රවුටර්වල මෙහෙයුම් පද්ධතිය වනුයේ IOS (Internetwork Operating System) ය. වෙනත් සමාගම් වල රවුටර් බොහෝමයක් මෙන් නොව, රවුටරයේ මෘදුකාංග යාවත්කාලීන කලහැකි අයුරින් නිපදවීම නිසා Cisco Systems රවුටර් විශාල ජනප්‍රියත්වයක් අත්කරගත්තා.

Cisco Systems සමාගම කොටස් වෙළඳපලට එක්වීමට තීරණය කරන ලද්දේ 1990 වර්ෂයේදීයි. එම වසරේදීම සමාගමේ සමනිර්මාතෘ ලර්නර් මහත්මිය සේවයෙන් ඉවත්කෙරුණා. ඊට විරෝධය පාමින් ලෙන් බොසැක් ද ඉල්ලා අස්වුණි.

2000 දශකයේදී අනෙක් ජාලකරණ ප්‍රොටෝකෝල අභිබවා  Internet Protocol(IP) භාවිකයට පැමිණීමෙන් පසු cisco router වල ජනප්‍රියත්වය ක්‍රමයෙන් අඩුවුණා. Cisco Systems ලෙස පවත්වාගෙන ආ සමාගම් නාමය Cisco ලෙස වෙනස්කරමින් මෙයට පිළියමක් ලෙස ලොවපුරා cisco නාමය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මකකිරීමෙන් යම්තාක් දුරකට ජනප්‍රියතත්වය රඳවා තැනීමට cisco සමාගම කටයුතු කළා.

වර්තමානයේ ලොව විශාලතම බහුජාතික සමාගමක් ලෙස Cisco සමාගමේ ප්‍රධාන සේවාවන් පහත සඳහන් අංශයන් ආවරණය කරයි.
Networking Devices
Networking OSs & Software
Networking Services
Security

3 comments:

එළ විස්තරේ...CCNA කරන්න හිතං ඉන්නේ....

තෑන්ක්ස්...

නියමයි.. තවත් ටිකක් විස්තර කරා නම් තවත් නියමයි :)

Comment එකක් දාන්න