Tuesday, February 28, 2012

ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාවට ඔවදනක්

ගොඩක්දෙනාට තියෙන ප්‍රශ්නයක් තමා වයිරස්, ස්පෑම්, ට්‍රෝජන් වැනි දේවල් වලින් ආරක්ෂා වන්නේ කොහොමද කියන එක. නමුත් ඉස්සර අපි ඒවාගෙන් ආරක්ෂා කරගැනීමට වෙහසුනේ අපගේ පරිගණකයයි. නමුත් දැන් පරිගණකය විතරක් නෙවෙයි ඒ වගේ නරක වැඩසටහන්වලින් අන්තර්ජාලයේ ගිණුම් පවා දැන් ආරක්ෂා කරගැනීමට සිදු වෙලා. ඒකට හොඳම උදාහරණය තමා ඔබගේ මුහුණු පොතේ ගිණුම.

ඉතින් මුහුණු පොතේ ඉන්න අයට දැන් නිතර නිතරම නරක වැඩසටහන්වලින් තමන්ගෙ මුහුණු පොතේ ගිණුම ආරක්ෂා කරගැනීමට සිදු වෙලා. නරක වැඩසටහන්වලින් වගේම තමන්ගේ ගිණුම කිසියම් හෝ පුද්ගලයෙකු හැක් කරයි කියලත් බයෙන් ඉන්ඩත් අද ගොඩක් දෙනාට සිදු වෙලා තිබෙනවා. ඉතින් එහෙම ඉන්න අයට පොඩි හරි නිවී සැනසිල්ලක් ලබා දෙන්ඩ ඕන කියල අපි හිතුවා. සහ එවැනි දේවල් වලින් ෆේස්බුක් ගිණුම ආරක්ෂා කරගැනීමට ඇති හැකියාවන් හා එය කරගන්නේ කොහොමද කියලා තමා අපි මේ ලිපියෙන් කියලා දෙන්න හදන්නේ. ෆේස්බුක් ගිණුමක් හැක් වුනොතින් අපි මොකද කරන්නේ?


ඔබගේ ෆේස්බුක් ගිණුම කොයි වෙලේ ඔබේ පාලනයෙන් මිදී වෙන කෙනෙකුගේ පාලනයට අයත් උනොතින් ඔහු මුලින්ම සිදු කරන්නේ ෆේස්බුක් ගිණුමට ඔබ පිවිසෙන විද්‍යුත් තැපැල් ලිපිනය වෙනස් කිරීමයි. ඉතින් එය වෙනස් කල පසු ඔබට නැවත ඔබගේ ගිණුමට පිවිසීමට බැහැ: මොකද? තවදුරටත් ඔබේ email ලිපිනය එම ගිණුමට අදාල නොවන නිසා. එවැනි අවස්ථාවක ඔබ කළබල නොවී මුලින්ම ෆේස්බුක් මුලස්ථානයට ඒ පිළිබඳව විද්‍යුත් ලිපියක් ලියන්න. මෙන්න ලිපිනය (abuse+dt17u8y@facebook.com)

ඔබ එයට ලිපිය ලියු පසු පැය දෙකක් කාලයක් තුල ෆේස්බුක් ආයතනයෙන් ඔබට‍ පිළිතුරක් ඒවි. මූලස්ථානය ඔබ පිළිබඳ සහතික කරගැනීම පිණිස ඔබගේ විස්තර ඉල්ලනු ලැබේ. එහිදී ඔබ ජාතික හැදුනුම්පත ලබා නොදෙන්න. මොකද එය සිංහල භාෂාවෙන් තිබෙන නිසා. ඔබ ගාව රියදුරු බලපත්‍ර‍ය හෝ පාස්පෝර්ට් එක තිබේනම් ඒවාහි පිටපතක් එම විද්‍යුත් ලිපිනයට යැවීමෙන් ඔවුන් විසින් ඒවා සහතික කරගැනීමෙන් පසුව ඔබගේ පාලනයෙන් ගිලිහි තිබෙන ෆේස්බුක් ගිණුම ජාලයෙන් ඉවත් කිරීමක් සිදු කරයි. මෙම කාර්යයට උපරිම වුණොත් දවසක් ගත වේවි.

එවැනි සහතික කිරීමක් නොමැතිනම් ඔබට වෙනත් ගිණුමක් හරහා එය තමන්ගේ මිතුරන්ට කියා රිපෝර්ට් කිරීමකින් ඉවත් කරගත හැකිය. නමුත් එයට දීර්ඝකාලයක් ගත වේ.

ඔ‍බගේ ෆේස්බුක් ගිණුමට ස්පෑම්(spam) වැනි දේවල් පැමිණෙන්නේ නම් මොකද කරන්නේ?
ඔබගේ ගිණුමේ රහස් වචනය වෙනස් කරන්න.එය වෙනස් කිරීමට නොහැකිනම් 'Forget Ur Password' හරහා ගොස් විද්‍යුත් ලිපිනයට රහස් වචනය වෙනස් කිරීමට අවශ්‍ය කෝඩ් එක ලබාගන්න.


ඔබගේ රහස් වචනය වෙනස් කිරීමට අවශ්‍ය කෝඩ් එක විද්‍යුත් ලිපිනයට ලබා ගැනීමට නොහැකි නම් ඔබගේ ගිණුමේ විද්‍යුත් ලිපිනය වෙනස් වී හෝ ඔබගේ ගිණුම අත්හිටුවා තිබේ නම්, එවැනි අවස්ථාවකදී ෆේස්බුක් උදවු පිටුවට පිවිසෙන්න.

ඔ‍බගේ පරිගණකයේ තිබෙන පරිගණක ආරක්ෂක  මෘදුකාංගය යාවත්කාලීන(update) කර තිබේද, නරක වැඩසටහන්වලින් තොරද යන්න ඔබ එම මෘදුකාංගය හරහා පරික්ෂා කර බලන්න. මන්දයත් ඔබගේ පරිගණකය එවැනි නරක වැඩසටහන්වලින් ආසාදනයට ලක් වී තිබියහැක. එවිට නැවත ඔබගේ ගිණුම වෙන කෙනෙකුගේ අතට පත් වීමට ඇති ඉඩ කඩ වැඩිය. එම නිසා ආරක්ෂක මෘදුකාංගයක් හරහා පරිගණකය පරික්ෂා කර නරක වැඩසටහන් ඉවත් කරගන්න. වයිරස්ගාඩ් එකක් නොමැති පරිගණක සදහා එවැනි මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කර ස්කෑන් කිරීමෙන් අනතුරුව ෆේස්බුක් වෙත පිවිසෙන්න.

3 comments:

Comment එකක් දාන්න