ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Thursday, March 20, 2014

ලෝක පැවැත්ම ගැන අනාවැකි කිවහැකි පරිගණකයක්

අද අප ලෝකයේ වෙන-කෙරෙන-දේවල් ගැන තොරතුරු කන්දරාවක් අන්තර්ජාලයේ තිබේ. විකිපීඩියා විශ්ව කෝෂය , ගූගල් මැප්ස් සේවය , ෆේස්බුක් වැනි සෝෂල් නෙට්වර්කින් සේවා යනාදී මේ තැන්වල තිබෙන්නේ කුමන තොරතුරු ද ?
මේ තොරතුරු මගින් නිරූපණය වන්නේ අද අප ජීවත් වන ලෝකයේ ස්වභාවයයි. මේ මගින් තොරතුරු පිළිවෙළකට තෝරා බේරා පිරිපහදු කොට ගත හොත් සමාජය වෙනස් වන රටාව තේරුම් ගත හැකි වන බව ෆෙඩරල්(Federal) තාක්ෂණ ආයතනයේ ආචාර්ය හෙල්බින්ග්(Helbing) පවසයි. මොහු ෆියුචර් අයිසීටී(Future ICT) නම් වැඩසටහනේ ප්‍රධානියා වේ.

මොහුගේ මෙම වැඩසටහනට දී තිබෙන්නේ "සජීවී පොළෝ අනුකාරකය"(LES- Living Earth Simulator) නම් වේ."ලේස් " කියා එය කෙටියෙන් හඳුන්වයි. ලේස් වැඩසටහනේ පර්යේෂකයින් විසින් ගූගල් සර්ච් එන්ජිම , විකිපීඩියාව වැනි තොරතුරු දෙන මූලාශ්‍ර 70ක් දැන් හඳුනා ගෙන තිබේ. මෙම වැඩසටහනට තොරතුරු සැපයීම ඉතා බැරෑරුම් කාර්යයකි. දැනට ගූගල් සර්ච් එන්ජිම සතු තොරතුරු ප්‍රමාණය කිව හොත් 2010 වසර වන විට ගූගල් සර්ච් එන්ජිමේ තොරතුරු තිබුණේ සර්වර් පරිගණක 39000කය. මාසයක කාලයක දී ගූගල් සර්ච් එන්ජිමෙන් සපයනු ලබන තොරතුරු වල ප්‍රමාණය සීඩී(CD) දෙකෝටියක රඳවන්නට පුළුවන.

කෙසේ වෙතත් මේ සියල්ල සපුරා ලේස් වැඩසටහන තැනූ විට ආචාර්ය හෙල් බින්ග් පවසන්නේ ඉදිරියේ දී එන්නට තිබෙන සුළි සුළං , වැසි වර්ෂා , සාගත-වසංගත යනාදී සියලු දේ කලින් ම දැනගන්නට පුළුවන් වනු ඇති බවය. ඊට අමතරව කැරළි කෝලාහල , ආර්ථික අවපාත වැනි සමාජ විද්‍යාත්මක සිදුවීම් ද කලින් දැනගන්නට පුළුවන් වනු ඇති බවය. තවද ඒවා වළක්වා ගන්නට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද කියාත් "සජීවී පොළෝ අනුකාරක" පද්ධතියෙන්(LES Programme) දැනගන්නට පුළුවන් බව පවසයි.

Wednesday, March 19, 2014

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

Facebook වෙබ් අඩවිය මගින් The Translations App නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් ලොව පුරා සිටින භාෂා පරිවර්තකයන් හට Facebook වෙබ් අඩවිය විවිධ භාෂා වලට පරිවර්තනය කිරීමට අවස්ථාවක් ලබා දී ඇත. Facebook වෙබ් අඩවිය සෑම භාෂාවකින් ම භාවිතා කල හැකි පරිදි සකසා ඕනෑම රටක සිටින ඕනෑම භාෂාවක අයකුට භාවිතා කළ හැකි වෙබ් අඩවියක් බවට පත් කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

ඒ අනුව Facebook වෙබ් අඩවිය අපගේ සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමේ කාර්යයට සහයෝගය ලබා දීමට දැන් අප සැමට අවස්ථාවක් උදා වී ඇත. ඔබත් මෙම කාර්යය සඳහා සහයෝගය දැක්වීමට කැමති නම් පහත සබැඳිය වෙත පිවිස සිංහල භාෂාව තෝරා ගන්න.

https://www.facebook.com/?sk=translations



මෙහි දී ඔබට නව පරිවර්තන සිදු කිරීම හා අන් අයගේ පරිවර්තනයන් සඳහා මනාප ලබා දීම සිදු කළ හැක. පරිවර්තන කටයුතු වල දී ඇතිවෙන විවිධ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඔබට "ෆෙස්බුක් සිංහල පරිවර්තන සමූහය" වෙත එක්වීමට පුළුවන.

පහත දැක්වෙන්නේ Facebook සිංහල භාෂාවෙන් භාවිතයේ දී යම් යම් දේවල් දැකිය හැකි ආකාරයයි. මේවා ඉදිරියේ දී වෙනස් වීමට ඉඩ ඇත.






Tuesday, March 18, 2014

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

පරිගණක ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක් තිබේ. ඇමරිකාවේ මිඩ්ගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් සොයාගන්නා ලද මේ තාක්ෂණය, අනුනාදක ඝටිකා ඈදිති තාක්‍ෂණය(resonant clock mesh technology) කියා සිංහලෙන් හදුන්වන්නට පුළුවන.

මේ තාක්ෂණය යොදාගෙන AMD සමාගම ප්‍රොසෙසරයක් නිපදවීය.ඵය ට්‍රිනිටි(trinity)ලෙස නම් කොට ඇති මෙම ප්‍රොසෙසරය සහිත ඵච්පී ස්ලීක්බුක්(HP Sleekbook) කොම්පියුටරය දැන් ඇමරිකාවේ විකුණන්නට තිබේ.


මෙම ප්‍රොසෙසරයේ විශේෂත්වය ඵය වොට් 17ක් තරම් අඩු විදුලි ක‍්ෂමතාවයකින් යුක්ත වීමය.ප්‍රොසෙසරය මගින් තොරතුරු යවන වේගය වැඩි කරන්නට විශේෂ ලෝහ දැලක් ප්‍රොසෙසරය හරහා පිහිටුවයි.ඝටිකා ඈදිත්ත(clock mesh) යනු එයයි.මෙය මගින් ස්පන්ද ලෙස හදුන්වන තොරතුරු සංඥා ඉතා වේගයෙන් පැතිරේ.එවිට ස්පන්ද දෙකක් අතර කාලය අඩු කොට ඝටිකා වේගය වැඩි කල හැක.ට්‍රිනිටි ප්‍රොසෙසරයේ වේගය වැඩි කොට තිබෙන්නේ මේ ක්‍රමයටය.

ඒ අනුව මෙම ට්‍රිනිටි ප්‍රොසෙසරය ඇති පරිගණක මොනිටරයකදී තත්පරයකට ෆ්‍රේම් 30ක් ලබාදෙන්නට පුළුවන් බවත් දැන් තිබෙන වේගවත්ම පරිගණක ක්‍රීඩාවක් පවා ඉතා හොදින් ක්‍රීඩා කල හැකි බවත් මිඩ්ගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් ප්‍රකාශ කර ඇත.

Monday, March 17, 2014

Mobile phones නිසා මොළයේ ගෙඩි හැදෙන්නේ නෑ

දිගින් දිගට ඡංගම දුරකථන පාවිච්චි කළොත් මොළයේ ගෙඩි හැදෙන්නට පුළුවන් බව කලක් තිස්සේ සංවාදයට බදුන් වූ මතවාදයකි. මෙම ගෙඩි හෙවත් tumors හැදෙන්නට ජංගම දුරකථන පාවිච්චිය කිසිසේත්ම බලපාන්නේ නැති බව ඩෙන්මාර්කයේ වැන්ඩබිල්ට්(Vandebilt) විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය ඡෝන් බොයිස් ඇතුළු පිරිස පෙන්වා දී තිබේ. 



මේ තත්ත්වය කෙසේ නමුත් ජංගම දුරකථනයක් දිගු කාලයක් තිස්සේ පාවිච්චි කිරීමෙන් කිසිම සෞඛ්‍ය හානියක් වෙන්නේ නැතැයි මින් ප්‍රකාශ කළ නොහැක. පසුගිය මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ජංගම දුරකථනය "පිළිකාකාරක උපකරණයක්" ලෙසය. ඒ කෙසේ වෙතත් ඇමරිකානු වෛද්‍ය සංගමය පවසන්නේ ජංගම දුරකථන ක්‍රියාත්මක වන විට මොළයේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්වන බවත් පිළිකා සෛල වැඩෙන විට මොළයේ ග්ලූකොස් මට්ටම ඉහළ යන්නාක් මෙන් ඡංගම දුරකථන පාවිච්චි කරන විටද මොළයේ ග්ලූකොස් මට්ටම ඉහළ යන බවත්ය.



ජංගම දුරකථනයකින් කතා කරන විට ඉන් නික්මෙන රේඩියෝ තරංග වල ශක්තියෙන් වැඩි පංගුවක් මොලයට උරා ගනී .එම ප්‍රමාණය කිලෝග්‍රෑමයක් සදහා වොට් දෙකකට වඩා වැඩි නම් එයින් මොලයට හානි විය හැක.

Friday, March 14, 2014

VLC Player දැන් නව මුහුණුවරකින්

VLC Player for Windows 8
ලොව ජනප්‍රියම video player එක වන VLC Player එක නවතම මුහුණුවරකින් Windows 8 සඳහා App එකක් ලෙස නිර්මාණය කිරීමට VideoLAN Team සමත්ව තිබෙනවා. මෙම app එක Windows 8 සහ Windows 8.1 සඳහා පමණක් සහය දක්වන අතර ඉදිරියේදී ARM පදනම් වූ Windows RT සඳහාද සහය දක්වන ලෙස මෙය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව VideoLAN Team පවසා සිටියි. මෙතෙක් කල් අප භාවිතා කළ desktop version එකෙහි ක්‍රියාත්මක වූ සියලුම formats මෙම Windows 8 VLC app එකෙහිද ක්‍රියාත්මක වනු ඇත. Microsoft සමාගමේ නව Metro Design එක අනුගමනය කරමින් Windows 8 VLC app එක නිර්මාණය කර ඇති අතර video playback අතුරුමුහුණත ඉතාමත් සරල ලෙස සාදා ඇත.

Video Playback Preview of VLC Player for Windows 8

Search Preview of VLC Player for Windows 8


Click here to get VLC for Windows 8

Friday, August 2, 2013

වෙබ් පිටු වෙනුවට එරර් මෙසෙජස් Part - 1

අන්තර්ජාලය තුළින් වෙබ් අඩවි පෙන්වන්නේ නැති වේලාවල් වලදී ඊට හේතුව වශයෙන් පණිවිඩයක් පෙන්වයි...එරර් මෙසේජ් ලෙස හදුන්වන මෙම පණිවිඩ මගින් පමාවීමට හේතු විස්තර කරයි...මේවා පෙන්වනු ලබන්නේ යම්කිසි අංකයක් මගිනි...එම එරර් මෙසෙජ් අංකයෙන්ද යම්කිසි වැටහීමක් ලබා ගත හැකි අතර හතරේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මෙසෙජස් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ් බ්‍රව්සර භාවිතා කිරීම නිසාය..පහේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මෙසේජස් ලැබෙන්නේ අන්තර්ජාල සේවා සපයන සවර්වල ඇති වරදක් හෝ අනතර්ජාල සම්බන්ධතාවයේ ඇති වරදක් නිසාය...මේවා වර්ග 8ක් ඇත.එවැනි එරර් මෙසේජස් වලින් කියැවෙන දේ පහත සදහන් වන අතර ක්‍රියාකල යුතු ආකාර ද  මෙහි සදහන් වේ..ප්‍රථම වශයෙන්ම මා කතා කරන්නේ 4ක් ගැන පමණි..මුලින්ම අපි අද 400 යන එරර් මෙසේජය ගැන කතා කරමු...

400 Bad Request
මෙමගින් අදහස් කෙරෙන්නේ අන්තර්ජාලය වෙතින් පරිශිලකයා ‍ඉල්ලා ඇති වෙබ් අඩවියට අදාල වෙබ් ලිපිනයෙහි යම් වරදක් තිබෙන බව හෝ වෙබ් ලිපින තීරුවේ ටයිප්කල වෙබ් ලිපිනයට ගැලපෙන වෙබ් අඩවියක් මෙතෙක් අන්තර්ජාලයට ස්ථාපිත කර නොමැති බවය..මෙවැනි පණිවිඩ ආ විට ප්‍රථමයෙන්ම කල යුත්තේ වෙබ් ලිපින තීරුවේ සටහන් කල වෙබ් ලිපිනයෙහි නිරවද්‍යතාව තහවුරු කර ගැනීමයි..විශේෂයෙන්ම වෙබ් ලිපිනයේ සංකේත,ඉලක්කම් ආදී දේ පිළිබද සැලකිලිමත් විය යුතුය...


401 Unauthorized
මින් අදහස් කෙරෙන්නේ පරිශිලකයාට අවශ්‍ය වෙබ් පිටුවට හෝ අඩවියට ඇතුළුවීමට අවසර නොමැති බවය...මෙම වෙබ් අඩවිවලට ඇතූළුවිය හැක්කේ පරිශීලකයාගේ තොරතූරු ඇතුලත් කොට එහි ලියාපදංචි වී ඉන් පසු ලැබෙන යූසර් නේම් සහ පාස්වර්ඩ් යොදා ගැනීමෙනි...


403 Forbidden
මෙයින් අදහස් කෙරන්නේද ඉහත සදහන් කල දේමය..මෙහිදීද තම තොරතුරු සපයමින් ලියාපදිංචි වී ඉන්පසුව ලැබෙන යූසර් නේම් හා පාස්වර්ඩ් භාවිතා කිරීමෙන් ඇතුළු විය හැක..


404 Page Not Found
මින් කියවෙන්නේ පරිශීලකයාට ලබා ගැනීමට අවශ්‍ය වෙබ් අඩවිය හෝ පිටුවට සම්බන්ධ කිරීමේ යම් තාක්ෂණික අපහසූතාවයක් පිළිබදවය..මෙවැනි අවස්ථාවලදී කල යුත්තේතමන් පෙර සිටි වෙබ් පිටුව වෙත ගොස් නැවත ඔබට අවශ්‍ය අඩවිය හෝ පිටුව ඉල්ලුම් කිරීමයි...තවද රී‍ෆ්රෙෂ් කිරීමෙන්ද මෙම වරද නිවැරදි කරගත හැකිය..
පරිශීලකයා විසින් වෙබ් ලිපිනය ටයිප් කල විට මෙම එරර් මෙසෙජය ලැබෙන්නේ නම් වහාම කල යුත්තේ වෙබ් අඩවියේ ලිපිනය පරීක්ෂා කිරීමයි..වෙබ් ලිපිනයේ යම් වෙනසක් කොට තිබීම,වෙබ් පිටු මකා තිබීම,වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබීම වැනි හේතු නිසාද මෙම එරර් මෙසෙජය ලැබිය හැක..


ඉහත සදහන් කල එරර් මෙසෙජස් සහ තොරතුරු  මෙහි සදහන් වන්නේ සුළු ප්‍රමාණයකි..මෙහි ඉතිරි එරර් මෙසෙජස් වල තොරතුරු අප ඔබට රැගෙන එන්නම්...දෙවන කොටසද කියවන්න...නැවත දෙන කොටසේදී හමුවෙමු!!...

Monday, May 6, 2013

වින්ඩොස් 8 සාර්ථකද? අසාර්ථකද?



මයික්‍රොසොෆ්ට්‌ ආයතනයේ නවතම මෘදුකාංගය වන වින්ඩෝස්‌
 8 පසුගියදා මෙරටට හඳුන්වාදෙනු ලැබීය.ඒ අනුව ශ්‍රී ලංකාවේ වින්ඩෝස්‌ 8 හඳුන්වාදීම පසුගියදා කොළඹ රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.මෙහිදී මයික්‍රාසොෆ්ට්‌ ආයතනයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඇන්තනී සැල්සීටෝ මහතා ස්‌කයිප් තාක්‍ෂණය හරහා රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී මෙම හඳුන්වාදීම සිදු කෙරිණි.ශ්‍රී ලංකාවට සමගාමීව ලෝකය පුරා රටවල් 43 කදී මෙම හඳුන්වාදීම සිදු කරන ලදී.වින්ඩෝස්‌ 8 නවතම මෘදුකාංගය මගින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ලැබෙන වාසි සහ එමගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාගත හැකි ප්‍රයෝජනය පිළිබඳව ඇන්තනී මහතා විසින් මෙහිදී පහදා දෙනු ලැබීය. නමුත් විචාරකයන්ගේ මතය වන්නේ මෙය නිෂ්පාදන මට්ටමේ සිට අලෙවි මට්ටම දක්වා අසාර්ථක වූ තවත් එක් මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. මෙහි ආරක්ෂණ පද්ධතියේ ඇති විශාලතම අඩුපාඩුවක් පසුගිය දිනෙක මුරපදයන් අමතක වීම නිසා සිය ගිණුම් වලට පිවිසීමට නොහැකි පරිශීලකයන් සදහා සිය සේවය සපයා දෙන ආයතනයක් වන Passcape
Software සමාගම විසින් හදුනාගෙන තිබෙනවා.වින්ඩෝස් 8
විසින් පරිශීලක මුරපදයන්ගේ පිටපතක් %SYSTEM_DIR%/config/systemprofile/AppData/Local/Microsoft/Vault/4BF4C442-9B8A-41A0-B380-DD4A704DDB28

යන පාත් එකෙහි සේව් කර ගනී. මෙම මුරපදය ඒ.ඊ.එස් ක්‍රමවේදයට අදාලව Encrypt වන නමුත් ඒ සදහා වෙනත් පින් එකක් උපයෝගී කර නොගන්නා නිසා Decrypt මෘදුකාංගයක් මගින් මේ මුරපදය ඉතාම පහසුවෙන් සොයාගත හැකියි.කෙසේ වෙතත් මේ ආකාරයෙන් මුරපදය වෙත පිවිසිය හැක්කේ Administratorආකාරයේ පරිශීලකයන් වෙත පමණි.මෙය අන්තර්ජාලය හරහා පිවිසීම මදක් අසීරු දෝශයක් නිසා එතරම් බලපෑමක් නොවනු ඇති. මෙය හඳුනාගත් එක් දෝෂයක් පමණි. වින්ඩොස් 7 හා සංසන්දනය කරන විට Start මෙනුවට පහසුවෙන් පිවිසීමට හැකියාවක් නොමැති වීම මෙහි තවත් එක් අපහසුතාවයකි. කෙසේ වෙතත් මෙය නිපදවා ඇත්තේ Touch Screen පරිගණක සදහා බැවින් එය එතරම් සැලකිය යුතු කරුණක් නොවේ. මෙම මෙහෙයුම් පද්ධතියේ වේගය පිළිබඳව සඳහන් කරන විට පරිගණකය සම්පූර්ණයෙන් ම ON වීමට ගත වන්නේ තත්: 5-10 අතර කාලයකි. එය වින්ඩෝස් Vista හා වින්ඩොස් 7 හා සංසන්දනය කරන විට විශාල දියුණුවක් සේ සැලකිය හැකිය. වින්ඩොස් 7 යි තිබූ Transparency ලක්ෂණය මෙහි අඩංගු නොවේ. ඒ වෙනුවට Mat look තාක්ෂණය ලබා දී ඇත්තේ වේගය නියමිත පරිදි පවත්වා ගැනීමටයි. වර්ණ සංකලනය අතින් වින්ඩොස් 8 අනෙක් සියළුම මෙහෙයුම් පද්ධති වලට වඩා ඉදිරියෙන් සිටී. කෙසේ වෙතත් ආයතනික මට්ටමින් සැලකීමේදී වින්ඩොස් 8 වෙත දක්වන ප්‍රතිචාර එතරම්ම යහපත් නෙවේ. තොරතුරුතාක්ෂණ ක්ෂේස්ත්‍රයේ  සේවකයන් 1200 ඇසුරින් කල සමීක්ෂණයකින් හෙලි වූයේ ඔවුන්ගෙන් 23.8% පවසන්නේ තම ආයතනයේ ඇති කිසිදු පරිගණක පද්ධතියක් වින්ඩොස් 8 වෙත Upgrade කිරීමට කිසිදු බලාපොරොත්තුවන් නොමැති බවයි. 49.9%ක ගේ අදහස වන්නේ තවමත් තම ආයතනය වින්ඩොස් 8 වෙත Upgrade කිරීමට සැලසුම් කර නොමැති බවයි. 10.7%ක් පවසන්නේ ඉදිරි මාස 12 තුල Upgrade කිරීමකට සැලසුම් කර ඇති බවයි. ඉතිරි පිරිසේ අදහස වන්නෙ මෙහි ඇති Touch  Screen Interface එක කෙරෙහි තම ආයතන කිසිදු පැහැදීමක් නොමැති බවයි. ඉතින් යාළුවනේ ඔයාලගෙ අදහස මොකක්ද? වින්ඩොස් 8 සාර්ථකද? අසාර්ථකද? 

Tuesday, November 13, 2012

Messenger විශ්‍රාම යැවීම



මෙතෙක් කලක් මයික්‍රොසොෆ්ට් සමාගමේ නිල IM(Instant Messaging) සේවාව(එනම් ක්‍ෂණික පණිවිඩ සේවාව) ලෙස දියුණුකරමින් පවත්වාගෙන ආ Messenger සේවාව සේවයෙන් ඉවත්කිරීමට කටයුතු කරමින් සිටින බව පසුගිය සතියේ(නොවැම්බර් 7, 2012 දින) එම සමාගම ප්‍රකාශයට පත්කලා. පසුගිය වසරේ Skype සමාගම මිලදීගැනීම නිසා වෙනම මැසෙන්ජර් සේවාවක් පවත්වාගෙනයාම අනවශ්‍ය බවට සමාගම තීරණය කර තිබෙනවා.

Microsoft සමාගමේ සලකුණක් බඳුවූ Messenger IM සේවය එලිදැක්වූයේ 1999 වසරේදීය. තම සමාගම විසින් එළදක්වන ලද විවිධ මෙහෙයුම් පද්ධති තුලට ද මෙම සේවාව අන්තර්ගත කිරීමට ඔවුන් කටයුතුකළා. "MSN Messenger Service" නමින් ආරම්භවී ඉතිහාසය පුරා ".NET Messenger", "Windows Messenger", "Windows Live Messenger" ආදී නම්වලින් හැඳින්වුණා. කෙසේහෝවේවා පසුගිය වකවානුව වනවිට මැසෙන්ජර් සේවාව වටා මිලියන 350ක් පමණවූ ප්‍රජාවක් රොද බැඳී සිටින්නට ඇත.

Skype සේවයට ඇත්තේ මීට සාපේක්‍ෂව කෙටි ඉතිහාසයකි. 2003 දී ආරම්භවූ ස්කයිප් අනතුරුව 2005 වසරේදී eBay සමාගම විසින් මිලයට ගැනුනේ US$ බිලියන 2.6ක මුදලකටය. ආරම්භයේ පටන් ස්කයිප් සේවාව ඉමහත් ප්‍රචලිත්වයක් අත්කරගැනීමට සමත්විය. ඒ IM සේවයට අමතරව Voice call සහ Video call සේවාවන් ප්‍රධානකරගත් සේවයක් වූ බැවිනි. එහි සාර්ථකත්වය නිරීක්‍ෂණය කළ මයික්‍රෝසොෆ්ට් සමාගම 2011 වසරේ මැයි 10 වන දින Skype සමාගම මිලදී ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 8.5කටය. එදා පටන් ස්කයිප් වල භාරකත්වය microsoft සමාගමේ ස්කයිප් අංශය දරනවා. ස්කයිප් ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස facebook chat සමගම එක්වීම සලකන්නට පුළුවන්. 2012 වර්ෂයේ මාර්තු වනවිට මිලියන 1090ක පමණ ප්‍රජාවක් ස්කයිප් වටා එක්රොක්වී සිටියහ.

මේ මස මුල්භාගයේ නිකුත්කරණ ලද Skype 6.0.73 සංස්කරණය මගින් MS Messenger සේවයට ආයුබොවන් කීමේ මුල් පියවර තැබීමට කටයුතු සිදුවුණේය. එමගින් මැසෙන්ජර් සේවාව භාවිත කරන පරිශීලකයන්ට ස්කයිප් client තුලින්ම තම මයික්‍රොසොෆ්ට් ගිණුමට ඇතුල්වීමේ පහසුකම ලැබුණි. මැසෙන්ජර් සේවයේ සිට ස්කයිප් වෙත මාරුවීමෙන් මෙතෙක් තමන් භාවිත කළ මෙසෙන්ජර් ලිපිනයම භාවිත කිරීමට අවස්ථාව ලැබෙන බවත් ස්කයිප් වෙත මාරුවන තෙක් 2013 වර්ෂයේ මුල් කාර්තුව දක්වා මෙසෙන්ජර් සේවාව ක්‍රියාත්මක වනු ඇති බවත් ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේ නමුත් මෙම එක්කිරීම චීනයට බලපාන්නේ නැත. චීනය තුල පවත්වාගෙන යනු ලබන දැඩි ප්‍රතිපත්ති වලට අවනතවන පරිදි ස්කයිප් හා මෙසෙන්ජර් සේවා ක්‍රියාත්මක කිරීමට එරට වෙන්වෙන් සමාගම් දෙකක් 2004 හා 2005 වර්ෂවල පටන් අයිතිකාර සමාගම් සමග සහයෝගීතාවක් පවත්වා ගැනීම මීට හේතුවයි. මේවන විට ඒ සේවා දෙකේම අයිතිය මයික්‍රොසොෆ්ට් සමාගමට පැවතියත් චීනය තුල එම සමාගම් දෙක යටතේ වෙනවෙනම ක්‍රියාත්මක වන නිසා යම්හෙයකින් සේවාවන් එක් කළහොත් එම සමාගම් අතර අර්බුදයක් ඇතිවිය හැකි නිසා ඉදිරියටත් චීනය තුල Skype හා Messenger සේවා වෙන්වෙන්ව පවත්වාගෙන යනු ඇත.



Wednesday, November 7, 2012

Data Compression - Run Length Encoding


RLE (Run Length Encoding) Algorithm
මතකනේ මීට කලින් අපි දත්ත සම්පීඩනය හා අසම්පීඩනය පිළිබදව සරලව කතාකලා. ඒ වගේම Data compression මූලික වර්ගීකරණය හා ක්‍රමවේදයන් පිළිබඳවත් සුළු සඳහන් කිරීමක් කලා. ඒ ලිපි කීපයට ලැබුණු ප්‍රතිචාර නිසාම අපි තීරණය කලා මේ ක්‍ෂේත්‍රය ගැන විස්තර පළකිරීම කීපදෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වේවි කියලා.

මෙම ලිපියෙහි අරමුණවන්නේ Data compression සඳහා යොදාගන්නා සරලතම ඇල්ගොරිතමයක් වන RLE(Run length encoding) පිළිබඳ උදාහරණ ඇසුරෙන් සාකච්ඡාකිරීමයි.

නමින් හැඟවෙන පරිදිම "ගොනුවක(file එකක) දත්තයන්, රටාවන් ලෙස කෙතරම් දුරකට දිවයන්නේද යන්න නිරූපණය කිරීමෙන් ගොනුවේ එකිනෙක ආසන්නයේ නැවත නැවත යෙදෙන රටාවන් සම්පීඩනය කිරීම" මෙම ඇල්ගොරිතමෙහි අරමුණයි.


1. උදාහරණය aaaaaaaaAAAA යන දත්ත ගොනුවේ යෙදී ඇති රටාව නිරීක්ෂණය කරන්න. එහි එකිනෙක ළඟින් පිහිටි “a” අක්ෂර 8කුත් “A” අක්ෂර 4කුත් දැකිය හැක. ඒ අනුව එය අක්ෂර 12ක විශාලත්වයෙන් යුතු ගොනුවකි. Runlength සම්පීඩනයට අනුව මෙම රටාව සංක්ෂිප්ත කොට a8A4 යනුවෙන් අක්ෂර 4කින් නිරූපණය කළහැක. මෙම සම්පීඩිත ගොනුව අසම්පීඩනය කිරීමෙන් නැවත මුල් ගොනුව ප්‍රතිනිර්මාණය කරගතහැක.

තවත් උදාහරණයක් සලකා බලමු.


2. aaabaaaaAAAA
මෙම දත්ත ගොනුවේදී එකම අක්ෂරය ළඟ ළඟ යෙදෙන රටාවට “b” අකුරකින් බාධා වී ඇති බව නිරීක්ෂණය කරන්න.

සරල runlength නිරූපණය = a3b1a4A4
තනි "b" අක්‍ෂරය නිරූපණය කිරීමට අක්ෂර දෙකකුත් "a" අක්‍ෂර පන්ති දෙකක් ඇති බැවින් ඒ වෙනුවෙන් අක්ෂර 4කුත් යොදාගැනීමට සිදුවී ඇත. පෙර උදාහරණය හා සසඳන විට දැකිය හැක්කේ එක් අක්‍ෂරයක වෙනසක් පමණක් වුවත් එමගින් දත්ත රටාවේ ගලායාමට ඇතිවූ බාධාවේ ප්‍රතිඵලයක් ලෙස පෙර උදාහරණයට සාපේක්‍ෂව සම්පීඩිත ගොනුව තරමක් විශාලවී ඇත.


3. උදා: aAaAaAaAaA
මෙම ගොනුව තුළද එකළඟින් යෙදෙන රටාවක් දැකිය හැක. නමුත් කලින්මෙන් එක් අක්ෂරය බැගින් සලකා runlength නිරූපණය කළහොත් ලැබෙනුයේ අක්ෂර 20කින් සමන්විත ගොනුවකි;
a1A1a1A1a1A1a1A1a1A1
එය මුල්ගොනුව මෙන් දෙගුණයක් විශාලය. එබැවින් මෙම නිරූපණය දත්ත සම්පීඩනයට උචිත නොවේ.

නමුත් මෙම ගොනුව සඳහා අක්ෂර 2 බැගින් සලකා runlength නිරූපණය කිරීමෙන්;
aA5
අක්ෂර 3ක ගොනුවක් නිර්මාණය කරගැනීමට හැකි බව පෙනේ.


දෝෂ නිරාකරණය

සරල බව හේතුවෙන්ම encoding(කේතාංකණ) ක්‍රියාවලිය හා decoding(විකේතන) ක්‍රියාවලිය මුහුණපෑ හැකි විශේෂ අවස්ථා කීපයක් සලකාබලමු.

4. උදා: මුල් ගොනුව තුල අනුයාතව "7" ඉලක්කම් 10කුත් "1" ඉලක්කම් 11කුත් සහිත උදාහරණයක් සලකමු.

File= 7777777777111111111111
කේතාංකණය මගින්

encoded file= 710111

ලෙස කුඩා ගොනුවක් නිර්මාණයකරගත හැකිවුවත් එම නිරූපණය වැරදි ලෙස විකේතනය වියහැක.
decoded file= 701


5. උදා: අක්‍ෂර දෙක බැගින් සලකා කරන ලද කේතාංකණයක් තනි අක්ෂරය බැගින් විකේතනය කිරීමේදී

file= 55555566

අක්ෂර දෙක බැගින් සැලකූවිට
encoded file= 553661

අක්ෂර 1 බැගින් යයි සලකා අසම්පීඩනය කළහොත්
decoded file= 555553333336

මෙවැනි පැටලැවීම් මඟහරවා ගැනීමට encoded ගොනුව නියමිත ආකෘතියකට ගොඩනැගිය යුතුය.
දත්ත රටාව  සඳහා අක්‍ෂර ස්ථාන කීයක් වෙන්කල යුතුද, යෙදී ඇති වාර ගණන දැක්වීමට ස්ථාන කීයක් වෙන්කල යුතුද යන්න එමගින් තීරණය කල යුතුය. 4 උදාහරණයේදී නම් රටාව සඳහා එක් අකුරක්ද වාර ගණන(සංඛ්‍යාතය) සඳහා ස්ථාන දෙකක්ද වෙන්වන බව ඩිකෝඩරය දැනසිටියේ නම් ගැටලුවක් නොවේ. එසේත් නැතිනම් එන්කෝඩරය මගින් රටාවට එක් ස්ථානයක්ද සංඛ්‍යාතයටද එක් ස්ථානයක්ද බැගින් වෙන්කලේනම්;
encoded file=79711912
එවිටද ගැටලුවක් නොවනු ඇත.

නිගමනය

  • දත්ත සම්පීඩනය සඳහා යොදාගත හැකි සරලතම ක්‍රමවේදයක් ලෙස Run Length encoding ඇල්ගොරිතම දැක්විය හැක.
  • දත්ත ගොනුව තුළ දැකිය හැකි රටාවන් වඩාත් හොඳින් සම්පීඩන වන පරිදි runlength යෙදිය හැකි ආකාර සලකා බැලිය හැක. එක් අක්ෂතරය බැගින් (bit 8 බැගින්), bit 16 බැගින්, bit 4 බැගින්
  • එන්කෝඩරය මගින් ගොඩනගනුලබන ගොනුව ඩිකෝඩරයට පැහැදිලිව තේරුම්ගත හැකි පරිදි ආකෘතිගත කල යුතුය.
බිටු 4 බැගින් සලකා RL Encoded උදාහරණයක්
(ද්විමය පාදයෙන් දක්වා ඇත)

  • දත්ත ගොනුව තුළ ළඟළඟ යෙදෙන රටාවන් සැලකිය යුතු ප්‍රමාණයක් නොවන විට run length encoding භාවිතයෙන් සම්පීඩනයක් ඇතිකරගත නොහැක.

  එමනිසා බොහෝ අවස්ථාවන්හිදී run length උචිත නොවේ. ප්‍රායෝගික භාවිතයේදී මූලික සම්පීඩන ක්‍රමවේදයකට වඩා වෙනත් ඇල්ගොරිතම ශක්තිමත් කරන උපාංගයක් ලෙස runlength ඇල්ගොරිතම භාවිතයට ගැනේ.

අමතර සටහන

පැහැදිලි කිරීමේ සහ අවබෝධ කරගැනීමේ පහසුව සඳහා "අක්‍ෂර", "අංක" ලෙස සඳහන් කර ඇත. ප්‍රායෝගිකව ඒවා සංඛ්‍යාත්කම(numeric/ හෝ ASCII) බව සලකන්න. 

ගැටලු/අදහස් තියෙනවනම් Comment කරන්ඩ අමතකකරන්ඩ එපා.

Thursday, November 1, 2012

ඉතින් ආයුබොවන් Google Knol ගරු


2007 දෙසැම්බර් 13 දින ගූගල් සමාගම විශ්වකෝෂීය සංස්කරණයක් ප්‍රකාශයට පත්කලේය. ඒ Google Knol නමිනි. අන්තර්ජාලයේ අන්තර්ගතය පුළුල්කිරීමේ අරමුණින් තමන් මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පියවර ගත් බවට ගූගල් සමාගම ප්‍රකාශයට පත්කල ද එය සාධාරණිය කිරීමට ඔවුන්ට දැඩි වෙහෙසක් දරන්නට සිදුවූයේ ඒ වනවිට විකිපීඩියාව වැනි ඕනෑම කෙනෙකුට විවෘත විශ්වකෝෂයක් වර්ධනයවෙමින් පැවති බැවිනි. Google සමාගම තමන්ගේම කියා විවෘත විශ්වකෝෂයකට අරඇදීමට සූදානම්වන බවත් එමගින් දැනුවත්ව හෝ නොදැනුවත්ව Wikipedia මරුවෙකු නිර්මාණයවන බවත් විචාරකයන් පෙන්වාදුන්හ. නමුත් ගූගල් සමාගම තම ස්ථාවරය ප්‍රකාශකරමින් කියාසිටියේ තම සමාගම Wikipediaව සමග ඉතා සුහදව කටයුතු කරන බවත් එහි දියුණුව පිළිබඳ සතුටුවන අතර ගූගල් නොල් මගින් ඊට කිසිඳු බාධාවක් හෝ තර්ජනයක් ඇති නොවන බවත්ය.


එය කෙසේවුවත් Wikipedia නාමයේ භාරකාරකත්වය දරණ Wikimedia Foundation ප්‍රකාශයක් නිකුත්කරමින් කියාසිටියේ අන්තර්ජාලයේ විවෘත අන්තර්ගතය වැඩිවන තරමට ලෝකයට හොඳ බව තමන් විශ්වාස කරන බවයි.


knol යන යෙදුම යොදනුයේ දැනුමෙහි තැනුම් ඒකකය යන අරුතිනි

-Google

Google Knol හා Wikipedia අතර දැකිය හැකි පැහැදිලි වෙනස්කම් කීපයක් විය.

  1.  ලිපි පිළිබඳ මධ්‍යස්ථභාවයක් හෝ මූලාශ්‍ර සහිතව සාධාරණියකරණයකිරීමක් අවශ්‍ය නොවීම
  2.  ව්‍යාපාර, නිෂ්පාදන, සේවා ආදියට අනුග්‍රහය දක්වන ලිපි අනුමත කර තිබීම.
  3.  Google Knolතුලදී ලිපියක් ආරම්භකරන මුල්තැනැත්තාට අවශ්‍යනම් එම ලිපියේ සම්පූර්ණ අයිතිය හෝ අයිතියෙන් කොටසක් තමන්සතුව තබාගැනීමේ හැකියාව.
  4.  තමන් ආරම්භකළ ලිපිය වෙනත් අයට වෙනස්කිරීමට නොහැකි පරිදි නිර්මාණය කළ හැකිවීම.
  5.  තම ලිපි තුල වෙළඳදැන්වීම්(Google Adsense) ඇතුලත් කිරීමෙන් ආදායම් උපයාගැනීමට අවසරය.
  6.  එකම මාතෘකාව පිළිබඳ වුවද විවිධ ලේඛකයන් අතින් නිර්මාණයවුණු ලිපි.


මේ නිසා විකිපීඩියාවට කෙසේවෙතත් about.com, squidoo, hubpages වැනි වානිජමය අඩවිවලට සැලකියයුතු බලපෑමක් එල්ලවන බව සමහරෙක්ගේ මතයවිය.

Knol ප්‍රථමවරට මහජනයාට විවෘතවූයේ බීටා(beta) සංස්කරණයක් ලෙසින් 2008 ජූලි 23 දිනදීය. මාස හයක් පමණ ගතවත විට (එනම් 2009 ජනවාරි මස වනවිට) ලිපි 100,000 සීමාවට ලඟාවීමට ගූගල් නොල් සමත්විය. නමුත් අනුගමනය කරන ලද තරමක් ලිහිල් ප්‍රතිපත්ති යටතේ විවිධ අපහසුතාවන්ට මුහුණදීමට Google Knolට සිදුවිය. ප්‍රචාරණ කටයුතු, ස්පෑම් සඳහා නොල් යොදාගැනීම මෙන්ම පක්‍ෂපාතීත්වය, පුද්ගල මතවාද, විශ්වාසවන්තභාවය පිළිබඳ ගැටලු හේතුවෙන් එය මඩගොහොරුවක් බවට පත්ව ඇති බව සමහරෙක් කියා සිටියහ.

මහජනයා විසින් එක්කරනලද ලිපිවලට අමතරව විවිධ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥයන් අතින් නිමවූ සවිස්තරාත්මක ලිපි එක්කිරීමටද ගූගල් සමාගම පියවරගෙන තිබුණු අතර Knol ලිපි කෙරෙහි පක්‍ෂපාතීත්වය දැක්වීම නිසා Google සමාගමට නොයෙක් අප්‍රසාද පළවිනි.


කාලය ගතවෙත්ම අපේක්‍ෂා කල පරිදි දෙපයින් නැගී සිටීමට නොල් අපොහොසත්වී ඇති බව පෙනීයන්නට විය. ඒ අනුව 2011 නොවැම්බර් මස වනවිට ගූගල් සමාගම නොල් නවතාදැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශයට පත්කල අතර 2012 අප්‍රේල් මස 23 දින ගූගල් නොල් වසාදැමිණ. ලේඛකයන්ට තමතමන්ගේ නොල් ලිපි ලබාගැනීමට පසුගිය ඔක්තෝබර් 1 දින දක්වා අවකාශවෙන්කර තිබුණු අතර ඉන්පසු සියලු නොල් ලිපි ලේඛන අන්තර්ජාලයෙන් මකාදමනු ලැබීය. ලේඛකයන් තම ලිපි නැවත පලකිරීමට බලාපොරොත්තු වන්නේ නම් Annotum අඩවියට යොමුකිරීමට නිර්දේශ කර තිබිණ.

මෙයින් පෙනෙන්නේ දඩයම්කරු දඩයමක් වූ බව නොවේ ද

Wednesday, July 18, 2012

Google Drive ගැන යමක්



ගූගල් සමගම විසින් අලුතෙන්ම හඳුන්වා දෙන තොරතුරු ගබඩා කිරීමේ සේවාව Google Drive වේ. මෙහි ෆයිල් ගබඩා කර තබන්නේ ක්ලවුඩ් (cloud) ක්‍රමයටයි. එම තොරතුරු වෙනත් සේවාවක් හා සම්බන්ඳ වන්නේ සින්ක් (sync) ක්‍රමයටය. මෙහිදී 5GB ධාරිතාවයක් නොමිලේ සැපයෙන අතර ඊට වඩා වැඩි ඉඩක් අවශ්‍ය වේ නම් මුදල් ගෙවා ලබා ගත යුතුය. Google Drive සේවයෙන් ප්‍රයෝජන ගැනීමට පෙර මෙයට අදාල මෘදුකාංගය පරිගනකය තුල ස්ථාපිත කරගත යුතුය.  


මෙයට අදාල වැඩසටහන Download කරගැනීම සඳහා drive.google.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. එම වෙබ් අඩවිය වෙත පිවිස එහි ඇති sign in නම් බට්න් එක ක්ලික් කල යුතුය. මෙහිදී  sign  in වීම සඳහා Google Account එකක් තිබීම අනිවාර්ය වේ. එහිදී sing in වීමෙන් අනතුරුව විවෘත වන පිටුවේ Download Google Drive for PC නමින් ඇති button එක මත ක්ලික් කිරීමේන් පසු Google Drive වැඩසටහන පරිගනකයට Download වීම ආරම්භ වේ. එය සම්පූර්ණ වීමෙන් පසු Google Drive වැඩසටහන පරිගනකය තුල ස්ථාපිත කරගත හැකිය. එය ඉන්ස්ට්‍රෝල් කල පසු විවෘත වන්නේ Sign  in to Google Drive නම් බොක්ස් එකයි. මෙයට ඔබ ඉහත ලබා දුන් G-mail ලිපිනය(Google Drive ඩවුන්ලෝඩ් කරන අවස්ථාවේදී) හා Password එක නිවැරදිව ලබා දුන් පසු Google Drive වෙත ඇතුලු විය හැකිය. එහිදී පළමුවෙන්ම විවෘත වන්නේ Getting Started නම් බොක්ස් එකයි. මෙහි ඉදිරි පියවරට යොමුවීම සඳහා ක්ලික් කරීමෙන් අනතුරුව ඊළග පිටුවේ ඇති Start sync නම් බට්න් එක ක්ලික් කිරීමෙන් පසු මෙහෙයුම් පද්ධතියේ ඇති Document ෆෝල්ඩරය තුල Google Drive නමින් ෆෝල්ඩර එකක් සැකසෙනු ඇත. මෙහි Short cut එකක් Desktop එක වෙතද ලැබෙනු ඇත. මෙම ෆෝල්ඩර් එක Sync ෆෝල්ඩර් එකකි. මේ නිසා මේ තුලට ඇතුලත් කරන ෆයිල් ඉන්ටර්නෙට් සබඳතාව ඇතිවිට මෙන්ම නැති විටත් භාවිතා කිරීමට පුළුවන. මෙම Sync ‍‍ෆෝල්ඩර් එක වෙත ෆයිල් එකක් කොපි කළහොත් එය මුලින් ලබා දුන් ගූගල් ලිපිනය හා සබැදි Google Drive එක වෙත Upload වේ. මෙහිදී මෙම ෆයිල් එක සංස්කරණය කරන වාරයක් පාසා, එම තෙරතුරු Google Drive වෙත Upload වේ. මෙම සංස්කරණයන් සිදු කරන්නේ ඕෆ්ලයින් ක්‍රමයට වුවද පරිගනකය අන්තර්ජාලය හා සම්බන්ධ වූ විගසම එම සංස්කරණයන් Google Drive වෙත අප්ලෝඩ් වේ. මෙම සියළු අප්ලෝඩ් වීම් සියල්ල දැකබලාගත හැකි අයිකනයක්ද මේ සමග සපයා තිබේ. ඔබ වෙනත් පරිගනකයක Google Drive ස්ථාපන කර ඔබ ඔබේ Google Drive account එක වෙත ලබා දී ඇති G-mail ලිපිනය භාවිතා කර ලෙග් වූ විට ඔබ Google Drive වෙත මේ තාක් කලක් අප්ලෝඩ් කල සියළුම දත්ත දැන් මෙම පරිගනකය තුලද දැකගත හැක. එමෙන්ම ඒවා Edit කර නැවත Google Drive එක වෙත අප්ලෝඩ් කල හැක. ඔබට ආගන්තුක පරිගනකයක් තුල Google Drive ස්ථාපිත කරගත නොහැකිනම් ඔබට Google Drive වෙත පිවිසිය යුත්තේ අන්තර්ජාලය හරහාය. ඒ සදහා drive.google.com යන වෙබ් ලිපිනයට පිවිස ගූගල් එකවුන්ට් එක වෙත sign  in වීමෙන් තමන්ගේ Google Drive එකවුන්ට් එක තුලට ඇතුලු විය හැක.එවිට ඔබ අප්ලෝඩ් කල ෆයිල් එය තුල දැකගත හැක. එම ෆයිල් ෆෝමැට් එක ගූගල් සහය දක්වයි නම් එය ක්ලික් කර විවෘත කර බැලිය හැකිය. ගූගල් සමාගමේ මෙම නවතම හදුන්වාදීම ඔබත් අත්හදා බලන්න. 5GB අකාරයේ Pen Drive එකක් ලෙස මෙය ඔබට දැනෙනු ඇත.

Monday, June 11, 2012

Twitter කුරුල්ලා අලුත් වෙයි!

ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවියක් වන Twitter පසුගියදා තම නිල ලාංඡනය වන ‘ලැරී‘ කුරුල්ලා සංශෝධනයකට ලක්කළේය. 2006 මාර්තු මස ආරම්භවුණු ට්විටර් ලැරී කුරුල්ලා හඳුන්වා දුන්නේ 2010 වසරේ දීය. ට්විටර් ලොවපුරා මිලියන 140ක පමණ පිරිසක් අතර ප්‍රචලිත වූයේ ඒ හුරුබුහුටි කුරුල්ලාත් සමගය. හිටිහැටියේම මෙසේ ට්විටර් කුරුල්ලා වෙනස් කිරීමට හේතුව ලෙස Twitterහි නිර්මාණ අධ්‍යක්‍ෂධූරය දරණ ඩෆ් බෝමන් ප්‍රකාශ කර සිටියේ- ට්විටර් හි නිලලාංඡනය වඩාත් සරල කිරීමේ අවශ්‍යතාවක් වූ බවයි.
"Larry was fatter, flew straighter, and had a tuft of hair on his head." (අපි ලැරී කිව්වෙ මහත, කෙළින් පියාඹපු, පොඩි කොණ්ඩයක් තිබ්බ කුරුල්ලෙක්ට)

"Larry the bird is now Larry the bald!" (ලැරී කුරුල්ලා දැන් තට්ට ලැරී!!) 
newmediarockstars අඩවිය අදහස් දැක්වීය.


‘අහසේ පියඹා යන කුරුල්ලා යනු අසීමිත නිදහසේ සංකේතයයි. ට්විටර්හි අරමුණ ලෝකප්‍රජාවට නිදහස උරුමකිරීමයි‘ - නව ලාංඡනය එළිදැක්වීමට සමගාමීව Twitter ප්‍රකාශයට පත්කළේය.




අසීමිත නිදහස කෙසේවෙතත් තවදුරටත් ට්විටර් ලාංඡනය නිදහසේ භාවිතාකිරීමට අවකාශ නැත. Twitter නිරූපණය කිරීමට මෙතෙක් යොදාගත් පැරණි ලැරී කුරුල්ලා, "twitter" වචනය හෝ "t" අක්‍ෂරය වෙනුවට නව ලැරී කුරුල්ලා පමණක් භාවිත කරන ලෙස Twitter නිවේදනය කළේය(Link). එමෙන්ම එහි පාට වෙනස්කිරීම, හැඩවැඩකිරීම, කැරකවීම, සජීවිකරණය කිරීම ආදිය කිසිවිටකත් නොකල යුතුවේ.




"Twitter කියන්නෙ ලැරී කුරුල්ලටයි. ලැරී කුරුල්ලා කියන්නෙ Twitter වලටයි. මේ දෙකේ කිසිම වෙනසක් මින්පසු නැහැ. ඒ නිසා ට්විටර් සලකුණ විකෘති කිරීම, වැරදි ලෙස භාවිතය නීතිමය වශයෙන් බරපතල වරදක්. ඒ නිසයි නව ට්විටර් සංකේතය භාවිත කළ/නොකළ යුතු ආකාර පිළිබඳ අපි ජනතාව දැනුවත් කරන්නෙ" - ඩෆ් බෝමන් මහතා වැඩිදුරටත් දන්වා සිටියේය.


නව සලකුණ එළිදැක්වීමත් සමග ඒ පිළිබඳ බොහෝ විවේචන එල්ල වුණා. "නව Twitter සලකුණ අංශක 90කින් කැරකවූ විට පෙනෙන්නේ ට්විටර් නොව; Batman, Sonic වැනි සලකුණු" යන්න මහත් ප්‍රසිද්ධියක් අත් කරගත්තා(ඉහත රූපපෙළින් දෙවැන්න නරඹන්න).


කෙසේවුවත් ට්විටර් දැන් වැඩුණු ආයතනයක් බව දැනවීමට මේ පියවර ගත්බව අපට අනුමාන කරන්ඩ පුළුවනි. නව වෙනසට ජනයා හුරුවෙන්නට හැරීමට කාලයක් ගතවීම ස්වභාවිකයි. ඒ හැරුණු කොට වෙනත් බලපෑම් කිරීම ට්විටර් ජනප්‍රියත්වයට හානිකර වියහැක. නමුත් විවිධ ස්වරූපයෙන් පෙනීසිටිනවාට වඩා නියමිත ස්වරූපයක් ගැනීම වඩාත් සුදුසුයි කියල Twitter හිතනව වගේ..

Wednesday, June 6, 2012

QR Code ගැන සියල්ල..

"ඉක්මන් ප්‍රතිචාර" යන තේරුමින් කිව් ආර් කෝඩ් (QR=Quick Response) ලෙස හැඳින්වෙන්නේ දත්ත ගබඩාකරණය සඳහා සැබෑ ලෝකයේදී යොදාගන්නා සම්මතයකි. එය අඩු ඉඩප්‍රමාණයක වැඩි දත්ත ප්‍රමාණයක් රැඳවීමට මෙන්ම එසේ නිරූපණය කළ දත්ත ක්‍ෂණයකින් විද්‍යුත් උපාංගයකින් පහසුවෙන් කියවාගත හැකි ක්‍රමවේදයකි. මෑතකාලීනව එහි ජනප්‍රියත්වය පුළුල් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ ජංගමදුරකතන තුලට QR කේත කියවීමේ පහසුකම ඇතුලත් වීමට පටන්ගැනීමය. පුවත්පත් දැන්වීමේ පටන් විලාසිතාව දක්වා ව්‍යාප්තවී ඇති QR කේතයේ පිහිටෙන් දැන් අන්තර්ජාලය ඇත්තේ අතේදුරකිනි. ඒ ඩිජිටල් ලෝකය වෙත අප වඩවඩාත් සමීපකරනා මෙවලමක් බවට පත්වෙමිනි.


විචිත්‍රවත් තිත් රටාවන් ලෙස දිස්වෙමින් බොහෝදෙනා අතර කුතුහලය දැනවීමට සමත් මෙම කේත පිළිබඳ වැඩිදුරටත් විමසාබලමු..


හැඳින්වීම

QR Code යනු ද්විමාන කේතකරණ සම්මතයකි. ලොව ප්‍රථමවතාවට QR කේත භාවිතයට ගැනුනේ 1994 වසරේදී ජපානයේ Toyota සමාගම විසිනි. ඒ තම නිෂ්පාදනාගාර තුල නිපැයෙන මෝටර්රථ යන්ත්‍ර මගින් එකිනෙක වෙන්කර හඳුනාගැනීමට සහ පරිපාලනය පහසුකිරීමටයි. මෙසේ කිවු ආර් කෝඩ් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ටොයෝටා සමාගම් ජාලයේ 'Denso Wave' සමාගමටයි.

මෙම ද්විමාන ස්වභාවය නිසා සාමාන්‍ය බාකෝඩ්(UPC Barcode) කේත වැනි තනිමානයක් දත්ත ගබඩාකරණ කේත තුල රඳවන දත්ත ප්‍රමාණය මෙන් කීපගුණයක දත්ත රඳවාගබාගැනීමට QR කේත සමත්කම් දක්වයි.

භාවිතයේ ඇති වෙනත් ද්විමාන කේතකරණ කීපයක්
  • PDF417
  • DataMatrix
  • Maxi Code

QR සලකුණ

සම්මත barcode මෙන්ම QR code ද එකිනෙක වෙන්කරගත හැකි වර්ණ 2කින් යුක්තය. පසුබිම් වර්ණය ලෙස සුදු වර්ණයද මුද්‍රණ තීන්තවල වර්ණය ලෙස කලු වර්ණයද බොහෝවිට යොදාගැනේ.


මොඩියුල(Modules)

QR සංකේතය සමචතුරස්‍රාකාර මුද්‍රණයකි. හොඳින් නිරීක්‍ෂණය කළවිට එය කුඩා සමචතුරස්‍ර ජාලයක් ලෙස පෙනේ. එම කුඩාම සමචතුරස්‍ර ඒකකය 'මොඩියුලය'ක්  ලෙස හැඳින්වේ. ඒවායින් සමහරක් තීන්තවලින් වර්ණගන්වා ඇති අතර අනෙක්වා පසුබිම් පැහැයෙන් දිස්වේ. QR code තුළ දත්ත ගබඩාකිරීමට භාවිතවන ප්‍රධානම ඒකක වන්නේ මේ මොඩියුලයි. එනම් එක් මොඩියුලයක් බිට් එකකට අනුරූපී වේ.
නමුත් මේවායින් සමහරක් දත්ත ගබඩා කිරීම වෙනුවට QR සලකුණේ ව්‍යූහය ගොඩනැගීම සඳහා යොදාගැනේ.


මොඩියුලවල විශාලත්වය

QR කේතකරණයේ භාවිතවන මොඩියුල වලට නියමිත විශාලත්වයක් නොමැත. වැදගත් වනුයේ පැහැදිලි සමචතුරස්‍රාකාර හැඩය සහ පැහැදිලිව හඳුනාගතහැකි බවයි. මුද්‍රණය කිරීමේදී මොඩියුලයක් සඳහා dots 16ක්, 25ක් හෝ 36ක් භාවිතයට ගැනීම නිර්දේශකර ඇත. එම නිසා මොඩියුලයේ විශාලත්වය මුද්‍රකයේ(ප්‍රින්ටරයේ) dpi(dots per inch) settings මත තීරණය වේ.

Codewords

දත්තගබඩාකරණය සඳහා යොදාගන්නා මොඩියුල 8 බැගින් යුක්ත වන සෘජුකෝණාස්‍රාකාර ප්‍රදේශ කෝඩ්වර්ඩ්ස් ලෙස හැඳින්වේ. එක් කෝඩ්වර්ඩ් එකක ධාරිතාව බයිට් 1කට සමානවේ.


Trackboxes

සලකුණේ  කෙලවරයන් තුනක පැහැගැන්වූ මොඩියුලයන් මගින් ගොඩනැගුණු තරමක් විශාල සමචතුරස්‍ර තුනක් සහ ඒ සමචතුරස්‍ර තුල තවත් කුඩා සමචතුරස්‍රය බැගින් දැකිය හැකිය. මෙම සමචතුරස්‍රාකාර ව්‍යූහයන් trackboxes ලෙස හැඳින්වේ.
එමෙන්ම ට්‍රැක්බොක්සස් යාවන පරිදි මුද්‍රණය කරඇති කඩඉරි දෙකක්ද දැකිය හැකි අතර ඒවායේ ද දත්ත ගබඩා නොකෙරේ. සෙසු පෙදෙස දත්ත ගබඩාකරණය සඳහා යොදාගැනේ.


Quiet Zone/නිහඩ කලාපය

QR සලකුණ වටා මොඩියුල 4ක පමණ හෝ ඊටත් වැඩි දුරක් විහිදෙන පෙදෙස quiet zone ලෙස හැඳින්වේ. මෙය QR කේතයේ පසුබිම් වර්ණයෙන් ඒකාකාරීව පැහැගන්වා ඇත. QR කේතය නිවැරදිව හඳුනාගැනීමේ පහසුව සඳහා මෙම පෙදෙස යොදා ඇත. (අනිවාර්ය නොවේ)


QR සංස්කරණ (Versions)

Version1
Version2
Version3
Version10
රඳවාගත හැකි දත්ත ප්‍රමාණය අනුව විවිධ QR සංස්කරණ 40කි. සංස්කරණය ඉහළයත්ම සංකේතයේ අඩංගු මොඩියුල ප්‍රමාණය වැඩිවේ. ඒසමගම දත්ත ධාරිතාවද, සංකේතයේ විශාලත්වයද ඉහළයයි.

ඉහළ සංස්කරණයන්හිදි සංකේතය නිවැරදිව ස්කෑන් කරගැනීමේ පහසුව සඳහා අමතර (කුඩා) trackboxes ඇතුලත්කෙරේ.

Version 1 QR සංකේතයේ පැත්තක දිග මොඩියුල 21කි. Version 2හිදි එය 25කි. එනම් වැඩිවන සෑම සංස්කරණයකටම පැත්තක දිග මොඩියුල 4 බැගින් වැඩිවේ.


දත්ත ගබඩාකරණය

කිව් ආර් කේතයක් තුල ගබඩාකළ හැකි ප්‍රධාන ආකාර 4කි. ඒවා නම්: සංඛ්‍යා(Numeric), සංඛ්‍යා හා ඉංග්‍රීසි අක්‍ෂර(Alphanumeric), කන්ජි සහ කනා(Kanji, Kana) ජපන් අක්‍ෂර, සහ බයිට්ස්(Bytes) යන වර්ග 4යි. මීට අමතරව URL ලිපින, හැඳුනුම්පත් දත්ත ඇතුලත් කල හැකි ලෙස ද සැකසිය හැක

භාවිතකරන QR සංස්කරණය මත ගබඩා කළහැකි දත්ත ප්‍රමාණය තීරණය වේ. දැනට භාවිත වන ඉහළම සංස්කරණයේ(version 40) ධාරිතා මෙසේය.

දත්ත වර්ගය
ධාරිතාව
අඩංගුකළ හැකි සංකේත
Numeric
7,089
(0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9)
Alphanumeric 
4,296
 (0–9, A–Z [කැපිටල් අක්‍ෂර පමණි], space, $, %, *, +, -, ., /, :) 
Binary/byte
 2,953 bytes  
(23624 bits) 
Kanji/Kana
1,817


විශේෂ ලක්‍ෂණ

1. ඕනෑම අතකට ස්කෑන් කිරීමේ අවකාශය

කුමන අතකට ස්කෑන් කිරීම සිදුකලද trackboxes වල පිහිටීම් උපකාරයෙන් QR සංකේතය නිවැරදි ලෙස කියවිය හැක.


2. දෝෂ ශෝධනය (Error correction)

මුද්‍රිත QR කේතයේ කොටසක් අපිරිසිදුවීම හෝ හානිවීම නිසා කියවිය නොහැකි තත්වයක් ඇතිවුවහොත් මුලු QR කේතයම භාවිතකල නොහැකි තත්වයක් ඇති විය හැක. මීට ප්‍රතිකර්මයක් ලෙස දෝෂ ශෝධන දත්ත එක්කර QR කේත මුද්‍රණය කෙරේ. එවිට එම අමතර දත්ත භාවිතයෙන් හානිවූ කොටස්වල දත්තයන් ප්‍රතිනිර්මාණය කරගත හැක. QR කේතවල දෝෂ ශෝධනය සඳහා Reed-Solomon ඇල්ගොරිතම භාවිතයට ගැනෙන අතර error correction levels 4ක් සපයා ඇත. වැඩි දෝෂ ශෝධන දත්ත ප්‍රමාණයක් එක්කලවිට වැඩි දත්ත ප්‍රමාණයක් ආවරණය කල හැකිවන අතරම ගබඩාකල හැකි දත්ත ප්‍රමාණය අඩුවීයයි.


නිර්මාණාත්මක කිව් ආර් සංකේත ගොඩනැගීම සඳහා දෝෂ ශෝධන හැකියාව යොදාගෙන ඇති අවස්ථා කීපයක්:
(සැරසිලි යෙදීම නිසා සලකුණේ දත්තයන් හානිවුවද ගැටලුවක් නොවන ලෙස ඉහළ දෝෂ ශෝධන මට්ටමක් භාවිත කර ඇත)

භාවිතයන්

ලේබල් කිරීමට(Labelling)

උපාංග, ද්‍රව්‍ය ආදි භෞතික දේවල් ලේබල් කිරීමේදී විශාල දත්ත ප්‍රමාණයක් කුඩා ඉඩක රඳවාගැනීමට අවකාශ සැලසේ. බැලුබැල්මට තේරුම්ගත නොහැකි නමුත් ස්කෑන් කිරීම මගින් ක්‍ෂණයකින් කියවාගැනීමට හෝ උපාංගයකට ක්‍ෂණයෙන් තොරතුරු ඇතුලත්කිරීමේ මාධ්‍යක් ලෙස භාවිතයට ගැනේ.


හාර්ඩ් ලින්කින්(Hardlinking)

වෙබ්අඩවි එකිනෙක හයිපර් ලින්ක්(Hyperlink) මගින් සම්බන්ධකරනවාක් මෙන්, භෞතික වස්තුවක් මෘදුකාංගමය(වෙබ්අඩවියක් වැනි) දෙයක් සමග සම්බන්ධකිරීමේ මාධ්‍යක් ලෙස


Advertising

කිවු ආර් කේතයක් කියවීමට සැලසවීම තුලින් යම් වෙබ්අඩවියක් වෙත ගෙනයාම වැනි වෙළඳ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට.


නිර්මාණශීලී ලෙස QR කෝඩ් භාවිත කර ඇති අවස්ථා කීපයක්: