අන්තර්ජාලයට සම්බන්ධවන පරිගණක අතුරින් ලොවපුරා පරිගණක ලක්‍ෂ 3කට පමණ ජූලි 9 වන දින පටන් අන්තර්ජාල පහසුකම් ඇහිරී යනු ඇතැයි පසුගිය මාසයේ දී නිවේදනයට පත්කෙරුණා(මෙතනින් කියවන්න). මේ පුවතත් සමග dnschanger ට්‍රොජන් වැඩසටහන් නැවතත් අවධානය යොමුකරගැනීමට සමත්වී තිබෙනවා. මේ dnschanger සම්ප්‍රදායේ මූලාරම්භය හා පරිණාමය පිළිබඳවයි.
හැඳින්වීම
DNSChanger ලෙස හැඳින්වෙන්නේ ට්‍රොජන් වැඩසටහන් කාණ්ඩයකි. එහි නමින් හැඟවෙන පරිදි Domain Name Server/System පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට උත්සාහදරණ හානිකර මෘදුකාංග පෙළකි.DNS ගැන යමක්
අන්තර්ජාලය භාවිතයේදී වෙබ් අවඩි සඳහා domain name භාවිතයට ගැනෙනවා. නමුත් ජාලය තුළ සත්‍යවශයෙන් භාවිත වන්නේ IP ලිපිනයන්ය. IP ලිපිනයන් මතක තබාගැනීමේ අපහසුව මගහරවා ගැනීමට ඩොමේන් නාම භාවිතයට ගැනෙනවා. DNS සේවාව මගින් කෙරෙනුයේ ඩොමේන් නාමයන්ට අදාල IP ලිපින ලබාදීමයි.මූලාරම්භය

මෙවැනි නවතම සංකල්පයක් සමග කලඑළි දුටු QHosts ට්‍රොජන් වැඩසටහනට ගොදුරු වූ පරිගණක සංඛ්‍යාව දහසක් පමණ වන බව වාර්තාවුණි. පැතිරයාම එතරම් විශාල නොවුනත් නව හානිකර වැඩසටහන් සම්ප්‍රදායකට මුලපුරමින් QHosts-1 මර්දනයට පත්විය. ඉන්පටන් QHosts පරම්පරාවක්ම ආරම්භවිය. ඉන් QHosts-113 මෑතකදී සොයාගැනුණු සංස්කරණයකි.
දෙවන පරම්පරාව
පරිගණකයේ hosts ෆයිලය වෙනස් කිරීම වෙනුවට පරිගණකය යොදාගන්නා DNS සර්වරයේ සම්මත IP ලිපිනය වෙනුවට ව්‍යාජ DNS සර්වරයක IP ලිපිනය ස්ථාපනය කිරීමට සමත් Zlob නමැති ට්‍රොජන් වැඩසටහනක් 2005 වසරේ දී හමුවිය. පරිශීලකයාට වඩාත් නොදැනෙන ආකාරයකට පරිගණක මෙහෙයුම් පද්ධතිය මුලා කිරීමට එය සමත්විය.තුන්වන පරම්පරාව

සිවුවන/නව පරම්පරාව
කිසිඳු settings වෙනස් කිරීමකින් තොරව එක් ආසාදිත පරිගණකයකින් මුලු ජාලයක්ම ගොදුරු කරගැනීමට සමත් Trojan.Flush.M නමැති හානිදායක වැඩසටහන 2011 දෙසැම්බරයේ දී Symantec සමාගම විසින් හඳුනාගැණින. ආසාදිත පරිගණකය තුල ක්‍රියාත්මක වෙමින් ජාලය තුල ව්‍යාජ DHCP සර්වරයක් ලෙස ක්‍රියාකරමින් සෙසු පරිගණක ව්‍යාජ DNS සර්වරයක් වෙත යොමුකිරීමට එය සමත්.
නිගමනය
මුදල් සෙවීමේ මගක් ලෙස විනාශකාරී වැඩසටහන් යොදාගැනීමෙන් ඉදිරියට තවතවත් හානිකර වැඩසටහන් අලුතින් නිර්මාණය වනු ඇත. එමෙන්ම ඒවා තාක්‍ෂණිකව වඩාත් දියුණු තත්වයකට පැමිණෙනු ඇත. ජාලකරණය ඉලක්ක කරගත් මෙවැනි වැඩසටහනක් එක් පරිගණකයකට ආසාදනය වීමෙන් සම්පූර්ණ ජාලයම පාවාදීම බරපතල තත්වයකි. මෙවැනි තත්වයන් හමුවේ කාලයක් තිස්සේ නොයෙක්දෙනා සිහිනමැවූ වයර්ලස් නිදහස නොබෝදිනයක නපුරු සිහිනයක් වනු ඇත්තේය.පිළියම

යම්කිසි අයුරකින් ඔබ ආසාදනයට ලක්වුවහොත් යාවත්කාලීන කරනලද ප්‍රතිවෛරස මෘදුකාංගයකින් ට්‍රොජන් වැඩසටහන ඉවත්කරගන්න. ඉන්පසු වෙනත් නිරෝගී පරිගණකයක් මගින් අදාල dnschanger වැඩසටහනෙන් කරන ලද වෙනස්කම් යථාතත්වයට පත්කිරීම සඳහා මෘදුකාංගයක් බාගතකර ඔබේ පරිගණකය තුළ ක්‍රියාත්මක කරවන්න. ඔබේ රවුටරයේ DNS සැකසුම පරික්‍ෂාකර නිවැරදි කරගන්න.
5 comments:
නියම ලිපියක්. නොදන්නා කරුණු බොහෝමයක් දැනගත්තා. ලිපි දෙකම එක වගේ හොඳයි.
ස්තූතියි....වැදගත් කරුනක්
ස්තුතියි!
Maru Post eka!!!!!
Wow........ Thanks for warning about this trojen....
Comment එකක් දාන්න