දිගින් දිගට ඡංගම දුරකථන පාවිච්චි කළොත් මොළයේ ගෙඩි හැදෙන්නට පුළුවන් බව කලක් තිස්සේ සංවාදයට බදුන් වූ මතවාදයකි. මෙම ගෙඩි හෙවත් tumors හැදෙන්නට ජංගම දුරකථන පාවිච්චිය කිසිසේත්ම බලපාන්නේ නැති බව ඩෙන්මාර්කයේ වැන්ඩබිල්ට්(Vandebilt) විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය ඡෝන් බොයිස් ඇතුළු පිරිස පෙන්වා දී තිබේ.
මේ තත්ත්වය කෙසේ නමුත් ජංගම දුරකථනයක් දිගු කාලයක් තිස්සේ පාවිච්චි කිරීමෙන් කිසිම සෞඛ්‍ය හානියක් වෙන්නේ නැතැයි මින් ප්‍රකාශ කළ නොහැක. පසුගිය මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ජංගම දුරකථනය "පිළිකාකාරක උපකරණයක්" ලෙසය. ඒ කෙසේ වෙතත් ඇමරිකානු වෛද්‍ය සංගමය පවසන්නේ ජංගම දුරකථන ක්‍රියාත්මක වන විට මොළයේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්වන බවත් පිළිකා සෛල වැඩෙන විට මොළයේ ග්ලූකොස් මට්ටම ඉහළ යන්නාක් මෙන් ඡංගම දුරකථන පාවිච්චි කරන විටද මොළයේ ග්ලූකොස් මට්ටම ඉහළ යන බවත්ය.
ජංගම දුරකථනයකින් කතා කරන විට ඉන් නික්මෙන රේඩියෝ තරංග වල ශක්තියෙන් වැඩි පංගුවක් මොලයට උරා ගනී .එම ප්‍රමාණය කිලෝග්‍රෑමයක් සදහා වොට් දෙකකට වඩා වැඩි නම් එයින් මොලයට හානි විය හැක.
Home



About








වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාලම යන්න. ඔබේ අදහස්, අවවාද, තර්ක අපිට ගොඩක් වටිනවා.
Comment එකක් දාන්න