Thursday, March 20, 2014

ලෝක පැවැත්ම ගැන අනාවැකි කිවහැකි පරිගණකයක්

අද අප ලෝකයේ වෙන-කෙරෙන-දේවල් ගැන තොරතුරු කන්දරාවක් අන්තර්ජාලයේ තිබේ. විකිපීඩියා විශ්ව කෝෂය , ගූගල් මැප්ස් සේවය , ෆේස්බුක් වැනි සෝෂල් නෙට්වර්කින් සේවා යනාදී මේ තැන්වල තිබෙන්නේ කුමන තොරතුරු ද ?
මේ තොරතුරු මගින් නිරූපණය වන්නේ අද අප ජීවත් වන ලෝකයේ ස්වභාවයයි. මේ මගින් තොරතුරු පිළිවෙළකට තෝරා බේරා පිරිපහදු කොට ගත හොත් සමාජය වෙනස් වන රටාව තේරුම් ගත හැකි වන බව ෆෙඩරල්(Federal) තාක්ෂණ ආයතනයේ ආචාර්ය හෙල්බින්ග්(Helbing) පවසයි. මොහු ෆියුචර් අයිසීටී(Future ICT) නම් වැඩසටහනේ ප්‍රධානියා වේ.

මොහුගේ මෙම වැඩසටහනට දී තිබෙන්නේ "සජීවී පොළෝ අනුකාරකය"(LES- Living Earth Simulator) නම් වේ."ලේස් " කියා එය කෙටියෙන් හඳුන්වයි. ලේස් වැඩසටහනේ පර්යේෂකයින් විසින් ගූගල් සර්ච් එන්ජිම , විකිපීඩියාව වැනි තොරතුරු දෙන මූලාශ්‍ර 70ක් දැන් හඳුනා ගෙන තිබේ. මෙම වැඩසටහනට තොරතුරු සැපයීම ඉතා බැරෑරුම් කාර්යයකි. දැනට ගූගල් සර්ච් එන්ජිම සතු තොරතුරු ප්‍රමාණය කිව හොත් 2010 වසර වන විට ගූගල් සර්ච් එන්ජිමේ තොරතුරු තිබුණේ සර්වර් පරිගණක 39000කය. මාසයක කාලයක දී ගූගල් සර්ච් එන්ජිමෙන් සපයනු ලබන තොරතුරු වල ප්‍රමාණය සීඩී(CD) දෙකෝටියක රඳවන්නට පුළුවන.

කෙසේ වෙතත් මේ සියල්ල සපුරා ලේස් වැඩසටහන තැනූ විට ආචාර්ය හෙල් බින්ග් පවසන්නේ ඉදිරියේ දී එන්නට තිබෙන සුළි සුළං , වැසි වර්ෂා , සාගත-වසංගත යනාදී සියලු දේ කලින් ම දැනගන්නට පුළුවන් වනු ඇති බවය. ඊට අමතරව කැරළි කෝලාහල , ආර්ථික අවපාත වැනි සමාජ විද්‍යාත්මක සිදුවීම් ද කලින් දැනගන්නට පුළුවන් වනු ඇති බවය. තවද ඒවා වළක්වා ගන්නට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද කියාත් "සජීවී පොළෝ අනුකාරක" පද්ධතියෙන්(LES Programme) දැනගන්නට පුළුවන් බව පවසයි.

2 comments:

චිත්‍රපටි වලින් අපි දකින ලෝකය දැන් හැබෑ වෙනවා වගේ...!
අතාරින්න එපා, දිගටම ලියමු,

ඇත්තටම ඵ්ක ඉදිරියේදී වෙන්නත් පුළුවන්... ඔබගේ ප්‍රතිචාරයට ගොඩක් ස්තූතයි..අපි මේක දිගටම ලියනවා..අපත් සමග රැදී සිටින්න...

Comment එකක් දාන්න