ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Monday, April 13, 2015

එන්හැන්සෝ සිස්ටම් ක්ලීනිං!

          වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන විට නිතර නිතර එය නඩත්තු කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. එසේම කාලයත් සමඟ ගොඩගැසෙන තාවකාලික ෆයිල්, Windows Registry  යේ  ඇති වන වෙනස්කම් නොදැනුවත්ව අන්තර්ජාලයෙන් download වන යම් යම් programs, startup items වශයෙන් තිබීම යන ආදී කාරණා නිසා පරිගනකය මන්දගාමී වෙයි. මෙම මන්දගාමී වීම නවත්වා Operating System එක උපරිම වේගයෙන් ක්‍රියාත්මක කරවීම පිණිස Hard Disk CleanUp කිරීම මෙන්ම Hard Disk එක defrag කිරීම කරයි. මෙම වැඩ කර ගැනීමට Operating System මගින් සපයන System tools වලට වඩා හොදින් ක්‍රියාත්මක කල හැකි නොයෙක් tools එක් කර තැනූ programs බොහොමයක් ඇත. Enhanso Pro යනු එවැනි වැඩසටහන් අතරින් ඉතාමත් ජනප්‍රිය එකකි. Enhanso Pro වැඩසටහන සකස් කර ඇත්තේ නිතර අවශ්‍ය වන විවිධ Utility programs රාශියකිනි. Hard Disk එක defrag කිරීම හා  Hard Disk CleanUp කිරීම ඉතාමත් පහසුය. එපමණක් නොව පරිගනක පද්ධතියේ ඇති processer, HDD මෙන්ම Motherboard හි සිදුවන තාක්ෂණික තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි ඉතා හොඳ මෘදුකාංගකි.


මෙම නොමිලේ දෙන මෘදුකාංගය ඔබට http://www.seriousbit.com/ යන වෙබ් අඩවියෙන් නොමිලේ download කරගත හැකිය.  
Source :  Cnet/news     

                          

Saturday, February 21, 2015

DataSTICKIES! හඳුන්වා දෙයි.

      පරිගණකයක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගැනීමට Flash Drive භාවිත කිරීමේ දී විවිධ අපහසුතාවන්ට ලක්වේ. Flash Drive නියමිත Slot එකටම සම්බන්ධ කළයුතු වීම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපංගයක් වීම, නිතර මගහැරෙන්නට හෝ නැති වීමට ඉඩ තිබීම යනාදියයි. මෙම අපහසුතාවයන් මගහැර පරිගණක අතර දත්ත හුවමාරු කළ හැකි නව උපාංගයක් හඳුන්වා දී ඇත. එය නමින් Datastickies ලෙස හැඳින්වෙන අතර එය

නිපදවූයේ ඉන්දියාවේ ආදිති සිං සහ පරාග් ආනන්ද් යන දෙදෙනා විසිනි. Datastickies යනු Sticky Note මෙන් සැහැල්ලු කඩදාසි ලෙස පෙනෙන ඉලෙක්ට්‍රොනික තීරු විශේෂයකි. එය තනා ඇත්තේ Protective layer දෙකකට මැදි කළ Graphene layer එකක් යොදාගෙනය. මෙම තීරුවක 32GB දක්වා තොරතුරු රැදවිය හැක. තොරතුරු රැදවූ මෙවැනි තීරුවක් එහි ඇති මැලියම් තීරුව මගින් යම් තැනක ඇලවූ විට,  Flash Drive එකක් USB Port එකට සම්බන්ධ කළ විටදී මෙන් දත්ත හුවමාරු කළ හැක. මෙම Datastickies එකකින් දත්ත හුවමාරු කළ හැකි විශේෂ ස්ථරයක්ද (ODTS- Optical Data Transfer Surface) තනා තිබේ. එය පාරදෘශය. ස්ටිකරයක්මෙන් පරිගණක මොනිටරය වටා ඇති පෙදෙසේ, Smart Phone යේ යනාදී ඕනෑ තැනක එය අලවා විදුලි සම්බන්ධය ලබා දිය හැක. දැන් මේ ODTS මත අලවන Datasticki එකෙහි ඇති දත්ත පරිගණකය හෝ වෙනත් දත්ත භාවිතා කෙරෙන උපකරණයක් වෙත ලබා ගන්නට පුළුවන.


            මෙම Datastickies විවිධ පැහැයෙන් නිමවා ඇති අතර Flash Drive 100ක් 200ක් ලඟ තබා ගත්විට මෙන් ඉන් ප්‍රයෝජන ලබා ගත හැක. මෙම Datastickies තාක්ෂණය සම්පූර්ණයෙන් ම අත්හදා අවසන් අතර එහි ප්‍රායෝගික දෝෂ නැත. වානිජ වශයෙන් නිර්මාණය කරන විට Flash Drive වලට වඩා අඩු මිලකට ලබදිය හැකි බව නිෂ්පාදකවරුන්ගේ මතයයි.                

Friday, February 20, 2015

ඇපල් වොච් යනු,

ඇපල් සමාගම මේ වසරේ එළිදැක්වූ නවතම උපාංගයක් ගැන තොරතුරු.

කවදත් විප්ලවීය තාක්ෂණික මෙවලම් තැනූ ඇමරිකාවේ Apple Computers සමාගම දැන් නවතම ඇපල් වොච් (Apple watch) නම් උපකරණයක් හඳුන්වා දී තිබේ. 2014 වර්ෂයේ හඳුන්වා දුන් මෙය හුදෙක්ම අතේ බැඳගෙන යා හැකි කුඩා පරිගණකයකි.

සාම්ප්‍රදායික අත් ඔරලෝසුවක පෙනුම ඇති මෙහි මුහුණත ටච් ස්ක්‍රීනයකින් (Pressure sensitive touch screen) නිමවා තිබේ. මෙහි ඇති තාක්ෂණය Ion – X glass යනුවෙන් හැදින්වේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ Smart pone එකක ඇති App පහසුකම මෙහි ද භාවිත කල හැකි වීමයී. එසේම GPS තාක්ෂණය ඔස්සේ වෙලාව ස්වයංක්‍රීයව සකස් කර ගැනීම ද මෙය සතු තවත් විශේෂ ලක්ෂණයකි. ඇපල් වොච් එක හතරැස් පෙනුම ඇති ප්‍රමාණ දෙකකින් (38mm සහ 42mm)නිමවා ඇති අතර විවිධ ප්‍රමාණයේ මෝස්තර 34කින් සමන්විත ය.
ඇපල් වෙච් ක්‍රියාත්මක වන්නේ “Watch OS” කියා හදුන්වන මෙහෙයුම් පද්ධතියකිනි. තනිව ක්‍රියාත්මක නොවන මෙම උපාංගය භාවිත කල හැක්කේ අයිෆෝනයක් iphone යක් සමග ඇති Bluetooth සහ Wifi සම්බන්ධතාවයකින් පමණි. විශේෂ සංවෙදක ලක්ෂණයක් ලෙස හැදින්විය හැක්කේ මෙහි screen යේ ඇති සංවෙදක මගින් tap සහ Press වෙන් වෙන් වශයෙන් හදුනා ගැනීමයි.
ඇපල් වෙච් එකෙහි බැටරිය චාර්ජ් කරන්නේ කේබලයකින් සම්බන්ධ කර නොවේ. විශේෂ චාජරය කාන්දම් බලයෙන් ඔරලෝසුවේ පසුපසට ඇලවිය හැක. එය ඉබේම සීරු මාරු වී චාර්ජ්වීම අරඹයි. මෙය ‘MagSafe’ තාක්ෂණයයි. මෙම චාර්ජ් කිරීමේ ක්‍රමය ප්‍රේරක හෙවත් ඉන්ඩක්ටිව් (inductive charging)ක්‍රමයයි.

වැඩිදුර අධ්‍යනය සදහා,     
    

Monday, December 15, 2014

මොකක්ද මේ Ello

Ello Social Network Logo Simple Beautiful & ad-free
ඇත්ත වශයෙන්ම කියනවානම් Ello කියන්නෙ Facebook වගේ නොවන  හොඳ සමාජ ජාලයක්. මා එසේ  පැවසුවේ අනෙක් සමාජ ජාල මෙන් ඔබව පිටස්තර කෙනකු හමුවේ විකිණෙන භාණ්ඩක් බවට පත් නොකිරිමයි.

Facebookහි සැරිසරන විට ඔවුන් ඹබව අධ්‍යනය කරයි. එනම් ඔබ සමග එක් වෙන හැම මිතුරෙක්ම හා ඹබ විමසා බලන හැම ලින්ක් එකක්ම වාර්තාගත වෙනවා පමණක් නොව දත්ත බවට පෙරලයි. ඔබගේ හැසිරිමට ගැලපෙනසේ වෙළද දැන්වීම් එවන්නට මෙම දත්ත යොදා ගැනේ  නමුත් Ello එසේ නැත.

Ello සේවය පවත්වා ගෙන යාමට මුදල් උපයාගන්නේ, එයට එක් කළ හැකි විවිධාංග සහ සේවා කැමති අයට විකුණමිනි. Ello social networking සේවය සතුව ලොව ප්‍රකට සියලු  social networking සේවාවල තිබෙන අංග තිබේ. එහෙත් එහි interface එක සරලය.

Elloහි account එකක් සාදා ගන්නට අවශ්‍ය නම් තමාටත් එම අවස්ථාව දෙන්නැයි කියා පණිවුඩයක් Ello වෙබ් අඩවියට පිවිස යැවිය යුතුය. එවිට එය තහවුරැ කළ ඊමේල් පණිවුඩයක් ලැබේ. මෙසේ account එකක් සාදා ගතහැකිය. Ello සමාජ ජාලය නිර්මාණය කර ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ජනපදයේ පෝල් බට්නීෂ් විසිනි.

2014 මාර්තු 18 වැනිදා කාටත් පරිහරණය කළ හැකි සේ අන්තර්ජාලයට එක් කළේය. එහෙත් Ello සේවය ගැන ජන මාධ්‍ය වාර්තා පළ කිරීම ඇරඹුණේ පසුගිය සැප්තැම්බරයේදිය. ඒ සමඟ Ello ලෝ ප්‍රකට විණ. එය කෙතරම් ජනප්‍රිය වුවාද කියතොත් දැන් සෑම පැයකටම Ello වෙත ඉල්ලීම් 30 000 ක් ලැබේ. එසේ සකසා ගන්නා එකවුට් අතරින් 20% පමණ නිරන්තරයෙන් භාවිතයට ගැනෙන ඒවාය. ඒ අනුව දැන් පැයකට 6000 ක් දෙනා බැඟින් ලෝකයා Ello වෙත යති.

පිවිසෙන්න - ello.co

Friday, December 12, 2014

Google Translate වෙත සිංහල එක් වෙයි

යම් භාෂාවක වචන, වාක්‍ය පමණක් නොව වෙබ් පිටු පවා තවත් භාෂාවකට ක්ෂණිකව පරිවර්තනය කර දීමේ සේවාවක් ලෙස Google Translate සරලව හැඳින්විය හැක.
මෙය Google ආයතනයෙන් නොමිලයේ සපයන තවත් විශිෂ්ට සේවාවකි.


මෙය ආරම්භ වී දැනට වසර කිහිපයක් ගත වුවද තවමත් සහය දක්වන්නේ සීමිත භාෂා ගණනකට පමණි. එම භාෂා කිහිපය අතරට අද දින සිංහල භාෂාවද එක් කිරීමට Google ආයතනය කටයුතු කර තිබේ. https://translate.google.lk/#si/en/ වෙත පිවිසීම මඟින් දැන් ඔබට එය අත්හදා බැලීමට පුළුවන.

Google Translate වෙත සිංහල භාෂාව එක් කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක සිට කතා බහට ලක් වුවුද, එය තරමක් පමා වූයේ සිංහල වැනි සංකීර්ණ භාෂාවක් සඳහා ඇල්ගොරිතමයක් ගොඩනැගීම ඉතාමත් අසීරු කාර්යයක් බැවිනි. එය තරමක් පහසු කර ගැනීම සඳහා ඔවුන්  පරිවර්තන සමුහයක් (Translate Community) නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. එයට සමගාමීව සිංහල පරිවර්තන සතිය (Sinhala Translate Week) වැනි වැඩසටහන් ද දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ අතර මේ සඳහා සහභාගී වූවන් දසදහස් වශයෙන් පරිවර්තන සිදු කරමින් මෙම මහඟු කර්තව්‍යය සඳහා සහයෝගය දක්වන ලදී.

Sinhala Translate Week 2014 Logo


අද දින සිංහල භාෂාවද ඇතුළුව භාෂාවන් 10ක් Google Translate වෙත එකතු කර ඇත. පහත දැක්වෙන්නේ එම භාෂාවන්ය.


  1. Chichewa
  2. Malagasy
  3. Sesotho
  4. Malayalam
  5. Myanmar
  6. Sinhala
  7. Sundanese
  8. Kazakh
  9. Tajik
  10. Uzbek


මෙම භාෂාවන් https://translate.google.com/ වෙත පිවිසීමෙන් පමණක් දැනට භාවිතා කල හැකි අතර නුදුරේදීම mobile apps හා Google Chrome වෙතද එක් කරන බව Google සමාගම පවසයි.

Google Translate වෙත සිංහල එක් වීමෙන් ශ්‍රී ලාංකිකයන් හට සැලසෙන වාසිය අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සඳහා Google ආයතනයටත්, Google ආයතනයේ ලාංකික නියෝජිතයින් හටත්, පරිවර්තන සමූහය සමඟ එක් වූ සියලුම පරිවර්තකයන් හටත්, නන් අයුරින් සහය දැක්වූ සැමටත් අපගේ හද පිරි ස්තුතිය හා ගෞරවය පිරිනැමිය යුතුය.

Wednesday, November 26, 2014

Folder Lock එකක් සාදාගන්නේ මෙහෙමයි







කොහොමද, යළුවනේ මම අද ඔයලට කියල දෙන්න යන්නේ වැදගත් දෙයක් ඔයල දන්නවනේ මේකෙ වැදගත්කම, හරි එහෙනම් වැඩේ පටන්ගමු.

පළමු පියවර :- Notepad එක Open කරගන්න කෝ.
දෙවන පියවර :- පහළ තියෙන Code එක Copy කරගන්න.ඊට පස්සේ YOUR PASSWORD HERE තියෙන තැන ඔයට කැමති Password එකක් දාගන්න.
                      
 cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
pause
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==
YOUR PASSWORD HERE goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
pause
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
pause
goto End
:End

තෙවැනි පියවර :-  File කියන Menu එකේ Save as යන්න.
සිව්වන පියවර :- ඔයට කැමති තැන Select කරල File name කියන තැනට Locker.bat යන්න ලබාදෙන්න. Save as type කියන තැනට All Files යන්න තෝරා Save කරන්න.

එහෙනම් යළුවනේ වැඩේ හරි දැන් ටෙස්ට් කරල බලමුද ,

   ඔයා හදාගත්ත bat file එක Open කරගන්නකෝ එතකොට Locker කියල Folder එකක් හැදේවි.ඔයට කමති දෙයක් මේ folder එකට Copy කරල ආයෙත් bat file එක Open කරගන්නකෝ එතකොට ඔයට පණිවිඩයට පෙනේවි ඒකට Y කියල type කරල enter කරන්න එතකොට Locker කියන Folder එක නැතිවේවි. ඔයට ආයත් Locker කියන Folder එක open කරගන්න ඔනේනම්  bat file එක Open කරල ඔයා කලින් ලබාදුන් Password එක Type කරල Folder එක open කරගන්න.
එහෙනම් මම යනව යාළුලවනේ………………………………………………


ලයිට්පීක්-අධිවේගී තොරතුරු හුවමාරු ක්‍රමයක් එළි දකී!


ලයිට්පීක්

අධිවේගී තෙරතුරු හුවමාරු ක්‍රමයක් එළි දකී!

පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරුවට දැනට යොදා ගන්නේ තඹ කම්බි හෙවත් තඹ සන්නායක කොටස්ය. එහෙත් ඒ වෙනුවට ප්‍රකාශ තන්තු හෙවත් (Optical Cables) යොදා ගත හැකි ක්‍රමයක් ඉන්ටෙල්(Intel) සමාගම සොයා ගෙන තිබේ. ඒ නව තාක්ෂණය නම් කොට තිබෙන්නේ ලයිට්පීක් (LightPeak)’ කියාය.


          ලයිට්පීක් ක්‍රමයේදී, සියුම් ප්‍රකාශ තන්තු යොදා ගෙන දැන් තිබෙන ඕනෑම පරිගණක උපාංගයක් එකිනෙකට සම්බන්ධ කරන්නට පුළුවන මව්පුවරුවේ තඹ ලෝහයෙන් මුද්‍රිත පරිපථ හරහා කෙරෙන විදුලි හුවමාරුවීම් සියල්ල කරන්නට ලයිට්පීක් ප්‍රකාශ තන්තු යොදාගත හැක.

මෙතැන තිබෙන විශේෂ වාසි අතරින් කැපී  පෙනෙන්නේ ලයිට්පීක් තන්තු හරහා තොරතුරු හුවමාරු කළ හැකි වේගයයි. එය තප්පරයට ගිගාබයිට් 10 (10Gbps) කි.මේ වේගය අනුව තෙරතුතරු හුවමාරු ‍වෙන විට බ්ලූරේ ඩිස්ක්(Blue Ray Disk) එකක රැදවිය හැකි ගිගා බයිට් 25ක් (25GB) තරම් තොරතුරු ප්‍රමාණයක් තවත් තැනකට Copy කරන්නට ගත වෙන්නේ තප්පර 30කි.

දැන් තිබෙන අලුත්ම USB Port Interface එක වන USB 3.0 Port එකක වේගය හෙවත් (Super speed USB) වේගය 5Gbps කි.ඒ අනුව බලන විට ලයිට්පීක් තාක්ෂණය වේගවත්ය. 2020 වන විට ලයිට්පීක් වේගය 100Gbps වැඩිකළ හැකි බව Intel සමාගමේ ජේසන් ෂීලර්ගේ මතයයි.

ලයිට්පීක් ක්‍රමයේදී යොදා ගන්නා ප්‍රකාශ තන්තුව කෙස්ගසකින් භාගයක් තරම් සියුම් විෂ්කම්භය මයික්‍රොන 62.5 (62.5µ) වූ එකකි. සාමාන්‍ය ප්‍රකාශ තන්තුවක් වීදුරු වලින් තනා තිබෙන නිසා එය කැඩෙනසුලුය. එහෙත් ලයිට්පීක් තනා තිබෙන්නේ විශේෂ ප්ලාස්ටික් (Ultem Plastic) වර්ගයකින් නිසා නැමෙනසුලු බව වැඩිය. දූවිලි සහ වෙනත් ගැස්සීම් වලට ඔරොත්තු දෙන මෙය මීටර් 100ක දුරකට තොරතුරු හුවමාරු කළ හැකිය.


  [Source: විජය පරිගණක]

Wednesday, October 1, 2014

Windows 10 හඳුන්වා දෙයි

ඔබ පමණක් නොව ලොවම පුදුම කරමින් Microsoft සමාගම Windows 8 වලින් පසුව Windows 9 නොව Windows 10 නමින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය අද දින ලොවට හඳුන්වා දෙන ලදී. පුද්ගල පරිගණක වල සිට ජංගම දුරකථන දක්වාම විහිදෙන සියලු උපාංගයන් සඳහා සහය දක්වන ලෙස හා Windows 8 වල තිබු අඩුපාඩු අවම වන ලෙස Windows 10 නිපදවීමට Microsoft සමාගම දැඩි උත්සාහයක් ගෙන ඇති බවක් දක්නට ලැබේ.

Windows 7 සහ Windows 7 වලටත් වඩා පැරණි මෙහෙයුම් පද්ධති තවමත් භාවිතා කරන මිලියනයකට අධික වූ පිරිස Windows 10 පිළිබඳව යම් සැලකිල්ලක් දක්වාවි යයි Microsoft සමාගම විශ්වාස කරයි.

Microsoft සමාගම desktop සංස්කරණය පමණක් එළිදැක්වූ අතර tablets, smartphones සහ අනෙකුත් උපාංග සඳහාද Windows 10 සහය දක්වනු ඇත.


Windows 8 හි සමන්විත වූ සම්පුර්ණ තිරය පුරා විහිදෙන start menu එක වෙනුවට Windows 7 ඇතුළු පැරණි Windows මෙහෙයුම් පද්ධතියන්ගේ තිබු අකාරයට නව Windows 10හි  start menu එක නිර්මාණය වී තිබීම කැපී පෙනෙන්නකි. Windows 8 හි ආකාරයට live tilesද මෙම නව start menu එකට ඇතුලත් කර ඇත.



ඔබ Windows 8 භාවිතා කර ඇත් නම් Windows 8 සඳහාම නිර්මාණය කරන ලද apps විවෘත කරන විට නව අතුරු මුහුණතක් සමඟින් සම්පුර්ණ තිරය පුරාම විහිදෙන ලෙස විවෘත වන ආකාරයත්, සාමාන්‍ය මෘදුකාංගයක් සාම්ප්‍රදායික desktop අතුරු මුහුණතහි විවෘත වන ආකාරයත් අත්විඳ ඇත. මෙය touch screens භාවිත කරන්නන් හට තරමක් පහසු වුවත් මවුසයක් සහ යතුරුපුවරුවක් සමඟින් පරිගණකය භාවිත කරන්නන් හට බොහෝ විට කරදරයකි. ඒ හේතුවෙන් Windows 10 හිදී මවුසයක් සහ යතුරුපුවරුවක් භාවිතා කරන්නන් හට පහසු වන ලෙස සියලුම apps සාම්ප්‍රදායික desktop අතුරු මුහුණතහිම  විවෘත වන ආකාරයට නිර්මාණය කර ඇත.


මීට අමතරව desktop views කිහිපයක වැඩ කල හැකි ආකාරයට නව පහසුකමක් Windows 10හි ඇතුලත් වේ. මෙය සැබවින්ම පරිශීලකයන් හට වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දෙනු ඇත. Linux වැනි මෙහෙයුම් පද්ධති භාවිත කරන්නන් හට මෙය නව අත්දැකීමක් නොවුනත් Windows පරිශීලකයන්හට මෙය නැවුම් අත්දැකීමක් වනු නිසැකය.



Touch සහ mouse & keyboards යන දෙවර්ගයම භාවිත කරන්නන් වෙනුවෙන් "continuum" නම් නව පහසුකමක් Windows 10 වෙත එක කර ඇත. ඔබ යතුරුපුවරුව ගැලවූ පසු tablet mode වෙත මාරු විය හැකි අතර එවිට tablets වලට ගැලපෙන ලෙස අතුරුමුහුණත වෙනස් වනු ඇත.

නව Windows 10 මෙහෙයුම් පද්ධතිය 2015 වර්ෂයේදී වෙළඳපොළට එක කිරීමට Microsoft සමාගම බලාපොරොත්තු වන අතර එහි මිල ගණන් හා පැරණි මෙහෙයුම් පද්ධතීන් වල සිට upgrade කරන අකාරයන් තවම දැනුම් දී නොමැත.

Tuesday, September 2, 2014

Admin Password කඩන්නේ මෙහෙමයි

ඇත්තටම මම මේක කියල දෙන්න හිතුවෙ ගොඩක් අය තමන්ගෙ පරිගණකයේ Password එකක් දමාගෙන එ්ක අමතක වුනහම පරිගණකය නැවත format කරන එක. මේ ක්‍රමය දන්නා අයත් ඉන්නවා.නමුත් නොදන්නා අය ඊට වැඩියි. ඒ අයටයි මේ කියල දෙන්න‍ෙ.

මුලින්ම පහතින් මේ Softwear image එක Download කරගන්න. 
(Torrent link එකකි.[8MB] )

මුලින්ම මේ බාගත්තු image file එක CD එකකට burn කරගන්න. දැන් පරිගණකය Restart කර CD එක Boot කරන්න. දැන් මෙහි රුසියන් අකුරු වගයක් සමග ඔයාගෙ පරිගණකයේ ඇති OS එක වැටෙයි. Dual Boot දාල තියෙන කට්ටියගෙ තමා මෙහෙම වැටෙන්නෙ. ඊට පස්සෙ Operating System එකේ තියෙන User Accounts , Administrator ඔක්කොම වැටෙනව. දැන් ඔයාට එතනින් Passsword Remove කරන්න පුළුවන්. පහත පින්තූරය මගින් ඔබට මෙය පැහැදිලි කරගත හැක.
මෙම Softwear එක වැරදි ආකාරයට භාවිතා කරන්න නම් එපා...

Thursday, July 24, 2014

වින්ඩෝස් 8.1 මීළග සංස්කරණය අගෝස්තු 12 පැමිණීමට නියමිතය

මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 8.1 හි දෙවන සංස්කරණය අගෝස්තු 2 වන දින එළිදැක්වීමට සූදානමින් සිටී. මෙම තොරතුර රුසියානු වෙබ් අඩවියක් මගින් පසුගිය දින ලොවට හෙලිවින. කෙසේ වෙතත් මෙම නව සංස්කරණයේ ඉදිරිපස පෙනුම සහ ගතිගුණ අතින් කිසිවක් දියුණු කොට නොමැති බවයි මොවුන් පවසා සිටින්නේ.



මීළගට පැමිණෙන්නට නියමිත වින්ඩෝස් 9 මෙහෙයුම් පද්ධතිය නම් කර ඇත්තේ වින්ඩෝස් තර්ස්හෝල්ඩ් (Thershold) ලෙසය.එය මෙම වසර අවසානයේ එලි දැක්වෙන්නට නියමිත බව මොවුන් විසින් දන්වා තිබේ. මෙම මෙහෙයුම් පද්ධතිය විසින් පරිගණකයට සම්බන්ධ කරන ඕනෑම උපකරණයක් ඉතාමත් ඉහළ කාර්යක්ෂමතාවයෙන් Windows 9 සමග පවතින බවත් Windows 8.1 වලට වඩා නව ගුණාංග එහි පවතින බවත් පවසා ඇත. 

කෙසේවෙතත්  නවතම ගුණාංගත් සමග පැමිණෙන windows 9 තර්ස්හෝල්ඩ්” මෙහෙයුම් පද්ධතිය  Windows 8.1 මෙහෙයුම් පද්ධතියට වඩා බොහෝ සෙයින් ජනප්‍රිය වීමට ඉඩ ඇති බවත් දන්වා ඇත.