ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Tuesday, April 22, 2014

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

අප්‍රේල් 15 සහ 16 යන දිනයන් හි දී ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවි කිහිපයකට සහ තවත් ශ්‍රී ලාංකික වෙබ් අඩවි රැසකට ම සයිබර් ප්‍රහාර එල්ල වුණි. #OpSriLanka නමින් හැඳින්වුණ මෙම ප්‍රහාර මාලාව සංවිධානය කර තිබුණේ Shawdow Force සහ Sri Haxor යන නම් වලින් හඳුන්වා ගත් ඉන්දියානු hackersලා දෙදෙනෙකු විසිනි.

ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ සිදු කල බවත්, දමිළ ජනයා ඝාතනය කළ බවත්, යුධ සමයේ දී යුධ මුක්ත කලාපයට ගුවන් ප්‍රහාර එල්ල කල බවත් පවසමින් ඔවුන් එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් වශයෙන් මෙම සයිබර් ප්‍රහාරය සිදු කල බව ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි රැසක ම ඔවුන් විසින් සඳහන් කර තිබුණේ ය.

ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි වල දිස් වූ එම පණිවිඩය මෙසේ ය,
This is a part of the joint event that we are conducting #OpSrilanka (April 15-16).
We will Speak against your government's AirStrike on the "NO FIRE ZONE" !
We will Speak against the attrocities committed by Srilankan Army on innocent Tamil population !
We will Speak against the War Crimes committed by your government!
We will Speak against the Genocide committed by Your Government !
stop this !!!!!

මෙම ප්‍රහාරයට සහය දීම සඳහා Lebanon, Indonesia, Pakistan, Malaysia සහ Philippines ඇතුළු රටවල් කිහිපයකින් hackersලාගෙන් සැදුම් ලත් කණ්ඩායම් කිහිපයක් ද එකතු වී ඇති බව වාර්තා වේ. Anon Ghost, Indian Haxors Team, Indian Cyber Rakshak, RedCult (Lebanon), Muslim Cyber Corporation (Indonesia), Pakistan Haxors Crew, Ip Sova Crew(Malaysia), Indonesian Red Code Team, Elite Cyber Army (Philippines), Afghan Cyber Army, Indian Cyber Devils, Sec~Team-7 සහ Sec_dark යනු එම කණ්ඩායම් කිහිපයයි.

වෙබ් අඩවි 130ක් පමණ විකෘති කිරීමට ඔවුන් උත්සාහ කර ඇති නමුත් විකෘති කිරීමට අපොහොසත් වූ වෙබ් අඩවි වලට DDoS ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් කටයුතු කර ඇත. පහත දැක්වෙන links වෙත පිවිසීමෙන් වෙබ් අඩවි විකෘති කර තිබූ ආකාරය ඔබට නැරඹීමට පුළුවන.


මොවුන් විසින් වෙබ් අඩවි කිහිපයක Databases පවා ලබාගෙන ඒවා ඕනෑම අයකුට ලබා ගත හැකි පරිදි විවිධ වෙබ් අඩවි වලට upload කර තිබුණේ ය. විවිධ පුද්ගලයන්ගේ ඊමේල් ලිපින, රහස්පද, දුරකථන අංක ආදී පෞද්ගලික තොරතුරු රැසක් ම එම databases තුළ අඩංගු ය.

එම databases upload කර තිබූ වෙබ් අඩවි වල linksද අප සතු වුවද එය සදාචාර සම්පන්න නොවන බැවින් මෙහි පළ නො කිරීමට තීරණය කළෙමු.

පහත දැක්වෙන්නේ DDoS ප්‍රහාරය අතරතුරේ දී ගත් screenshots කිහිපයකි.




පහත දැක්වෙන්නේ වෙබ් අඩවි විකෘති කර තිබූ ආකාරයයි.




පහත දැක්වෙන්නේ ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි ලැයිස්තුවයි.

  1. http://mohe.gov.lk/
  2. http://www.livestock.gov.lk/site/
  3. http://www.houseconmin.gov.lk/
  4. http://www.immigration.gov.lk/web/images/inc.htm
  5. http://www.museum.gov.lk/web/images/inc.htm
  6. http://www.fincom.gov.lk/web/images/x.html
  7. http://www.noithatbaokhang.com/cache/inc.htm
  8. http://dark-h.org/deface/id/12673
  9. http://zone-h.org/mirror/id/22206379
  10. http://zone-hc.com/archive/mirror/3814b0a_livestock.gov.lk_mirror_.html
  11. http://amsofttechno.com/
  12. http://www.slpa.lk/
  13. http://www.cicagri.com
  14. http://microenterprises.lk/
  15. http://complain.lk/
  16. http://pcicmp.lk/
  17. http://www.jfn.ac.lk/chem/
  18. http://www.thirumanam.lk/
  19. http://www.srilankabadminton.lk/
  20. http://www.wildsrilanka.lk/
  21. http://www.mytutor.lk/
  22. http://www.jobshoplk.com/
  23. http://lankamoto.com/
  24. http://libertymotors.lk/
  25. http://manamaalai.info/
  26. http://mayuratravels.com/
  27. http://mmtsrilanka.lk/
  28. http://mytools.lk/
  29. http://mytoolsint.com/
  30. http://nekkotrading.com/
  31. http://neon2000lk.com/
  32. http://tune.lk/
  33. http://kandyriversidevilla.com/
  34. http://www.piggford.com/
  35. http://nuhatravels.com/
  36. http://puttalamuc.com/
  37. http://ralhum.com/
  38. http://richirich.lk/
  39. http://nutrition.lk/
  40. http://universalsoundsl.com/
  41. http://weddingtimesl.com/
  42. http://tillyonline.com
  43. http://syncrosightproductions.com
  44. http://sinsationcolombo.com/
  45. http://admin.nutrition.lk/
  46. http://admin.slii.lk/
  47. http://slii.lk/
  48. http://srm.lk/
  49. http://sunchoice.lk/
  50. http://transtours.lk/
  51. http://vallibelfinance.com/
  52. http://victoryshipping.lk/
  53. http://weeramylan.com/
  54. http://xcellence.lk/
  55. http://zahirag90.lk/
  56. http://dsl.lk/
  57. http://cambridge.lk/
  58. http://abtravels.lk
  59. http://allbrothers.lk
  60. http://anew.lk/
  61. http://appleholidays.lk/
  62. http://fellowes.lk/
  63. http://galleria.lk/
  64. http://happydigital.lk/
  65. http://jewelexchange.lk/
  66. http://arboys.ch/
  67. http://bestdgc.com/
  68. http://biblechurchplanting.com/
  69. http://biz-machines.com/
  70. http://brandlabel.lk/
  71. http://businessmachines.lk/
  72. http://carman.lk/
  73. http://cineworld.lk/
  74. http://colombiagoc.com/
  75. http://colombochemicals.com/
  76. http://delta.lk/
  77. http://demasu.com/
  78. http://dslent.com
  79. http://dsltrading.com/
  80. http://gadadessa.com/
  81. http://gethsemanenet.org/
  82. http://globalelc.lk/
  83. http://gmtower.lk/
  84. http://goodmorningsrilanka.lk /
  85. http://hotlookjeans.lk/
  86. http://interlinkms.com/
  87. http://itmartx.com/
  88. http://jesussaves.lk/
  89. http://jesussaveslk.org/
  90. http://kannangara.info/
  91. http://khairaztravels.com/
  92. http://kuwamb.com/
  93. http://landsoflanka.com/
  94. http://ifecsa.lk/cc.html
  95. http://www.autovbuy.lk/
  96. http://www.bgmint.com/
  97. http://www.blend.lk/
  98. http://www.easyjobs.lk/
  99. http://www.emergingmedia.lk/
  100. http://www.helaasiriya.lk/
  101. http://www.imperial.lk/
  102. http://www.lankaautocars.com/
  103. http://www.maniksfurniture.lk/
  104. http://www.mrbroker.lk/
  105. http://www.pathedu.co/
  106. http://www.salonbhagyabymanorijayaweera.com/
  107. http://www.imransaibo.com
  108. http://www.pintarisolutions.com
  109. http://www.funtimesrilanka.com
  110. http://www.ethoughtswork.com
  111. http://www.cyber-illusions.net
  112. http://www.demo.collab7.com
  113. http://www.changeiscourage.com/index.php
  114. http://www.cattleyavilla.com
  115. http://www.argylex.com
  116. http://www.collab7.com/anything/
  117. http://www.syncrosightproductions.com
  118. http://www.tillyonline.com
  119. http://www.universalsoundsl.com
  120. http://jobbook.lk/
  121. http://220.247.225.201
  122. http://www.srilankan.com/
  123. http://nic.lk
  124. http://www.cbsl.gov.lk
  125. http://www.livestock.gov.lk
  126. http://www.gov.lk
  127. http://www.railway.gov.lk
  128. http://www.pmoffice.gov.lk
  129. http://www.slasscom.lk

Sunday, April 20, 2014

හාඩ් ඩිස්ක් වෙනුවට කැසට් ටේප්

අද තිබෙන්නේ දිනෙන් දිනම වේගයෙන් නොයෙක් ඩිජිටල් දත්ත ගොඩගැසෙන ලෝකයකි. ෆේස්බුක් සේවයට සම්බන්ධ කෝටි සියයකට වැඩි පිරිස නිතිපතා සිය තොරතුරු අප්ඩේට් කරන විට ගොඩ ගැසෙන තොරතුරු කන්දරාව සුළුපටු නැත. Youtube සේවයට සෑම විනාඩියකටම පැය 72ක කාලයක් පුරා ධාවනය විය හැකි තරම් වීඩියෝ එක් කෙරේ. මෙම සියළු දත්ත රැදවෙන්නේ සර්වර් පරිගණක වල ඇති Hard Disk Drive තුලය.

Hard Disk වල මෙසේ තොරතුරු රැදවීම නිසා Hard Disk වැඩි වශයෙන් රැස්වෙනවා විතරක් නොව අධික බලශක්තියක් ද වැයවේ. මේ සියල්ල අඩු කිරීම සදහා දැන් නව ක්‍රමයක් සොයාගෙන ඇත. ඵනම් කැසට් ටේප්වල තොරතුරු රැදවීමටය. 


බේරියම් ෆෙරයිට් ලවන අංශු වලින් පිරියම් කරන ලද චුම්බක බලැති ටේප් එකක දත්ත කන්දරාවක් රදවන්නට එවුන් සමත්ව ඇතැයි New Scientist සගරාව වාර්තා කර ඇත. ඒ අනුව සෙන්ටි මීටර් දෙකක් පළලැති, සෙන්ටි මීටර් 10ක් දිගැති පටියක ටෙරාබයිට් 35 (35 TB) ක හෙවක් ගිගාබයිට් 35000 (35000 GB) ක දත්ත ප්‍රමාණයක් රදවන්නට පර්යේෂකයෝ සමත්ව සිටිති. මේ තොරතුරු ප්‍රමාණය, සාමාන්‍ය පොත් තුන් කෝටි පනස් ලක්ෂයක ඇති තොරතුරු ප්‍රමාණයට සමානය.

දැනට නිපදවා තිබෙන දත්ත රැදවිය හැකි චුම්භක පය සම්බන්ධව විසදිය යුතු අර්බුධයක්ද තිබේ. එනම් චුම්බක පටයක ඇති දත්ත ලබා ගන්නට ගත වෙන කාලය, Hard Drive එකකට වඩා වැඩි වීමය. එහෙත් පර්යේෂකයෝ ඒ ගැන සුභවාදීව සිතති. ඔවුන් පෙන්වා දෙන්නේ අසීරුම තැන ඔවුන් විසින් පෙන්වා දී ඇති බවයි. කෙසේ වෙතත් එම දත්ත ඉන් උකහා ගැනීමේ තාක්‍ෂණය තවදුරටත් දියුණු කිරීම එතරම් අපහසු නැති බව ඔවුන්ගේ අදහසයි.

Monday, April 7, 2014

බිහිරි බවේ ප්ලග් ගැලවීම

සාමාන්‍ය ජංගම දුරකතනයකින් හෝ MP3 ප්ලෙයරයකින් ගීත අසන්නා ඵ් සදහා ඉයර්ෆෝන් හෝ ඉයර්ප්ලග් පැළැදිය යුතුය. මෙම ඉයර්ෆෝන් වලින් නික්මෙන ශබ්දය ගැන ජාත්‍යන්තර ප්‍රමිතියක් සැකසීමේ වැඩ දැන් යුරෝපා කොමිසම විසින් අරඹා තිබේ. ඉයර්ෆෝනයකින් නික්මිය යුතු උපරිම හ‍ඩේ සැර කොපමණදැයි යන්න පිළිබද යොජනා දැන් යුරෝපා කවුන්සිලය අපේක්‍ෂා කරන්නීය. 

ඉයර්ෆෝන්වල ශබ්දය නොගැළපෙන තරමට ඉහළ දමාගෙන ගීත ඇසීම නිසා, මහලු වයසට එන්නට කලින්ම කන් ඇසීම නැතිව යාමට පුළුවන් බව එළි වූයේ මීට අවුරුදු කීපයකට කලිනි.

2009 වසරේ යුරෝපා කොමිසම විසින් කළ සමීක්‍ෂණයකින් ඵළි වූයේ , ඕනෑවට වඩා වැඩි හඩින් දිගින් දිගටම ඉයර්ෆෝන් වලින් ගීත ඇසීම නිසාම කෝටියක් යුරෝපියයන් සදාකාලික බිහිරන් බවට පත්ව සිටින බවයි. එසේම සමීක්‍ෂණ‍යෙන් පෙනී ගියේ, ඉයර්ෆෝන් කනේ ගසාගෙන ගීත අසමින් ඉන්නා සෑම දෙදෙනෙකුගෙන් අයෙක්ම දැනටමත් කුමන හෝ ශ්‍රවණ ආබාධයකින් පෙළෙමින් ඉන්නා බවයි.                                                                           
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඩෙසිබල් 85ට වඩා වැඩි ශබ්දය කනට හානිකර බවය. එහෙත් දැන් බොහෝ දෙනා ඉයර්ෆෝන් වලින් අසන හඩ ඩෙසිබල් 120ට කිට්ටුය.






මින් කියවෙන්නේ ඉයර්ෆෝන් වලින් ගීත ඇසීම සපුරා අනතුරුදායක බව නොවේ. වඩා වැඩි හඩින් ගීත ඇසීම අනතුරුදායක බවය. යුරෝපා කොමිසම දැන් සැරසෙන්නේ මෙසේ අනතුරුදායක මට්ටම දක්වා ශබ්දය වැඩි කල නොහැකි තාලයේ ඉයර්ෆෝන් තැනීම නීතිගත කිරීමටය. ඵ් නීති අනුව යමින් තනන ඉයර්ෆෝනයක හඩ අපට ඕනෑ හැටියට ඩෙසිබල් 80කට වඩා වැඩි කළ නොහැකි වනු ඇති.

Thursday, March 20, 2014

ලෝක පැවැත්ම ගැන අනාවැකි කිවහැකි පරිගණකයක්

අද අප ලෝකයේ වෙන-කෙරෙන-දේවල් ගැන තොරතුරු කන්දරාවක් අන්තර්ජාලයේ තිබේ. විකිපීඩියා විශ්ව කෝෂය , ගූගල් මැප්ස් සේවය , ෆේස්බුක් වැනි සෝෂල් නෙට්වර්කින් සේවා යනාදී මේ තැන්වල තිබෙන්නේ කුමන තොරතුරු ද ?
මේ තොරතුරු මගින් නිරූපණය වන්නේ අද අප ජීවත් වන ලෝකයේ ස්වභාවයයි. මේ මගින් තොරතුරු පිළිවෙළකට තෝරා බේරා පිරිපහදු කොට ගත හොත් සමාජය වෙනස් වන රටාව තේරුම් ගත හැකි වන බව ෆෙඩරල්(Federal) තාක්ෂණ ආයතනයේ ආචාර්ය හෙල්බින්ග්(Helbing) පවසයි. මොහු ෆියුචර් අයිසීටී(Future ICT) නම් වැඩසටහනේ ප්‍රධානියා වේ.

මොහුගේ මෙම වැඩසටහනට දී තිබෙන්නේ "සජීවී පොළෝ අනුකාරකය"(LES- Living Earth Simulator) නම් වේ."ලේස් " කියා එය කෙටියෙන් හඳුන්වයි. ලේස් වැඩසටහනේ පර්යේෂකයින් විසින් ගූගල් සර්ච් එන්ජිම , විකිපීඩියාව වැනි තොරතුරු දෙන මූලාශ්‍ර 70ක් දැන් හඳුනා ගෙන තිබේ. මෙම වැඩසටහනට තොරතුරු සැපයීම ඉතා බැරෑරුම් කාර්යයකි. දැනට ගූගල් සර්ච් එන්ජිම සතු තොරතුරු ප්‍රමාණය කිව හොත් 2010 වසර වන විට ගූගල් සර්ච් එන්ජිමේ තොරතුරු තිබුණේ සර්වර් පරිගණක 39000කය. මාසයක කාලයක දී ගූගල් සර්ච් එන්ජිමෙන් සපයනු ලබන තොරතුරු වල ප්‍රමාණය සීඩී(CD) දෙකෝටියක රඳවන්නට පුළුවන.

කෙසේ වෙතත් මේ සියල්ල සපුරා ලේස් වැඩසටහන තැනූ විට ආචාර්ය හෙල් බින්ග් පවසන්නේ ඉදිරියේ දී එන්නට තිබෙන සුළි සුළං , වැසි වර්ෂා , සාගත-වසංගත යනාදී සියලු දේ කලින් ම දැනගන්නට පුළුවන් වනු ඇති බවය. ඊට අමතරව කැරළි කෝලාහල , ආර්ථික අවපාත වැනි සමාජ විද්‍යාත්මක සිදුවීම් ද කලින් දැනගන්නට පුළුවන් වනු ඇති බවය. තවද ඒවා වළක්වා ගන්නට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද කියාත් "සජීවී පොළෝ අනුකාරක" පද්ධතියෙන්(LES Programme) දැනගන්නට පුළුවන් බව පවසයි.

Wednesday, March 19, 2014

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

Facebook වෙබ් අඩවිය මගින් The Translations App නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් ලොව පුරා සිටින භාෂා පරිවර්තකයන් හට Facebook වෙබ් අඩවිය විවිධ භාෂා වලට පරිවර්තනය කිරීමට අවස්ථාවක් ලබා දී ඇත. Facebook වෙබ් අඩවිය සෑම භාෂාවකින් ම භාවිතා කල හැකි පරිදි සකසා ඕනෑම රටක සිටින ඕනෑම භාෂාවක අයකුට භාවිතා කළ හැකි වෙබ් අඩවියක් බවට පත් කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

ඒ අනුව Facebook වෙබ් අඩවිය අපගේ සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමේ කාර්යයට සහයෝගය ලබා දීමට දැන් අප සැමට අවස්ථාවක් උදා වී ඇත. ඔබත් මෙම කාර්යය සඳහා සහයෝගය දැක්වීමට කැමති නම් පහත සබැඳිය වෙත පිවිස සිංහල භාෂාව තෝරා ගන්න.

https://www.facebook.com/?sk=translations



මෙහි දී ඔබට නව පරිවර්තන සිදු කිරීම හා අන් අයගේ පරිවර්තනයන් සඳහා මනාප ලබා දීම සිදු කළ හැක. පරිවර්තන කටයුතු වල දී ඇතිවෙන විවිධ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඔබට "ෆෙස්බුක් සිංහල පරිවර්තන සමූහය" වෙත එක්වීමට පුළුවන.

පහත දැක්වෙන්නේ Facebook සිංහල භාෂාවෙන් භාවිතයේ දී යම් යම් දේවල් දැකිය හැකි ආකාරයයි. මේවා ඉදිරියේ දී වෙනස් වීමට ඉඩ ඇත.






Tuesday, March 18, 2014

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

පරිගණක ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක් තිබේ. ඇමරිකාවේ මිඩ්ගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් සොයාගන්නා ලද මේ තාක්ෂණය, අනුනාදක ඝටිකා ඈදිති තාක්‍ෂණය(resonant clock mesh technology) කියා සිංහලෙන් හදුන්වන්නට පුළුවන.

මේ තාක්ෂණය යොදාගෙන AMD සමාගම ප්‍රොසෙසරයක් නිපදවීය.ඵය ට්‍රිනිටි(trinity)ලෙස නම් කොට ඇති මෙම ප්‍රොසෙසරය සහිත ඵච්පී ස්ලීක්බුක්(HP Sleekbook) කොම්පියුටරය දැන් ඇමරිකාවේ විකුණන්නට තිබේ.


මෙම ප්‍රොසෙසරයේ විශේෂත්වය ඵය වොට් 17ක් තරම් අඩු විදුලි ක‍්ෂමතාවයකින් යුක්ත වීමය.ප්‍රොසෙසරය මගින් තොරතුරු යවන වේගය වැඩි කරන්නට විශේෂ ලෝහ දැලක් ප්‍රොසෙසරය හරහා පිහිටුවයි.ඝටිකා ඈදිත්ත(clock mesh) යනු එයයි.මෙය මගින් ස්පන්ද ලෙස හදුන්වන තොරතුරු සංඥා ඉතා වේගයෙන් පැතිරේ.එවිට ස්පන්ද දෙකක් අතර කාලය අඩු කොට ඝටිකා වේගය වැඩි කල හැක.ට්‍රිනිටි ප්‍රොසෙසරයේ වේගය වැඩි කොට තිබෙන්නේ මේ ක්‍රමයටය.

ඒ අනුව මෙම ට්‍රිනිටි ප්‍රොසෙසරය ඇති පරිගණක මොනිටරයකදී තත්පරයකට ෆ්‍රේම් 30ක් ලබාදෙන්නට පුළුවන් බවත් දැන් තිබෙන වේගවත්ම පරිගණක ක්‍රීඩාවක් පවා ඉතා හොදින් ක්‍රීඩා කල හැකි බවත් මිඩ්ගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් ප්‍රකාශ කර ඇත.

Monday, March 17, 2014

Mobile phones නිසා මොළයේ ගෙඩි හැදෙන්නේ නෑ

දිගින් දිගට ඡංගම දුරකථන පාවිච්චි කළොත් මොළයේ ගෙඩි හැදෙන්නට පුළුවන් බව කලක් තිස්සේ සංවාදයට බදුන් වූ මතවාදයකි. මෙම ගෙඩි හෙවත් tumors හැදෙන්නට ජංගම දුරකථන පාවිච්චිය කිසිසේත්ම බලපාන්නේ නැති බව ඩෙන්මාර්කයේ වැන්ඩබිල්ට්(Vandebilt) විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය ඡෝන් බොයිස් ඇතුළු පිරිස පෙන්වා දී තිබේ. 



මේ තත්ත්වය කෙසේ නමුත් ජංගම දුරකථනයක් දිගු කාලයක් තිස්සේ පාවිච්චි කිරීමෙන් කිසිම සෞඛ්‍ය හානියක් වෙන්නේ නැතැයි මින් ප්‍රකාශ කළ නොහැක. පසුගිය මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ජංගම දුරකථනය "පිළිකාකාරක උපකරණයක්" ලෙසය. ඒ කෙසේ වෙතත් ඇමරිකානු වෛද්‍ය සංගමය පවසන්නේ ජංගම දුරකථන ක්‍රියාත්මක වන විට මොළයේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්වන බවත් පිළිකා සෛල වැඩෙන විට මොළයේ ග්ලූකොස් මට්ටම ඉහළ යන්නාක් මෙන් ඡංගම දුරකථන පාවිච්චි කරන විටද මොළයේ ග්ලූකොස් මට්ටම ඉහළ යන බවත්ය.



ජංගම දුරකථනයකින් කතා කරන විට ඉන් නික්මෙන රේඩියෝ තරංග වල ශක්තියෙන් වැඩි පංගුවක් මොලයට උරා ගනී .එම ප්‍රමාණය කිලෝග්‍රෑමයක් සදහා වොට් දෙකකට වඩා වැඩි නම් එයින් මොලයට හානි විය හැක.

Friday, March 14, 2014

VLC Player දැන් නව මුහුණුවරකින්

VLC Player for Windows 8
ලොව ජනප්‍රියම video player එක වන VLC Player එක නවතම මුහුණුවරකින් Windows 8 සඳහා App එකක් ලෙස නිර්මාණය කිරීමට VideoLAN Team සමත්ව තිබෙනවා. මෙම app එක Windows 8 සහ Windows 8.1 සඳහා පමණක් සහය දක්වන අතර ඉදිරියේදී ARM පදනම් වූ Windows RT සඳහාද සහය දක්වන ලෙස මෙය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව VideoLAN Team පවසා සිටියි. මෙතෙක් කල් අප භාවිතා කළ desktop version එකෙහි ක්‍රියාත්මක වූ සියලුම formats මෙම Windows 8 VLC app එකෙහිද ක්‍රියාත්මක වනු ඇත. Microsoft සමාගමේ නව Metro Design එක අනුගමනය කරමින් Windows 8 VLC app එක නිර්මාණය කර ඇති අතර video playback අතුරුමුහුණත ඉතාමත් සරල ලෙස සාදා ඇත.

Video Playback Preview of VLC Player for Windows 8

Search Preview of VLC Player for Windows 8


Click here to get VLC for Windows 8

Friday, August 2, 2013

වෙබ් පිටු වෙනුවට එරර් මෙසෙජස් Part - 1

අන්තර්ජාලය තුළින් වෙබ් අඩවි පෙන්වන්නේ නැති වේලාවල් වලදී ඊට හේතුව වශයෙන් පණිවිඩයක් පෙන්වයි...එරර් මෙසේජ් ලෙස හදුන්වන මෙම පණිවිඩ මගින් පමාවීමට හේතු විස්තර කරයි...මේවා පෙන්වනු ලබන්නේ යම්කිසි අංකයක් මගිනි...එම එරර් මෙසෙජ් අංකයෙන්ද යම්කිසි වැටහීමක් ලබා ගත හැකි අතර හතරේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මෙසෙජස් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ් බ්‍රව්සර භාවිතා කිරීම නිසාය..පහේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මෙසේජස් ලැබෙන්නේ අන්තර්ජාල සේවා සපයන සවර්වල ඇති වරදක් හෝ අනතර්ජාල සම්බන්ධතාවයේ ඇති වරදක් නිසාය...මේවා වර්ග 8ක් ඇත.එවැනි එරර් මෙසේජස් වලින් කියැවෙන දේ පහත සදහන් වන අතර ක්‍රියාකල යුතු ආකාර ද  මෙහි සදහන් වේ..ප්‍රථම වශයෙන්ම මා කතා කරන්නේ 4ක් ගැන පමණි..මුලින්ම අපි අද 400 යන එරර් මෙසේජය ගැන කතා කරමු...

400 Bad Request
මෙමගින් අදහස් කෙරෙන්නේ අන්තර්ජාලය වෙතින් පරිශිලකයා ‍ඉල්ලා ඇති වෙබ් අඩවියට අදාල වෙබ් ලිපිනයෙහි යම් වරදක් තිබෙන බව හෝ වෙබ් ලිපින තීරුවේ ටයිප්කල වෙබ් ලිපිනයට ගැලපෙන වෙබ් අඩවියක් මෙතෙක් අන්තර්ජාලයට ස්ථාපිත කර නොමැති බවය..මෙවැනි පණිවිඩ ආ විට ප්‍රථමයෙන්ම කල යුත්තේ වෙබ් ලිපින තීරුවේ සටහන් කල වෙබ් ලිපිනයෙහි නිරවද්‍යතාව තහවුරු කර ගැනීමයි..විශේෂයෙන්ම වෙබ් ලිපිනයේ සංකේත,ඉලක්කම් ආදී දේ පිළිබද සැලකිලිමත් විය යුතුය...


401 Unauthorized
මින් අදහස් කෙරෙන්නේ පරිශිලකයාට අවශ්‍ය වෙබ් පිටුවට හෝ අඩවියට ඇතුළුවීමට අවසර නොමැති බවය...මෙම වෙබ් අඩවිවලට ඇතූළුවිය හැක්කේ පරිශීලකයාගේ තොරතූරු ඇතුලත් කොට එහි ලියාපදංචි වී ඉන් පසු ලැබෙන යූසර් නේම් සහ පාස්වර්ඩ් යොදා ගැනීමෙනි...


403 Forbidden
මෙයින් අදහස් කෙරන්නේද ඉහත සදහන් කල දේමය..මෙහිදීද තම තොරතුරු සපයමින් ලියාපදිංචි වී ඉන්පසුව ලැබෙන යූසර් නේම් හා පාස්වර්ඩ් භාවිතා කිරීමෙන් ඇතුළු විය හැක..


404 Page Not Found
මින් කියවෙන්නේ පරිශීලකයාට ලබා ගැනීමට අවශ්‍ය වෙබ් අඩවිය හෝ පිටුවට සම්බන්ධ කිරීමේ යම් තාක්ෂණික අපහසූතාවයක් පිළිබදවය..මෙවැනි අවස්ථාවලදී කල යුත්තේතමන් පෙර සිටි වෙබ් පිටුව වෙත ගොස් නැවත ඔබට අවශ්‍ය අඩවිය හෝ පිටුව ඉල්ලුම් කිරීමයි...තවද රී‍ෆ්රෙෂ් කිරීමෙන්ද මෙම වරද නිවැරදි කරගත හැකිය..
පරිශීලකයා විසින් වෙබ් ලිපිනය ටයිප් කල විට මෙම එරර් මෙසෙජය ලැබෙන්නේ නම් වහාම කල යුත්තේ වෙබ් අඩවියේ ලිපිනය පරීක්ෂා කිරීමයි..වෙබ් ලිපිනයේ යම් වෙනසක් කොට තිබීම,වෙබ් පිටු මකා තිබීම,වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබීම වැනි හේතු නිසාද මෙම එරර් මෙසෙජය ලැබිය හැක..


ඉහත සදහන් කල එරර් මෙසෙජස් සහ තොරතුරු  මෙහි සදහන් වන්නේ සුළු ප්‍රමාණයකි..මෙහි ඉතිරි එරර් මෙසෙජස් වල තොරතුරු අප ඔබට රැගෙන එන්නම්...දෙවන කොටසද කියවන්න...නැවත දෙන කොටසේදී හමුවෙමු!!...

Monday, May 6, 2013

වින්ඩොස් 8 සාර්ථකද? අසාර්ථකද?



මයික්‍රොසොෆ්ට්‌ ආයතනයේ නවතම මෘදුකාංගය වන වින්ඩෝස්‌
 8 පසුගියදා මෙරටට හඳුන්වාදෙනු ලැබීය.ඒ අනුව ශ්‍රී ලංකාවේ වින්ඩෝස්‌ 8 හඳුන්වාදීම පසුගියදා කොළඹ රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.මෙහිදී මයික්‍රාසොෆ්ට්‌ ආයතනයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඇන්තනී සැල්සීටෝ මහතා ස්‌කයිප් තාක්‍ෂණය හරහා රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී මෙම හඳුන්වාදීම සිදු කෙරිණි.ශ්‍රී ලංකාවට සමගාමීව ලෝකය පුරා රටවල් 43 කදී මෙම හඳුන්වාදීම සිදු කරන ලදී.වින්ඩෝස්‌ 8 නවතම මෘදුකාංගය මගින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ලැබෙන වාසි සහ එමගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාගත හැකි ප්‍රයෝජනය පිළිබඳව ඇන්තනී මහතා විසින් මෙහිදී පහදා දෙනු ලැබීය. නමුත් විචාරකයන්ගේ මතය වන්නේ මෙය නිෂ්පාදන මට්ටමේ සිට අලෙවි මට්ටම දක්වා අසාර්ථක වූ තවත් එක් මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. මෙහි ආරක්ෂණ පද්ධතියේ ඇති විශාලතම අඩුපාඩුවක් පසුගිය දිනෙක මුරපදයන් අමතක වීම නිසා සිය ගිණුම් වලට පිවිසීමට නොහැකි පරිශීලකයන් සදහා සිය සේවය සපයා දෙන ආයතනයක් වන Passcape
Software සමාගම විසින් හදුනාගෙන තිබෙනවා.වින්ඩෝස් 8
විසින් පරිශීලක මුරපදයන්ගේ පිටපතක් %SYSTEM_DIR%/config/systemprofile/AppData/Local/Microsoft/Vault/4BF4C442-9B8A-41A0-B380-DD4A704DDB28

යන පාත් එකෙහි සේව් කර ගනී. මෙම මුරපදය ඒ.ඊ.එස් ක්‍රමවේදයට අදාලව Encrypt වන නමුත් ඒ සදහා වෙනත් පින් එකක් උපයෝගී කර නොගන්නා නිසා Decrypt මෘදුකාංගයක් මගින් මේ මුරපදය ඉතාම පහසුවෙන් සොයාගත හැකියි.කෙසේ වෙතත් මේ ආකාරයෙන් මුරපදය වෙත පිවිසිය හැක්කේ Administratorආකාරයේ පරිශීලකයන් වෙත පමණි.මෙය අන්තර්ජාලය හරහා පිවිසීම මදක් අසීරු දෝශයක් නිසා එතරම් බලපෑමක් නොවනු ඇති. මෙය හඳුනාගත් එක් දෝෂයක් පමණි. වින්ඩොස් 7 හා සංසන්දනය කරන විට Start මෙනුවට පහසුවෙන් පිවිසීමට හැකියාවක් නොමැති වීම මෙහි තවත් එක් අපහසුතාවයකි. කෙසේ වෙතත් මෙය නිපදවා ඇත්තේ Touch Screen පරිගණක සදහා බැවින් එය එතරම් සැලකිය යුතු කරුණක් නොවේ. මෙම මෙහෙයුම් පද්ධතියේ වේගය පිළිබඳව සඳහන් කරන විට පරිගණකය සම්පූර්ණයෙන් ම ON වීමට ගත වන්නේ තත්: 5-10 අතර කාලයකි. එය වින්ඩෝස් Vista හා වින්ඩොස් 7 හා සංසන්දනය කරන විට විශාල දියුණුවක් සේ සැලකිය හැකිය. වින්ඩොස් 7 යි තිබූ Transparency ලක්ෂණය මෙහි අඩංගු නොවේ. ඒ වෙනුවට Mat look තාක්ෂණය ලබා දී ඇත්තේ වේගය නියමිත පරිදි පවත්වා ගැනීමටයි. වර්ණ සංකලනය අතින් වින්ඩොස් 8 අනෙක් සියළුම මෙහෙයුම් පද්ධති වලට වඩා ඉදිරියෙන් සිටී. කෙසේ වෙතත් ආයතනික මට්ටමින් සැලකීමේදී වින්ඩොස් 8 වෙත දක්වන ප්‍රතිචාර එතරම්ම යහපත් නෙවේ. තොරතුරුතාක්ෂණ ක්ෂේස්ත්‍රයේ  සේවකයන් 1200 ඇසුරින් කල සමීක්ෂණයකින් හෙලි වූයේ ඔවුන්ගෙන් 23.8% පවසන්නේ තම ආයතනයේ ඇති කිසිදු පරිගණක පද්ධතියක් වින්ඩොස් 8 වෙත Upgrade කිරීමට කිසිදු බලාපොරොත්තුවන් නොමැති බවයි. 49.9%ක ගේ අදහස වන්නේ තවමත් තම ආයතනය වින්ඩොස් 8 වෙත Upgrade කිරීමට සැලසුම් කර නොමැති බවයි. 10.7%ක් පවසන්නේ ඉදිරි මාස 12 තුල Upgrade කිරීමකට සැලසුම් කර ඇති බවයි. ඉතිරි පිරිසේ අදහස වන්නෙ මෙහි ඇති Touch  Screen Interface එක කෙරෙහි තම ආයතන කිසිදු පැහැදීමක් නොමැති බවයි. ඉතින් යාළුවනේ ඔයාලගෙ අදහස මොකක්ද? වින්ඩොස් 8 සාර්ථකද? අසාර්ථකද? 

Tuesday, November 13, 2012

Messenger විශ්‍රාම යැවීම



මෙතෙක් කලක් මයික්‍රොසොෆ්ට් සමාගමේ නිල IM(Instant Messaging) සේවාව(එනම් ක්‍ෂණික පණිවිඩ සේවාව) ලෙස දියුණුකරමින් පවත්වාගෙන ආ Messenger සේවාව සේවයෙන් ඉවත්කිරීමට කටයුතු කරමින් සිටින බව පසුගිය සතියේ(නොවැම්බර් 7, 2012 දින) එම සමාගම ප්‍රකාශයට පත්කලා. පසුගිය වසරේ Skype සමාගම මිලදීගැනීම නිසා වෙනම මැසෙන්ජර් සේවාවක් පවත්වාගෙනයාම අනවශ්‍ය බවට සමාගම තීරණය කර තිබෙනවා.

Microsoft සමාගමේ සලකුණක් බඳුවූ Messenger IM සේවය එලිදැක්වූයේ 1999 වසරේදීය. තම සමාගම විසින් එළදක්වන ලද විවිධ මෙහෙයුම් පද්ධති තුලට ද මෙම සේවාව අන්තර්ගත කිරීමට ඔවුන් කටයුතුකළා. "MSN Messenger Service" නමින් ආරම්භවී ඉතිහාසය පුරා ".NET Messenger", "Windows Messenger", "Windows Live Messenger" ආදී නම්වලින් හැඳින්වුණා. කෙසේහෝවේවා පසුගිය වකවානුව වනවිට මැසෙන්ජර් සේවාව වටා මිලියන 350ක් පමණවූ ප්‍රජාවක් රොද බැඳී සිටින්නට ඇත.

Skype සේවයට ඇත්තේ මීට සාපේක්‍ෂව කෙටි ඉතිහාසයකි. 2003 දී ආරම්භවූ ස්කයිප් අනතුරුව 2005 වසරේදී eBay සමාගම විසින් මිලයට ගැනුනේ US$ බිලියන 2.6ක මුදලකටය. ආරම්භයේ පටන් ස්කයිප් සේවාව ඉමහත් ප්‍රචලිත්වයක් අත්කරගැනීමට සමත්විය. ඒ IM සේවයට අමතරව Voice call සහ Video call සේවාවන් ප්‍රධානකරගත් සේවයක් වූ බැවිනි. එහි සාර්ථකත්වය නිරීක්‍ෂණය කළ මයික්‍රෝසොෆ්ට් සමාගම 2011 වසරේ මැයි 10 වන දින Skype සමාගම මිලදී ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 8.5කටය. එදා පටන් ස්කයිප් වල භාරකත්වය microsoft සමාගමේ ස්කයිප් අංශය දරනවා. ස්කයිප් ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස facebook chat සමගම එක්වීම සලකන්නට පුළුවන්. 2012 වර්ෂයේ මාර්තු වනවිට මිලියන 1090ක පමණ ප්‍රජාවක් ස්කයිප් වටා එක්රොක්වී සිටියහ.

මේ මස මුල්භාගයේ නිකුත්කරණ ලද Skype 6.0.73 සංස්කරණය මගින් MS Messenger සේවයට ආයුබොවන් කීමේ මුල් පියවර තැබීමට කටයුතු සිදුවුණේය. එමගින් මැසෙන්ජර් සේවාව භාවිත කරන පරිශීලකයන්ට ස්කයිප් client තුලින්ම තම මයික්‍රොසොෆ්ට් ගිණුමට ඇතුල්වීමේ පහසුකම ලැබුණි. මැසෙන්ජර් සේවයේ සිට ස්කයිප් වෙත මාරුවීමෙන් මෙතෙක් තමන් භාවිත කළ මෙසෙන්ජර් ලිපිනයම භාවිත කිරීමට අවස්ථාව ලැබෙන බවත් ස්කයිප් වෙත මාරුවන තෙක් 2013 වර්ෂයේ මුල් කාර්තුව දක්වා මෙසෙන්ජර් සේවාව ක්‍රියාත්මක වනු ඇති බවත් ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේ නමුත් මෙම එක්කිරීම චීනයට බලපාන්නේ නැත. චීනය තුල පවත්වාගෙන යනු ලබන දැඩි ප්‍රතිපත්ති වලට අවනතවන පරිදි ස්කයිප් හා මෙසෙන්ජර් සේවා ක්‍රියාත්මක කිරීමට එරට වෙන්වෙන් සමාගම් දෙකක් 2004 හා 2005 වර්ෂවල පටන් අයිතිකාර සමාගම් සමග සහයෝගීතාවක් පවත්වා ගැනීම මීට හේතුවයි. මේවන විට ඒ සේවා දෙකේම අයිතිය මයික්‍රොසොෆ්ට් සමාගමට පැවතියත් චීනය තුල එම සමාගම් දෙක යටතේ වෙනවෙනම ක්‍රියාත්මක වන නිසා යම්හෙයකින් සේවාවන් එක් කළහොත් එම සමාගම් අතර අර්බුදයක් ඇතිවිය හැකි නිසා ඉදිරියටත් චීනය තුල Skype හා Messenger සේවා වෙන්වෙන්ව පවත්වාගෙන යනු ඇත.



Wednesday, November 7, 2012

Data Compression - Run Length Encoding


RLE (Run Length Encoding) Algorithm
මතකනේ මීට කලින් අපි දත්ත සම්පීඩනය හා අසම්පීඩනය පිළිබදව සරලව කතාකලා. ඒ වගේම Data compression මූලික වර්ගීකරණය හා ක්‍රමවේදයන් පිළිබඳවත් සුළු සඳහන් කිරීමක් කලා. ඒ ලිපි කීපයට ලැබුණු ප්‍රතිචාර නිසාම අපි තීරණය කලා මේ ක්‍ෂේත්‍රය ගැන විස්තර පළකිරීම කීපදෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වේවි කියලා.

මෙම ලිපියෙහි අරමුණවන්නේ Data compression සඳහා යොදාගන්නා සරලතම ඇල්ගොරිතමයක් වන RLE(Run length encoding) පිළිබඳ උදාහරණ ඇසුරෙන් සාකච්ඡාකිරීමයි.

නමින් හැඟවෙන පරිදිම "ගොනුවක(file එකක) දත්තයන්, රටාවන් ලෙස කෙතරම් දුරකට දිවයන්නේද යන්න නිරූපණය කිරීමෙන් ගොනුවේ එකිනෙක ආසන්නයේ නැවත නැවත යෙදෙන රටාවන් සම්පීඩනය කිරීම" මෙම ඇල්ගොරිතමෙහි අරමුණයි.


1. උදාහරණය aaaaaaaaAAAA යන දත්ත ගොනුවේ යෙදී ඇති රටාව නිරීක්ෂණය කරන්න. එහි එකිනෙක ළඟින් පිහිටි “a” අක්ෂර 8කුත් “A” අක්ෂර 4කුත් දැකිය හැක. ඒ අනුව එය අක්ෂර 12ක විශාලත්වයෙන් යුතු ගොනුවකි. Runlength සම්පීඩනයට අනුව මෙම රටාව සංක්ෂිප්ත කොට a8A4 යනුවෙන් අක්ෂර 4කින් නිරූපණය කළහැක. මෙම සම්පීඩිත ගොනුව අසම්පීඩනය කිරීමෙන් නැවත මුල් ගොනුව ප්‍රතිනිර්මාණය කරගතහැක.

තවත් උදාහරණයක් සලකා බලමු.


2. aaabaaaaAAAA
මෙම දත්ත ගොනුවේදී එකම අක්ෂරය ළඟ ළඟ යෙදෙන රටාවට “b” අකුරකින් බාධා වී ඇති බව නිරීක්ෂණය කරන්න.

සරල runlength නිරූපණය = a3b1a4A4
තනි "b" අක්‍ෂරය නිරූපණය කිරීමට අක්ෂර දෙකකුත් "a" අක්‍ෂර පන්ති දෙකක් ඇති බැවින් ඒ වෙනුවෙන් අක්ෂර 4කුත් යොදාගැනීමට සිදුවී ඇත. පෙර උදාහරණය හා සසඳන විට දැකිය හැක්කේ එක් අක්‍ෂරයක වෙනසක් පමණක් වුවත් එමගින් දත්ත රටාවේ ගලායාමට ඇතිවූ බාධාවේ ප්‍රතිඵලයක් ලෙස පෙර උදාහරණයට සාපේක්‍ෂව සම්පීඩිත ගොනුව තරමක් විශාලවී ඇත.


3. උදා: aAaAaAaAaA
මෙම ගොනුව තුළද එකළඟින් යෙදෙන රටාවක් දැකිය හැක. නමුත් කලින්මෙන් එක් අක්ෂරය බැගින් සලකා runlength නිරූපණය කළහොත් ලැබෙනුයේ අක්ෂර 20කින් සමන්විත ගොනුවකි;
a1A1a1A1a1A1a1A1a1A1
එය මුල්ගොනුව මෙන් දෙගුණයක් විශාලය. එබැවින් මෙම නිරූපණය දත්ත සම්පීඩනයට උචිත නොවේ.

නමුත් මෙම ගොනුව සඳහා අක්ෂර 2 බැගින් සලකා runlength නිරූපණය කිරීමෙන්;
aA5
අක්ෂර 3ක ගොනුවක් නිර්මාණය කරගැනීමට හැකි බව පෙනේ.


දෝෂ නිරාකරණය

සරල බව හේතුවෙන්ම encoding(කේතාංකණ) ක්‍රියාවලිය හා decoding(විකේතන) ක්‍රියාවලිය මුහුණපෑ හැකි විශේෂ අවස්ථා කීපයක් සලකාබලමු.

4. උදා: මුල් ගොනුව තුල අනුයාතව "7" ඉලක්කම් 10කුත් "1" ඉලක්කම් 11කුත් සහිත උදාහරණයක් සලකමු.

File= 7777777777111111111111
කේතාංකණය මගින්

encoded file= 710111

ලෙස කුඩා ගොනුවක් නිර්මාණයකරගත හැකිවුවත් එම නිරූපණය වැරදි ලෙස විකේතනය වියහැක.
decoded file= 701


5. උදා: අක්‍ෂර දෙක බැගින් සලකා කරන ලද කේතාංකණයක් තනි අක්ෂරය බැගින් විකේතනය කිරීමේදී

file= 55555566

අක්ෂර දෙක බැගින් සැලකූවිට
encoded file= 553661

අක්ෂර 1 බැගින් යයි සලකා අසම්පීඩනය කළහොත්
decoded file= 555553333336

මෙවැනි පැටලැවීම් මඟහරවා ගැනීමට encoded ගොනුව නියමිත ආකෘතියකට ගොඩනැගිය යුතුය.
දත්ත රටාව  සඳහා අක්‍ෂර ස්ථාන කීයක් වෙන්කල යුතුද, යෙදී ඇති වාර ගණන දැක්වීමට ස්ථාන කීයක් වෙන්කල යුතුද යන්න එමගින් තීරණය කල යුතුය. 4 උදාහරණයේදී නම් රටාව සඳහා එක් අකුරක්ද වාර ගණන(සංඛ්‍යාතය) සඳහා ස්ථාන දෙකක්ද වෙන්වන බව ඩිකෝඩරය දැනසිටියේ නම් ගැටලුවක් නොවේ. එසේත් නැතිනම් එන්කෝඩරය මගින් රටාවට එක් ස්ථානයක්ද සංඛ්‍යාතයටද එක් ස්ථානයක්ද බැගින් වෙන්කලේනම්;
encoded file=79711912
එවිටද ගැටලුවක් නොවනු ඇත.

නිගමනය

  • දත්ත සම්පීඩනය සඳහා යොදාගත හැකි සරලතම ක්‍රමවේදයක් ලෙස Run Length encoding ඇල්ගොරිතම දැක්විය හැක.
  • දත්ත ගොනුව තුළ දැකිය හැකි රටාවන් වඩාත් හොඳින් සම්පීඩන වන පරිදි runlength යෙදිය හැකි ආකාර සලකා බැලිය හැක. එක් අක්ෂතරය බැගින් (bit 8 බැගින්), bit 16 බැගින්, bit 4 බැගින්
  • එන්කෝඩරය මගින් ගොඩනගනුලබන ගොනුව ඩිකෝඩරයට පැහැදිලිව තේරුම්ගත හැකි පරිදි ආකෘතිගත කල යුතුය.
බිටු 4 බැගින් සලකා RL Encoded උදාහරණයක්
(ද්විමය පාදයෙන් දක්වා ඇත)

  • දත්ත ගොනුව තුළ ළඟළඟ යෙදෙන රටාවන් සැලකිය යුතු ප්‍රමාණයක් නොවන විට run length encoding භාවිතයෙන් සම්පීඩනයක් ඇතිකරගත නොහැක.

  එමනිසා බොහෝ අවස්ථාවන්හිදී run length උචිත නොවේ. ප්‍රායෝගික භාවිතයේදී මූලික සම්පීඩන ක්‍රමවේදයකට වඩා වෙනත් ඇල්ගොරිතම ශක්තිමත් කරන උපාංගයක් ලෙස runlength ඇල්ගොරිතම භාවිතයට ගැනේ.

අමතර සටහන

පැහැදිලි කිරීමේ සහ අවබෝධ කරගැනීමේ පහසුව සඳහා "අක්‍ෂර", "අංක" ලෙස සඳහන් කර ඇත. ප්‍රායෝගිකව ඒවා සංඛ්‍යාත්කම(numeric/ හෝ ASCII) බව සලකන්න. 

ගැටලු/අදහස් තියෙනවනම් Comment කරන්ඩ අමතකකරන්ඩ එපා.

Thursday, November 1, 2012

ඉතින් ආයුබොවන් Google Knol ගරු


2007 දෙසැම්බර් 13 දින ගූගල් සමාගම විශ්වකෝෂීය සංස්කරණයක් ප්‍රකාශයට පත්කලේය. ඒ Google Knol නමිනි. අන්තර්ජාලයේ අන්තර්ගතය පුළුල්කිරීමේ අරමුණින් තමන් මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පියවර ගත් බවට ගූගල් සමාගම ප්‍රකාශයට පත්කල ද එය සාධාරණිය කිරීමට ඔවුන්ට දැඩි වෙහෙසක් දරන්නට සිදුවූයේ ඒ වනවිට විකිපීඩියාව වැනි ඕනෑම කෙනෙකුට විවෘත විශ්වකෝෂයක් වර්ධනයවෙමින් පැවති බැවිනි. Google සමාගම තමන්ගේම කියා විවෘත විශ්වකෝෂයකට අරඇදීමට සූදානම්වන බවත් එමගින් දැනුවත්ව හෝ නොදැනුවත්ව Wikipedia මරුවෙකු නිර්මාණයවන බවත් විචාරකයන් පෙන්වාදුන්හ. නමුත් ගූගල් සමාගම තම ස්ථාවරය ප්‍රකාශකරමින් කියාසිටියේ තම සමාගම Wikipediaව සමග ඉතා සුහදව කටයුතු කරන බවත් එහි දියුණුව පිළිබඳ සතුටුවන අතර ගූගල් නොල් මගින් ඊට කිසිඳු බාධාවක් හෝ තර්ජනයක් ඇති නොවන බවත්ය.


එය කෙසේවුවත් Wikipedia නාමයේ භාරකාරකත්වය දරණ Wikimedia Foundation ප්‍රකාශයක් නිකුත්කරමින් කියාසිටියේ අන්තර්ජාලයේ විවෘත අන්තර්ගතය වැඩිවන තරමට ලෝකයට හොඳ බව තමන් විශ්වාස කරන බවයි.


knol යන යෙදුම යොදනුයේ දැනුමෙහි තැනුම් ඒකකය යන අරුතිනි

-Google

Google Knol හා Wikipedia අතර දැකිය හැකි පැහැදිලි වෙනස්කම් කීපයක් විය.

  1.  ලිපි පිළිබඳ මධ්‍යස්ථභාවයක් හෝ මූලාශ්‍ර සහිතව සාධාරණියකරණයකිරීමක් අවශ්‍ය නොවීම
  2.  ව්‍යාපාර, නිෂ්පාදන, සේවා ආදියට අනුග්‍රහය දක්වන ලිපි අනුමත කර තිබීම.
  3.  Google Knolතුලදී ලිපියක් ආරම්භකරන මුල්තැනැත්තාට අවශ්‍යනම් එම ලිපියේ සම්පූර්ණ අයිතිය හෝ අයිතියෙන් කොටසක් තමන්සතුව තබාගැනීමේ හැකියාව.
  4.  තමන් ආරම්භකළ ලිපිය වෙනත් අයට වෙනස්කිරීමට නොහැකි පරිදි නිර්මාණය කළ හැකිවීම.
  5.  තම ලිපි තුල වෙළඳදැන්වීම්(Google Adsense) ඇතුලත් කිරීමෙන් ආදායම් උපයාගැනීමට අවසරය.
  6.  එකම මාතෘකාව පිළිබඳ වුවද විවිධ ලේඛකයන් අතින් නිර්මාණයවුණු ලිපි.


මේ නිසා විකිපීඩියාවට කෙසේවෙතත් about.com, squidoo, hubpages වැනි වානිජමය අඩවිවලට සැලකියයුතු බලපෑමක් එල්ලවන බව සමහරෙක්ගේ මතයවිය.

Knol ප්‍රථමවරට මහජනයාට විවෘතවූයේ බීටා(beta) සංස්කරණයක් ලෙසින් 2008 ජූලි 23 දිනදීය. මාස හයක් පමණ ගතවත විට (එනම් 2009 ජනවාරි මස වනවිට) ලිපි 100,000 සීමාවට ලඟාවීමට ගූගල් නොල් සමත්විය. නමුත් අනුගමනය කරන ලද තරමක් ලිහිල් ප්‍රතිපත්ති යටතේ විවිධ අපහසුතාවන්ට මුහුණදීමට Google Knolට සිදුවිය. ප්‍රචාරණ කටයුතු, ස්පෑම් සඳහා නොල් යොදාගැනීම මෙන්ම පක්‍ෂපාතීත්වය, පුද්ගල මතවාද, විශ්වාසවන්තභාවය පිළිබඳ ගැටලු හේතුවෙන් එය මඩගොහොරුවක් බවට පත්ව ඇති බව සමහරෙක් කියා සිටියහ.

මහජනයා විසින් එක්කරනලද ලිපිවලට අමතරව විවිධ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥයන් අතින් නිමවූ සවිස්තරාත්මක ලිපි එක්කිරීමටද ගූගල් සමාගම පියවරගෙන තිබුණු අතර Knol ලිපි කෙරෙහි පක්‍ෂපාතීත්වය දැක්වීම නිසා Google සමාගමට නොයෙක් අප්‍රසාද පළවිනි.


කාලය ගතවෙත්ම අපේක්‍ෂා කල පරිදි දෙපයින් නැගී සිටීමට නොල් අපොහොසත්වී ඇති බව පෙනීයන්නට විය. ඒ අනුව 2011 නොවැම්බර් මස වනවිට ගූගල් සමාගම නොල් නවතාදැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශයට පත්කල අතර 2012 අප්‍රේල් මස 23 දින ගූගල් නොල් වසාදැමිණ. ලේඛකයන්ට තමතමන්ගේ නොල් ලිපි ලබාගැනීමට පසුගිය ඔක්තෝබර් 1 දින දක්වා අවකාශවෙන්කර තිබුණු අතර ඉන්පසු සියලු නොල් ලිපි ලේඛන අන්තර්ජාලයෙන් මකාදමනු ලැබීය. ලේඛකයන් තම ලිපි නැවත පලකිරීමට බලාපොරොත්තු වන්නේ නම් Annotum අඩවියට යොමුකිරීමට නිර්දේශ කර තිබිණ.

මෙයින් පෙනෙන්නේ දඩයම්කරු දඩයමක් වූ බව නොවේ ද

Wednesday, July 18, 2012

Google Drive ගැන යමක්



ගූගල් සමගම විසින් අලුතෙන්ම හඳුන්වා දෙන තොරතුරු ගබඩා කිරීමේ සේවාව Google Drive වේ. මෙහි ෆයිල් ගබඩා කර තබන්නේ ක්ලවුඩ් (cloud) ක්‍රමයටයි. එම තොරතුරු වෙනත් සේවාවක් හා සම්බන්ඳ වන්නේ සින්ක් (sync) ක්‍රමයටය. මෙහිදී 5GB ධාරිතාවයක් නොමිලේ සැපයෙන අතර ඊට වඩා වැඩි ඉඩක් අවශ්‍ය වේ නම් මුදල් ගෙවා ලබා ගත යුතුය. Google Drive සේවයෙන් ප්‍රයෝජන ගැනීමට පෙර මෙයට අදාල මෘදුකාංගය පරිගනකය තුල ස්ථාපිත කරගත යුතුය.  


මෙයට අදාල වැඩසටහන Download කරගැනීම සඳහා drive.google.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. එම වෙබ් අඩවිය වෙත පිවිස එහි ඇති sign in නම් බට්න් එක ක්ලික් කල යුතුය. මෙහිදී  sign  in වීම සඳහා Google Account එකක් තිබීම අනිවාර්ය වේ. එහිදී sing in වීමෙන් අනතුරුව විවෘත වන පිටුවේ Download Google Drive for PC නමින් ඇති button එක මත ක්ලික් කිරීමේන් පසු Google Drive වැඩසටහන පරිගනකයට Download වීම ආරම්භ වේ. එය සම්පූර්ණ වීමෙන් පසු Google Drive වැඩසටහන පරිගනකය තුල ස්ථාපිත කරගත හැකිය. එය ඉන්ස්ට්‍රෝල් කල පසු විවෘත වන්නේ Sign  in to Google Drive නම් බොක්ස් එකයි. මෙයට ඔබ ඉහත ලබා දුන් G-mail ලිපිනය(Google Drive ඩවුන්ලෝඩ් කරන අවස්ථාවේදී) හා Password එක නිවැරදිව ලබා දුන් පසු Google Drive වෙත ඇතුලු විය හැකිය. එහිදී පළමුවෙන්ම විවෘත වන්නේ Getting Started නම් බොක්ස් එකයි. මෙහි ඉදිරි පියවරට යොමුවීම සඳහා ක්ලික් කරීමෙන් අනතුරුව ඊළග පිටුවේ ඇති Start sync නම් බට්න් එක ක්ලික් කිරීමෙන් පසු මෙහෙයුම් පද්ධතියේ ඇති Document ෆෝල්ඩරය තුල Google Drive නමින් ෆෝල්ඩර එකක් සැකසෙනු ඇත. මෙහි Short cut එකක් Desktop එක වෙතද ලැබෙනු ඇත. මෙම ෆෝල්ඩර් එක Sync ෆෝල්ඩර් එකකි. මේ නිසා මේ තුලට ඇතුලත් කරන ෆයිල් ඉන්ටර්නෙට් සබඳතාව ඇතිවිට මෙන්ම නැති විටත් භාවිතා කිරීමට පුළුවන. මෙම Sync ‍‍ෆෝල්ඩර් එක වෙත ෆයිල් එකක් කොපි කළහොත් එය මුලින් ලබා දුන් ගූගල් ලිපිනය හා සබැදි Google Drive එක වෙත Upload වේ. මෙහිදී මෙම ෆයිල් එක සංස්කරණය කරන වාරයක් පාසා, එම තෙරතුරු Google Drive වෙත Upload වේ. මෙම සංස්කරණයන් සිදු කරන්නේ ඕෆ්ලයින් ක්‍රමයට වුවද පරිගනකය අන්තර්ජාලය හා සම්බන්ධ වූ විගසම එම සංස්කරණයන් Google Drive වෙත අප්ලෝඩ් වේ. මෙම සියළු අප්ලෝඩ් වීම් සියල්ල දැකබලාගත හැකි අයිකනයක්ද මේ සමග සපයා තිබේ. ඔබ වෙනත් පරිගනකයක Google Drive ස්ථාපන කර ඔබ ඔබේ Google Drive account එක වෙත ලබා දී ඇති G-mail ලිපිනය භාවිතා කර ලෙග් වූ විට ඔබ Google Drive වෙත මේ තාක් කලක් අප්ලෝඩ් කල සියළුම දත්ත දැන් මෙම පරිගනකය තුලද දැකගත හැක. එමෙන්ම ඒවා Edit කර නැවත Google Drive එක වෙත අප්ලෝඩ් කල හැක. ඔබට ආගන්තුක පරිගනකයක් තුල Google Drive ස්ථාපිත කරගත නොහැකිනම් ඔබට Google Drive වෙත පිවිසිය යුත්තේ අන්තර්ජාලය හරහාය. ඒ සදහා drive.google.com යන වෙබ් ලිපිනයට පිවිස ගූගල් එකවුන්ට් එක වෙත sign  in වීමෙන් තමන්ගේ Google Drive එකවුන්ට් එක තුලට ඇතුලු විය හැක.එවිට ඔබ අප්ලෝඩ් කල ෆයිල් එය තුල දැකගත හැක. එම ෆයිල් ෆෝමැට් එක ගූගල් සහය දක්වයි නම් එය ක්ලික් කර විවෘත කර බැලිය හැකිය. ගූගල් සමාගමේ මෙම නවතම හදුන්වාදීම ඔබත් අත්හදා බලන්න. 5GB අකාරයේ Pen Drive එකක් ලෙස මෙය ඔබට දැනෙනු ඇත.