
මින්පෙර නිකුත්කරණ ලද මෙහෙයුම් පද්ධති මෙන් නොව Windows 8 නිමවා තිබෙන්නේ desktop, laptop, tablet, smartphone යනාදී සියළු පරිගණක මෙවලම් මත ධාවනය කළහැකි පොදු මෙහෙයුම් පද්ධතියක් ලෙසය.
නව මෙහෙයුම් පද්ධතියේ විශේෂාංග කීපයක්..
- Windows 7 මත ක්රියාත්මක වන සියලු යෙදුම් මෘදුකාංග Windows 8 පද්ධතිය මත ද ක්රියාකරයි.
- Metro UI(User Interface) - ස්පර්ශකසංවේදී තිර තාක්ෂණය මත පදනම් වූ අතුරු මුහුණතකි. වෙබ්/ක්ලවුඩ් ප්රවණතාවයන් මත ගොඩනැග්රණු බව සඳහන්ය.
- පද්ධති ප්රවේශණ කාලය තත්පර 10කටත් වඩා අඩුවීම
- මෙහෙයුම් පද්ධතිය මගින් භාවිතවන RAM මතක ප්රමාණය 210MB පමණ වන ලෙස අඩුකර තිබීම
- File copy වින්ඩෝව නවීකරණය වී ඇත
- iso ගොනු සඳහා සහාය සමග Windows Explorer තුළට ribbon මුහුණතක් එක්කර තිබීම
- Security updates පිළිබඳ දැනුම්දීම් login screen එකේ දකුණු පස යටින් පමණක් පෙන්නුම් කරයි
- වැඩිදියුණු කරන ලද Task Manager. applications තිරයේ දිස්නොවන විට Task Manager මගින් suspend(තාවකාලිකව අක්රිය) කිරීමේ හැකියාව
- පද්ධතිය අලුතින් ස්ථාපනය කිරීම වෙනුවට "Reset PC" පහසුකම(Windows 8 අලුතින් install කළා හා සමාන තත්වයකට පද්ධතිය ගෙන ඒමට)
- පද්ධතියේ සැකැස්ම(Settings) ප්රතිපිහිටුවීමට සඳහා "Refresh PC" පහසුකම.
- මෙහෙයුම් පද්ධතියට අන්තර්ගතකරන ලද HyperV Virtualization මෘදුකාංගය. (වෙනත් Operating Systems Windows 8 තුලදී ධාවනය කිරීම සඳහා)
- වැඩිදියුණු කරන ලද multi-monitor සහාය සහ පහසුකම්
- Internet Explorer 10 සඳහා multi-touch සහාය
- වැඩිදියුණු කරන ලද Windows Magnifier උපයෝගීතා යෙදුම
- Cloud apps සඳහා වෙන්කර ඇති SkyDrive ගබඩාකරණ අවකාශය
- උපාංග සඳහා syncing පහසුකම්
- මෘදුකාංග download කර ගැනීම සඳහා Windows store සහාය
- NFC රැහැන්රහිත සන්නිවේදන සහාය
- මෙහෙයුම් පද්ධතිය සඳහා ප්රති වෛරස උපයෝගීතා මෘදුකාංගයක්
- ටැබ්ලට් පරිගණක සඳහා ජනප්රිය ARM processor සඳහා සහාය
- Picture password පහසුකම.(ඡායාරූපයක්, පින්තූරයක් රහස්පදයක් සේ භාවිතා කිරීමේ හැකියාව)
![]() |
Metro User Interface |
