Monday, April 13, 2015

එන්හැන්සෝ සිස්ටම් ක්ලීනිං!

          වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන විට නිතර නිතර එය නඩත්තු කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. එසේම කාලයත් සමඟ ගොඩගැසෙන තාවකාලික ෆයිල්, Windows Registry  යේ  ඇති වන වෙනස්කම් නොදැනුවත්ව අන්තර්ජාලයෙන් download වන යම් යම් programs, startup items වශයෙන් තිබීම යන ආදී කාරණා නිසා පරිගනකය මන්දගාමී වෙයි. මෙම මන්දගාමී වීම නවත්වා Operating System එක උපරිම වේගයෙන් ක්‍රියාත්මක කරවීම පිණිස Hard Disk CleanUp කිරීම මෙන්ම Hard Disk එක defrag කිරීම කරයි. මෙම වැඩ කර ගැනීමට Operating System මගින් සපයන System tools වලට වඩා හොදින් ක්‍රියාත්මක කල හැකි නොයෙක් tools එක් කර තැනූ programs බොහොමයක් ඇත. Enhanso Pro යනු එවැනි වැඩසටහන් අතරින් ඉතාමත් ජනප්‍රිය එකකි. Enhanso Pro වැඩසටහන සකස් කර ඇත්තේ නිතර අවශ්‍ය වන විවිධ Utility programs රාශියකිනි. Hard Disk එක defrag කිරීම හා  Hard Disk CleanUp කිරීම ඉතාමත් පහසුය. එපමණක් නොව පරිගනක පද්ධතියේ ඇති processer, HDD මෙන්ම Motherboard හි සිදුවන තාක්ෂණික තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි ඉතා හොඳ මෘදුකාංගකි.


මෙම නොමිලේ දෙන මෘදුකාංගය ඔබට http://www.seriousbit.com/ යන වෙබ් අඩවියෙන් නොමිලේ download කරගත හැකිය.  
Source :  Cnet/news     

                          

1 comments:

Comment එකක් දාන්න