
![]() | ![]() |
Jaap Haartson | Svan Mattison |
Bluetooth තාක්ෂණය සමහරක් වයර්ලස් තාක්ෂණයන්ගෙන් වෙනස් වන්නේ මෙම තාක්ෂණයට පෙර සදහන් කල පරිදිම එකවර විවිධ උපාංග 8 ක් අතර දත්ත හුවමාරු කරන්නට හැකිවීමත්, IR (අධොරක්ත) වලදී මෙන් උපාංග කිට්ටු කර එක එල්ලේ තැබීම අනවශ්‍ය නිසාත්, මීටර සියයක පමණ වපසරියක් ඇතුලත ඹ්නෑම තැනක ඇති උපාංගයක් සමග අනෙක් උපාංගයට පහසුවෙන් සම්බන්ධ වීමට හැකි වීමත්, අඩු බල රේඩ්යෝ තරංග දත්ත සම්ප්‍රේශණය සදහා යොදා ගැනීමත් සහ අඩු බලශක්තියක් වැය කරමින් ප්‍රයෝජන ගන්නට හැකි වීමත් නිසාය.
Bluetooth තාක්ෂණයේදී යොදාගන්නේ 1 mW සිට 100 mW දක්වා වන ශක්ති වැය වීමක රේඩියෝ තරංගයන්ය. එය දුරකථන ඇමතුමකදී භාවිතා කරන 1W සිට 3W ශක්තියට වඩා 1000-3000 ගුණයක අඩු ප්‍රබලත්වයකි. Bluetooth ප්‍රබලතාව අනුව ජව කාණ්ඩ තුනක් හඳුන්වාදී ඇත.
කාණ්ඩය
|
සංඥා
ප්‍රබලතාව
|
ආවරණය
|
|
Class 1
|
100mW
|
20dBm
|
100m
|
Class 2
|
2.5mW
|
4dBm
|
10m
|
Class 3
|
1mW
|
0dBm
|
1m
|
ජාලකරණය සහා භාවිතාවන අනෙකුත් බොහෝ රැහැන් රහිත රේඩියෝ සම්ප්‍රේෂණ තාක්ෂණ මෙන්ම Bluetooth තාක්ෂණයද සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නේ ISM(Industrial Scientific Medical) රේඩියෝ තරංග කලාපයයි. මන්දයත් බොහෝරටවල බලපත් රහිතව භාවිත කළහැකි රේඩියෝ තරංග කලාපයක් වන බැවිනි. Bluetooth සන්නිවේදනයේදී FHSS [Frequency Hopping Spread Spectrum] තාක්ෂණය භාවිතයට ගැනේ. ඒ අනුව 2.4Ghz කලාපය තුල වෙන්කරගත් 1Mhz බැගින් වූ සංඛ්‍යාත නාලිකා 79ක් නිර්මාණය කර ඒවා අතර මාරු වෙමින් සන්නිවේදනය සිදුකෙරේ. මෙහිදී තත්පරයක් තුලදී 800වතාවක් නාලිකා අතර මාරුවෙනු ලැබේ. එමගින් එකම ප්‍රදේශයක පිහිටි විවිධ Bluetooth උපාංග අතර සන්නිවේදනයන් එකිනෙක බාධාවීමේ හැකියාව අවම කර ඇත. එමෙන්ම තෙවන පාර්ශවයකට මෙම සන්නිවේදනය වන තොරතුරු අහුලාගැනීමේ හැකියාවද අවම වී යයි.
මේ වන විට Bluetooth තාක්ෂණයේ සංස්කරණ 4ක් හඳුන්වා දී ඇත. දත්ත හුවමාරු වන වේගය පාරිසරික සාධක මෙන්ම භාවිතකෙරෙන Bluetooth සංස්කරණය මත ද රඳාපවතී. 1994 වර්ෂයේදී පැමිණි Bluetooth 1.0 සංස්කරණයේදී ලබාගත හැකි උපරිම දත්ත හුවමාරු වේගය 1 Mbps වුණි. 2004 වර්ෂයේදී පැමිණි Bluetooth 2.0 සංස්කරණයේදී එය 3 Mbps විය. 2009 දී පැමිණි Bluetooth 3.0 හි උපරිම දත්ත හුවමාරු වේගය 480 Mbps වේ. නවතම සංස්කරණය Bluetooth 4.0ය.
වර්තමානයේදී PAN(Personal Area Network) ජාල ගොඩනැගිමේදී Bluetooth තාක්ෂණය බහුලව භාවිතයට ගැනේ. Bluetooth හි මූලික අරමුණ වනුයේ ජංගම උපාංග අතර ජාලකරණයයි. ඒ අනුව එය සැලසුම්කර ඇත්තේ එම උපාංග වලට දැරිය හැකි තත්ව යටතේ ක්‍රියාකිරීමටයි. එනම් අඩු බලයකින් දිගු වේලාවක් වැඩි දත්ත ප්‍රමාණයක් සන්නිවේදනය කිරීමට අවකාශ සැලසීමයි. ඒ අනුව Bluetooth යනු WiFi වැනි ජවසම්පන්න සන්නිවේදන තාක්ෂනණයන්ට කිසිලෙසකින්වත් විකල්ප තාක්ෂණයක් නොවන බව මතකතබාගැනීම වටී.
Bluetooth සඳහා IEEE(Institute of Electrical and Electronic Engineering ) ආයතනයේ ප්රමිතිකරණය IEEE 802.15.1 වේ. Bluetooth තාක්ෂණය දියුණු කරමින් එහි අනාගතය ගැන තීරණය ගන්නේ Bluetooth තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නා සමාගම් වලින් ලැබෙන ආධාර මුදලින් යැපෙන, ලාභ නොලබන ආයතනයක් වන Bluetooth Special Interest Group ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනය Ericsson, IBM, Intel, Nokia සහ Toshiba යන සමාගම් විසින් පිහිටවනු ලැබුණි. මේ වන විට මෙම SIG ආයතනය සමග සම්බන්ධව Bluetooth තාක්ෂණයෙන් වැඩගන්නා සමාගම් ගණන 16000 කටත් අධිකය.
5 comments:
පාවිච්චි කලාට නම දැම්ම හැටි දැනගන හිටියේ නැ.ස්තූතියි දැනුවත් කලාට
හැමදාම පාවිච්චි කොරන එකේ නම දැන ගත්තේ අදනෙ...අදමයි ආවෙ මේ පැත්තේ...අයෙත් එන්නම් ඉතුරු ටිකත් කියවලම යන්න..
බොහොම ස්තුතියි අපිව දිරිමත් කළාට.
මෙම ලිපියෙන් ඔබ දැනුම ලබා ගැනීම පිළිබඳව අපි සතුටු වෙමු.
දිගටම අපත් සමඟ රැදී සිටින්න.
රොයිටර් සේවය මඟින් අලුත්ම ලිපි ලඟටම ගෙන්වාගන්න.
දැනුවත් කලාට තුති..... මෙම ලිපිය ඉතා වටිනා ලිපියක්....
පට්ට ලිපියක්නේ ග=ඩ් ලක් K.V
Comment එකක් දාන්න