Tuesday, February 7, 2012

Web Feeds ගැන යමක්...



  ලෝක ව්‍යාප්ත ජාලයේ වැදගත් යැයි හැඟෙන වෙබ් අඩවි වල නිතිපතා පලකරන කරුණු කාරණා, පුවත් ආදිය බලාකියාගැනීමට කොයිකවුරුත් කැමතියි. නමුත් බොහෝ වෙබ් අඩවි වලට අලුත් කරුණු එක්වීමට යම් කාලයක් ගතවෙනවා. එම උණුසුම් තොරතුරු ජාලයට එක් කළ මොහොතේම දැනගැනීමට නම් ඔබ කුමක් කළයුතුද? සාම්ප්‍රදායික ක්‍රමයට නම් සාමාන්‍යෙයන් දිනකට හෝ සතියකට වරක්වත් තමන්ගේ ප්‍රියතම වෙබ් අඩවි වලට ඇතුල් වී එහි අලුත් කරුණු එක් වී ඇත්නම් ඒවා කියවා බලාගැනීමයි කළයුත්තේ.

එහිදී අඩවියෙන් අඩවියට මාරු වීමේදී ගතවන කාලය, නව කරුණු සෙවීම සඳහා එම අඩවි වල වෙබ් පිටු අතර සැරිසැරීමට ගතවන කාලය ඉතා විශාල විය හැක. අනෙක් අතට පිවිසුණු වෙබ් අඩවියට අලුතින් යමක් එක්වී නැත්නම් ඒ සඳහා ගත කළ කාලය සම්පූර්ණයෙන්ම අපතේ ගියොත්..
සාම්ප්‍රදායක වෙබ් සේවයෙන් ඉදිරියට එමින් ඔබගේ තොරතුරු පිපාසය සංසිඳුවීමට හඳුන්වා දුන් සාර්ථක සේවයක් තමයි web feeds.

මෙම සේවාවෙන් කෙරෙන්නේ අදාල වෙබ්අඩවියට නව විශේෂාංගයක් ඇතුලු කළ විගස මෙම සේවයට බැඳී ඇති ප්‍රේක්‍ෂකයන් වෙත ඒ පිළිබඳව දැනුම් දීමයි. මෙම ක්‍රියාවලියේ දී මීළඟට ඇති වන ගැටලුව නම් එසේ ලබාදෙන  web feeds පරික්‍ෂාකරන තුරු රැස්කරගැනීමයි. මේ සඳහා feed aggregatorයක් අවශ්‍ය වෙනවා. එමගින් පරිශීලකයා තෝරාගනු ලබන වෙබ් අඩවිවලින් ලබාදෙන feeds එක්රැස් කරගැනීම නිසා ඒ ඒ වෙබ් අඩවිවල අලුතින් එක්ව ඇති විශේෂාංග පිළිබඳව දැනුවත් වීමටත් එමගින් අදාල වෙබ්පිටුවලට ප්‍රවිශ්ටවී කාලනාස්තියකින් තොරව තොරතුරු ලබාගැනීමටත් පරිශීලකයාට හැකි වෙනවා.
(මෙම ක්‍රියාවලිය web syndication ලෙසත් හැඳින්වෙනවා)

වෙබ් ෆීඩ්ස් ගැන කතා කරනකොට ඒ හා බැඳුණු RSS සහ Atom ගැනත් නොකියාම බැහැ. ඇත්තෙන්ම RSS හා Atom යනු වෙබ් ෆීඩ් වල ආකෘති ආකාර දෙකක්. මින් දිගු ඉතිහාසයකට උරුමකම් කියන්නේ RSS ආකෘතියේ ෆීඩ්ස් සේවාවයි.

RDF Site Summary නමින් 1999 දී Netscape සමාගමේ සේවය කළ ඩෑන් ලිබී සහ රාමනාදන් ගුහා විසින් ලොව ප්‍රථම RSS සේවාව නිමවුණා. එම වර්ෂයෙ තුළදීම මෙහි වැඩිදියුණු කළ සංස්කරණයක් Rich Site Summary නමින් එළිදැක්වුණා. පසුව නෙට්ස්කේප් සමාගමේ නොයෙක් හැලහැප්පීම් හේතුවෙන් මෙය අතරමග නවතාදැමුණා. නමුත් ලොවපුරා ඉල්ලුමට අනුවයමින් වෙනත් සමාගම් කීපයක් RSS සේවාව වැඩිදුර දියුණු කළා. නමුත් නෙට්ස්කේප් සමාගමේ අනුදැනුමකින් තොරව මෙය දියුණුවුවද යන නාමය නෙට්ස්කේප් සමාගමට අයත් බැවින් විවිධ වාදවිවාද ඇතිවුණා. ඒ අනුව විකල්ප සේවාවක් ලෙස Atom ආකෘතිය හඳුන්වා දෙනු ලැබුවා. ඉතා සුලු වශයෙන් වෙනස්කම් දක්වන මෙම ෆීඩ්ස් දෙවර්ගයව නිමැවෙන්නේ XML(eXtensible Markup Language) කේතවලිනි.

Feeds ගැන යමක් දැනගත්තා නම් දැන්ම VITS Skylight රොයිටර් ෆීඩ් සේවයට එක්වෙන්න.

3 comments:

එල ලිපිය ස්තුතිය

බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.. :D මේ මාතෘකාව වැදගත් වේවි කියල හිතුන.

බොහොම වටිනා ලිපියක්....මේ ගැන සින්හලෙන් තොරතුරු ටිකක් හොය හොය හිටියේ...

Comment එකක් දාන්න